"ඉලෙයා" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(මෙගලොප්ස් සිප්‍රිනොයිඩේස් - Megalops cyprinoides Broussonet). සාම...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
12:08, 31 ජූලි 2025 වන විට නවතම සංශෝධනය
(මෙගලොප්ස් සිප්‍රිනොයිඩේස් - Megalops cyprinoides Broussonet). සාමාන්‍යයෙන් ගංගා මෝයවල ජීවත් වන අඩි 2ක් පමණ දිග මත්ස්‍යයෙකි. උගේ පිට අළු පාටය; දෙපැත්ත හා උදරය රිදී පාටය. ඉලෙයාගේ කොරපොතු මැනවින් විකසනය වී තිබේ. ඒවා ලොකුය, තදය, චක්‍රාකාරය (cycloid), ඉලෙයාට මේදස් (adipose) ඇස්පිය ඇත. උගේ ළය වරල් ද යුගල වශයෙන් නොයෙදුණු වරල් ද කහපාටය. ඌට ඇත්තේ ඒක පෘෂ්ඨීය වරලකි. පෘෂ්ඨීය වරලෙහි හා ගුද වරල්වල කටු නැත. පෘෂ්ඨීය වරලේ අන්තිම නාරටිය (ray) සූත්‍රිකාවක් මෙන් දික් වී ඇත.
ඉලෙයා අක්ටිනොප්ටෙරිගි (බ). උපවර්ගයෙහි ක්ලුපෙයිපෝමේස් (Clupeiformes) ගෝත්‍රයෙහි මෙගලොපිඩෙ කුලයට අයත්ය.
(සංස්කරණය: 1970)