"ආටිසියානු ළිඳ" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('මේ වූකලි පොළොව යට ඇති ජලය ස්වාභාවික පීඩනයේ බලය...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| (නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්) | |||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | මේ වූකලි පොළොව යට ඇති ජලය ස්වාභාවික පීඩනයේ බලයෙන් මතු පිටට ගෙන්වා දෙන ළිං වර්ගයකි. | + | [[ගොනුව:2-460-2.jpg|300px|right]]මේ වූකලි පොළොව යට ඇති ජලය ස්වාභාවික පීඩනයේ බලයෙන් මතු පිටට ගෙන්වා දෙන ළිං වර්ගයකි. |
තෙත් හෝ වියළි සෘතූන්ටද අභ්‍යන්තර භූමි නිර්මාණයට ද ස්වාභාවික හා අස්වාභාවික අනික් හේතූන්ට ද අනුව සෑදී ඇති භූකලාපයක් පොළොවයට නොයෙක් මට්ටම්වල පිහිටා තිබේ. මේ කලාපය පවතින්නේ වැඩි වශයෙන් පොළොව ඇතුළට ගිලා බස්නා වර්ෂා ජලයෙන් සන්තෘප්තවය. එම ජලයට භූජලය (ground water) යයි කියනු ලැබේ. සිදුරු සහිත වූද බෑවුමට පිහිටියා වූ ද පස් තට්ටු (aquifers) මැදින් භූජලය උස් ප්‍රදේශවල සිට පහත් ප්‍රදේශ කරා ගමන් කරයි. මෙසේ ගමන් කරන භූජලය ඇතැම් විට කිසි යම් තැනක මහත් පීඩනයක් සහිතව එකතු වෙයි. එසේ එකතු වී මහත් ජලස්කන්ධයක් වූ කල විදින කටුවකින් පස සිදුරු කළ හොත් යට තිබෙන එම ජලය පීඩනයේ බලයෙන් ඉහළට පැන නඟී. එබඳු ජල උපතකට ආටිසියානු ළිඳක් යයි කියනු ලැබේ. | තෙත් හෝ වියළි සෘතූන්ටද අභ්‍යන්තර භූමි නිර්මාණයට ද ස්වාභාවික හා අස්වාභාවික අනික් හේතූන්ට ද අනුව සෑදී ඇති භූකලාපයක් පොළොවයට නොයෙක් මට්ටම්වල පිහිටා තිබේ. මේ කලාපය පවතින්නේ වැඩි වශයෙන් පොළොව ඇතුළට ගිලා බස්නා වර්ෂා ජලයෙන් සන්තෘප්තවය. එම ජලයට භූජලය (ground water) යයි කියනු ලැබේ. සිදුරු සහිත වූද බෑවුමට පිහිටියා වූ ද පස් තට්ටු (aquifers) මැදින් භූජලය උස් ප්‍රදේශවල සිට පහත් ප්‍රදේශ කරා ගමන් කරයි. මෙසේ ගමන් කරන භූජලය ඇතැම් විට කිසි යම් තැනක මහත් පීඩනයක් සහිතව එකතු වෙයි. එසේ එකතු වී මහත් ජලස්කන්ධයක් වූ කල විදින කටුවකින් පස සිදුරු කළ හොත් යට තිබෙන එම ජලය පීඩනයේ බලයෙන් ඉහළට පැන නඟී. එබඳු ජල උපතකට ආටිසියානු ළිඳක් යයි කියනු ලැබේ. | ||
13:09, 3 ජූලි 2025 වන විට නවතම සංශෝධනය
මේ වූකලි පොළොව යට ඇති ජලය ස්වාභාවික පීඩනයේ බලයෙන් මතු පිටට ගෙන්වා දෙන ළිං වර්ගයකි.තෙත් හෝ වියළි සෘතූන්ටද අභ්‍යන්තර භූමි නිර්මාණයට ද ස්වාභාවික හා අස්වාභාවික අනික් හේතූන්ට ද අනුව සෑදී ඇති භූකලාපයක් පොළොවයට නොයෙක් මට්ටම්වල පිහිටා තිබේ. මේ කලාපය පවතින්නේ වැඩි වශයෙන් පොළොව ඇතුළට ගිලා බස්නා වර්ෂා ජලයෙන් සන්තෘප්තවය. එම ජලයට භූජලය (ground water) යයි කියනු ලැබේ. සිදුරු සහිත වූද බෑවුමට පිහිටියා වූ ද පස් තට්ටු (aquifers) මැදින් භූජලය උස් ප්‍රදේශවල සිට පහත් ප්‍රදේශ කරා ගමන් කරයි. මෙසේ ගමන් කරන භූජලය ඇතැම් විට කිසි යම් තැනක මහත් පීඩනයක් සහිතව එකතු වෙයි. එසේ එකතු වී මහත් ජලස්කන්ධයක් වූ කල විදින කටුවකින් පස සිදුරු කළ හොත් යට තිබෙන එම ජලය පීඩනයේ බලයෙන් ඉහළට පැන නඟී. එබඳු ජල උපතකට ආටිසියානු ළිඳක් යයි කියනු ලැබේ.
ඒ නාමය එසේ යොදා ඇත්තේ ප්‍රංසයේ ආර්ථවා (Artois) නමැති ප්‍රදේශයේ මෙවැනි ළිං බහුල හෙයිනි. එක්සත් ජනපදයේ අත්ලන්තික් මුහුදුබඩ තැන්න ආදි ලෝකයේ වෙනත් ප්‍රදේශවල ද ආසියානු ළිං සාදාගැනීමට යෝග්‍ය තත්වයක් පවති.
(සංස්කරණය: 1965)
