"ආටිචෝක්" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('ආටිවෝක් නමින් හැඳින්වෙන ශාක විශේෂ දෙකකි. මේ වි...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | ආටිවෝක් නමින් හැඳින්වෙන ශාක විශේෂ දෙකකි. මේ විශේෂ දෙක ම ආහාර ශාක වශයෙන් වවනු ලැබේ. | + | [[ගොනුව:2-454.jpg|right|400px]]ආටිවෝක් නමින් හැඳින්වෙන ශාක විශේෂ දෙකකි. මේ විශේෂ දෙක ම ආහාර ශාක වශයෙන් වවනු ලැබේ. |
ජෙරුසලම් ආටිචෝක් (හෙලිඅන්තුස් ටුබෙ රෝසුස් Helianthus tuberosus L.) අඩි 3 සිට 6 දක්වා උසට වැඩේ. එහි කොළ අඟල් 3 සිට 6 දක්වා දිගය ; ලන්සාකාරය ; තරමක් බූ සහිතය. කොළ අග්රය තීව්ර (acute)ය. කොළ දාරය කරපත්රික (serrate)ය. අඟල් 2 සිට 3 දක්වා පළල් වූ පුෂ්පමංජරිවල මල් හට ගනී. මේ ශීර්ෂකවල අංශු පුෂ්පිකා (ray florets) ළා කහපාටය. මණ්ඩල පුෂ්පිකා ද (dise florets) කහපාටය. | ජෙරුසලම් ආටිචෝක් (හෙලිඅන්තුස් ටුබෙ රෝසුස් Helianthus tuberosus L.) අඩි 3 සිට 6 දක්වා උසට වැඩේ. එහි කොළ අඟල් 3 සිට 6 දක්වා දිගය ; ලන්සාකාරය ; තරමක් බූ සහිතය. කොළ අග්රය තීව්ර (acute)ය. කොළ දාරය කරපත්රික (serrate)ය. අඟල් 2 සිට 3 දක්වා පළල් වූ පුෂ්පමංජරිවල මල් හට ගනී. මේ ශීර්ෂකවල අංශු පුෂ්පිකා (ray florets) ළා කහපාටය. මණ්ඩල පුෂ්පිකා ද (dise florets) කහපාටය. | ||
12:08, 3 ජූලි 2025 තෙක් සංශෝධනය
ආටිවෝක් නමින් හැඳින්වෙන ශාක විශේෂ දෙකකි. මේ විශේෂ දෙක ම ආහාර ශාක වශයෙන් වවනු ලැබේ.ජෙරුසලම් ආටිචෝක් (හෙලිඅන්තුස් ටුබෙ රෝසුස් Helianthus tuberosus L.) අඩි 3 සිට 6 දක්වා උසට වැඩේ. එහි කොළ අඟල් 3 සිට 6 දක්වා දිගය ; ලන්සාකාරය ; තරමක් බූ සහිතය. කොළ අග්රය තීව්ර (acute)ය. කොළ දාරය කරපත්රික (serrate)ය. අඟල් 2 සිට 3 දක්වා පළල් වූ පුෂ්පමංජරිවල මල් හට ගනී. මේ ශීර්ෂකවල අංශු පුෂ්පිකා (ray florets) ළා කහපාටය. මණ්ඩල පුෂ්පිකා ද (dise florets) කහපාටය.
ජෙරුසලම් ආටිචෝක්වල පොළොව යට පිහිටි කඳෙහි හටගන්නා ආකන්ද අනර්ඝ ආහාරයකි. එහෙත් බොහෝ දෙනා ඒවාට වැඩි රුචියක් නොදක්වති. ආකන්දයේ සංචිත ආහාරවල ප්රධාන වශයෙන් අඩංගු වන්නේ ඉනියුලින් ය. (බ.)
අනික් ආටිචෝක් විශේෂය වන ග්ලෝබ් ආටීචෝක් (සිනාරා ස්කොලිමුස් - Cynara scolymus L.) ශක්තිමත් බහුවාර්ෂිකයකි. එහි කොළ තරමක් ලොකුය; කටු සහිතය. මේ ශාකයේ ජන්ම භූමිය දකුණු යුරෝපය හා උතුරු අප්රිකාවය. මේ විශේෂයේ ආහාර වශයෙන් ගන්නේ ළපටි පුෂ්පමංජරියේ මෘදු මාංසල ග්රාහය හා නිපත්ර වලයයි. ආටිචෝක් විශේෂ දෙක ම කොම්පොසිටෙ (බ.) කුලයට අයත්ය.
(සංස්කරණය: 1965)
