"ආටෙමිස්" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| (නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්) | |||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | [[ගොනුව:2-461.jpg]]ග්‍රීක දේව කථාවන්හි එන සුප්‍රකට දෙවඟනකි. ඈ සෙයුස් නම් මහදෙවියාගේත් ලීටෝ නමැති දෙවඟනගේත් දුවයි; ඇපොලෝගේ නිවුන් සොහොවුරියයි. ඩීලොස් දිවයිනෙහි දී ඇපොලෝ උපදින්නට දිනකට පෙර ඕටිජියා නම් ස්ථානයක දී ඇය උපන් බව කියනු ලැබේ. | + | [[ගොනුව:2-461.jpg|200px|right]]ග්‍රීක දේව කථාවන්හි එන සුප්‍රකට දෙවඟනකි. ඈ සෙයුස් නම් මහදෙවියාගේත් ලීටෝ නමැති දෙවඟනගේත් දුවයි; ඇපොලෝගේ නිවුන් සොහොවුරියයි. ඩීලොස් දිවයිනෙහි දී ඇපොලෝ උපදින්නට දිනකට පෙර ඕටිජියා නම් ස්ථානයක දී ඇය උපන් බව කියනු ලැබේ. |
දඩයක්කාර ආටෙමිස් වශයෙන් හුදු ග්‍රීක ලක්ෂණත් එපිසියානු ආටෙමිස් වශයෙන් ආසියාතිකයන්ගේ චිරන්තන ප්‍රකෘති දේවතාදුවට හෙවත් ජගන්මාතාවට ආවේණික වූ සමහර ලක්ෂණත් ආටෙමිස් දෙවඟන කෙරෙහි දක්නට ලැබේ. තැනින් තැන හැසිරෙමින් දඩයම් කිරීමෙන් ජීවත් වුණු ආදිකල්පික ගෝත්‍රීය ජනයන් විසින් පුදනු ලැබූ කිසියම් දෙවඟනක පිළිබඳ ඇදහීම් ක්‍රමයකින් දඩයක්කාර ආටෙමිස්ගේ ප්රභවය වීයයි සිතිය හැක. | දඩයක්කාර ආටෙමිස් වශයෙන් හුදු ග්‍රීක ලක්ෂණත් එපිසියානු ආටෙමිස් වශයෙන් ආසියාතිකයන්ගේ චිරන්තන ප්‍රකෘති දේවතාදුවට හෙවත් ජගන්මාතාවට ආවේණික වූ සමහර ලක්ෂණත් ආටෙමිස් දෙවඟන කෙරෙහි දක්නට ලැබේ. තැනින් තැන හැසිරෙමින් දඩයම් කිරීමෙන් ජීවත් වුණු ආදිකල්පික ගෝත්‍රීය ජනයන් විසින් පුදනු ලැබූ කිසියම් දෙවඟනක පිළිබඳ ඇදහීම් ක්‍රමයකින් දඩයක්කාර ආටෙමිස්ගේ ප්රභවය වීයයි සිතිය හැක. | ||
13:44, 3 ජූලි 2025 වන විට නවතම සංශෝධනය
ග්‍රීක දේව කථාවන්හි එන සුප්‍රකට දෙවඟනකි. ඈ සෙයුස් නම් මහදෙවියාගේත් ලීටෝ නමැති දෙවඟනගේත් දුවයි; ඇපොලෝගේ නිවුන් සොහොවුරියයි. ඩීලොස් දිවයිනෙහි දී ඇපොලෝ උපදින්නට දිනකට පෙර ඕටිජියා නම් ස්ථානයක දී ඇය උපන් බව කියනු ලැබේ.දඩයක්කාර ආටෙමිස් වශයෙන් හුදු ග්‍රීක ලක්ෂණත් එපිසියානු ආටෙමිස් වශයෙන් ආසියාතිකයන්ගේ චිරන්තන ප්‍රකෘති දේවතාදුවට හෙවත් ජගන්මාතාවට ආවේණික වූ සමහර ලක්ෂණත් ආටෙමිස් දෙවඟන කෙරෙහි දක්නට ලැබේ. තැනින් තැන හැසිරෙමින් දඩයම් කිරීමෙන් ජීවත් වුණු ආදිකල්පික ගෝත්‍රීය ජනයන් විසින් පුදනු ලැබූ කිසියම් දෙවඟනක පිළිබඳ ඇදහීම් ක්‍රමයකින් දඩයක්කාර ආටෙමිස්ගේ ප්රභවය වීයයි සිතිය හැක.
ආටෙමිස් ඩීලොස් දිවයිනෙහි උපන් බැවින් ඩීලියා නමින් ද හඳුන්වනු ලැබේ. පිබී යනු ඇයට තවත් නමකි. රෝමවරුන් ඇය හැඳින්වූයේ ඩයනා නමිනි. ඇයගේ පරිවාර කාන්තාවෝ හැමදෙන කන්යාවෝයි. ඔවුන්ගෙන් කවරතැනැත්තියක හෝ බඹසර ආරක්ෂා නොකළහොත් ඇයට තදින් දඬුවම් කිරීම ආටෙමිස්ගේ සිරිතයි.
පතිව්රතාව, විවාහය සහ ප්‍රසූතිය පිළිබඳ දෙවඟන වූ ආටෙමිස් තරුණ තරුණියන්ගේ ආරක්ෂක දෙවඟන ද වේ. ඇය ඇප්රාඩයිටීගේ බලයට (කාමාශාවට) අභියෝග කරන තරම් අනුභාව සම්පන්න ය. මනුෂ්‍යයන්ගේ මරණය නියම කරන්නී ද ආටෙමිස් ය. එහෙත් මිනිසා සුඛිත මුදිත බවට පමුණුවන්නී වශයෙන් ද සැලකෙන ඇය සමුද්‍ර යාත්‍රිකයන්ගේ දෙවඟන ද වෙයි. ඈ නාවිකයන්ට යහපත් කාලගුණය ලබා දෙන්නී ය.
ග්‍රීක ආටෙමිස් සාමාන්‍යයෙන් නිරූපණය කෙරෙන්නේ දුන්නක් අතින් ගෙන හියවුරක් දරා ගත් දඩයක්කාරියකගේ විලාසයෙනි. ආසියතික ජගන්මාතාව නිරූපණය කෙරෙන එපීසියානු ආටෙමිස් ප්රතිමාවෙහි පයෝධර රාශියක් වෙයි. මේ ප්‍රතිමාව ලෝකයේ පුදුම සතෙන් එකක් වශයෙන් ද සලකන ලදි.
ආටෙමිස් දෙවඟනට මිනිස් බිලි පවා දුන් බව ඉපිජනයියා පිළිබඳ මිථ්‍යා කථාවන්ගෙන් හෙළිවේ.
(සංස්කරණය: 1965)
