"ඉස්රාෆීල්" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('ඉස්ලාම් ධර්මයේ සඳහන් වන ශ්‍රේෂ්ඨ පන්තියේ දේව...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
10:26, 17 ජූලි 2025 වන විට නවතම සංශෝධනය
ඉස්ලාම් ධර්මයේ සඳහන් වන ශ්‍රේෂ්ඨ පන්තියේ දේවදූතයෙකි. විස්මයජනක විශාල ශරීරයකින් යුක්ත මොහු අවුරුදු තුනක් මහමත් නබීතුමාගේ සහකාරයා විය. මහමත්තුමාට අනාගතවක්තෘවරයකුගේ කටයුතු කිරීම පිණිස මූලික උපදෙස් දී ඔහු එහි යොදවන ලද්දේ ද ඉස්රාෆීල් විසිනි. ඉන්පසු මේ කාර්යය භාරගත් ගේබ්‍රියල් දේවදූතයා විසින් කුරාන් පොත ලිවීමට අවශ්‍ය ධර්මය ඔහුට හෙළි කරන ලදි. මළවුන්ගෙන් නැඟිටින දිනයේ දී පළමුවෙන් ම පුනර්ජීවනය ලබන්නේ ඉස්රාෆීල් යයි කියති. ඉන්පසු ඔහු යෙරුසලමේ ශුද්ධ පර්වත මස්තකයට නැඟ සංඥා කිරීමෙන් මළවුන් හැම දෙන ම නැඟිටින බව සඳහන් වේ.
(සංස්කරණය: 1970)