"ඉල්ල" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('[කලිකාපා ටෝමෙන්ටෝසා (Callicarpa tomentosa (L.) Murr.]. මධ්‍යම ප්‍ර...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
09:17, 17 ජූලි 2025 වන විට නවතම සංශෝධනය
[කලිකාපා ටෝමෙන්ටෝසා (Callicarpa tomentosa (L.) Murr.]. මධ්‍යම ප්‍රමාණයේ ගසක් වූ මෙය ලංකාවේ මුහුදු මට්ටමේ සිට අඩි 4000ක් පමණ උස් තෙත ප්‍රදේශය දක්වා බහුලය. දකුණු ඉන්දියාවේ ද එය වැවේ.
ඉල්ල ගසේ පොත්ත රළුය; අළු පාටය. පහසුවෙන් වෙන් කළ හැකි අළුපාට ලොම් වැනි බූවකින් ළපටි ශාඛා වැසී තිබේ. කොළ අඟල් 7ක් හෝ 8ක් පමණ දිගය. නිර්වෘන්ත මල් කක්ෂීය බහු-අක්ෂවල හටගනී. මල් මුකුටය රතු පාටට හුරු දම් පාටය. පරාගධානි ළා කහ පාටට හුරුය. ඵලය අඟල් 1/4ක් පමණ දිග දිලිසෙන කළු අෂ්ටිලයකි.
ඉල්ල පොත්ත හා කොළ මඳ සුවඳින් යුක්තය; තිත්තය. ඒවා තැම්බූ කල නානු හුඟක් සෑදේ. පොත්ත හා මුල් තම්බා සාදාගන්නා කසාය අක්මාවේ ඇති වන සමහර රෝගවලට පිළියමකි.
ඉල්ල ව'බෙනාසේ (Verbenaceae) කුලයට අයත් ශාකයකි.
ආයුර්වේද මතය
වනෞෂධ විශේෂයක් වූ ඉල්ල සාමාන්‍ය ඉල්ල ය, හකුරු ඉල්ල යයි දෙවර්ගයකි. ඉල්ල පොතු සර්ප විෂ වමනය කරවීමට හා සිකනල් විෂ පහකිරීමට ද වෙනත් ඖෂධවර්ග සමඟ යොදනු ලැබේ. හකුරු ඉල්ල කොළ කොටා මලවා බැඳීමෙන් නාග විෂ පහ වෙයි. පොළොං විෂට හා තෙලිස්සාගේ විෂට හකුරු ඉල්ල කොළ වෙනත් ඖෂධ වර්ග සමඟ කොටා මලවා බඳිනු ලැබේ.
(සංස්කරණය: 1970)