"ඇත්හොඬ" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(ඇත්සැටිය) (හෙලියොට්රෝපියුම් ඉන්ඩිකුම් - Heliotropium in...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
08:37, 8 ජූලි 2025 තෙක් සංශෝධනය
(ඇත්සැටිය) (හෙලියොට්රෝපියුම් ඉන්ඩිකුම් - Heliotropium indicum L.). අඩියක් දෙකක් පමණ උස ඇති වාර්ෂික පැළෑටියකි. එහි අඟල් 1 සිට 3 දක්වා දිග, බූව සහිත කොළ තිබේ. දික් වූ බහු-අක්ෂවල (cymes) දම් පාටට හුරු මල් රාශියක් දෙපේළියට සෑදේ. මල් මුකුටය නාලාකාරය. දලවලින් පැන නඟින රේණු පහක් තිබේ. ඵලය පාට දෙකකින් යුක්තය. එහි ඇට සතරක් තිබේ.
ඇත්හොඬ ලංකාවේ පාතරට ප්‍රදේශවල බහුලය. සාමාන්‍යයෙන් එය පාර දෙපැත්තේ වල් පැළෑටියක් ලෙස වැවේ. බොරජිනාසේ කුලයට අයත් මේ ශාකය සෑම නිවර්තන ප්‍රදේශයක ම හමු වේ.
ආයුර්වේද මතය
ඇත්හොඬ කොළ යුෂය පිළිකා රෝගවලට බෙහෙත් වශයෙන් ගනු ලැබේ. මුහුණේ සෑදෙන දද බිබිලි ආදිය ද යුෂය ඇතිල්ලීමෙන් සුව වේ.
(සංස්කරණය: 1967)