"ආපසුමදු" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(පෙයඩේරියා ෆීටීඩා—Paederia foetida L). මෙය සිහින් ලතාවකි. (e...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්)
1 පේළිය: 1 පේළිය:
(පෙයඩේරියා ෆීටීඩා—Paederia foetida L). මෙය සිහින් ලතාවකි. (endshca L). මෙය පොඩි කළ විට දුගඳය. වැල සිනිඳුය. තරමක් තුනී වූ අඟල් 2 සිට 3 දක්වා දිග කොළ වෙයි. තුනට බෙදුණු උපපත්‍ර (stipules) ද ඇත. සිහින් බහු-අක්ෂවල දම්පාට මල් හටගනී. මණිය (calyx) ඝණ්ටාකාර (campanulate) ය, අතිශයින් දන්තුර (dentate) ය. මුකුටය (corolla ) පුනීලාකාරය. ඵලය අඟල් 1/2ක් පමණ වේ.
+
[[ගොනුව:2-540.jpg|left|200px]](පෙයඩේරියා ෆීටීඩා—Paederia foetida L). මෙය සිහින් ලතාවකි. (endshca L). මෙය පොඩි කළ විට දුගඳය. වැල සිනිඳුය. තරමක් තුනී වූ අඟල් 2 සිට 3 දක්වා දිග කොළ වෙයි. තුනට බෙදුණු උපපත්‍ර (stipules) ද ඇත. සිහින් බහු-අක්ෂවල දම්පාට මල් හටගනී. මණිය (calyx) ඝණ්ටාකාර (campanulate) ය, අතිශයින් දන්තුර (dentate) ය. මුකුටය (corolla ) පුනීලාකාරය. ඵලය අඟල් 1/2ක් පමණ වේ.
  
ඉන්දියාවේ ප්‍රදේශය, නැගෙනහිර හිමාලය, සියම, මලයානු දූපත්, බෝර්නියෝ යන ප්‍රදේශවල ආපසුමදු වැවේ. ආපසුමදු ලංකාවේ දුර්ලභය. ලංකාවේ සාමාන්‍යයෙන් දක්නට ලැබෙන ආපසු මදු කොන්වොල්වුලාසේ කුලයට අයත් මෙරෙමියා අන්ගුස්ටිෆෝලියා නමැති ලතාවකි. නියම ආපසුමදු රුබියාසේ කුලයට අයත්ය.  
 
11:05, 19 අගෝස්තු 2025 වන විට නවතම සංශෝධනය

2-540.jpg
(පෙයඩේරියා ෆීටීඩා—Paederia foetida L). මෙය සිහින් ලතාවකි. (endshca L). මෙය පොඩි කළ විට දුගඳය. වැල සිනිඳුය. තරමක් තුනී වූ අඟල් 2 සිට 3 දක්වා දිග කොළ වෙයි. තුනට බෙදුණු උපපත්‍ර (stipules) ද ඇත. සිහින් බහු-අක්ෂවල දම්පාට මල් හටගනී. මණිය (calyx) ඝණ්ටාකාර (campanulate) ය, අතිශයින් දන්තුර (dentate) ය. මුකුටය (corolla ) පුනීලාකාරය. ඵලය අඟල් 1/2ක් පමණ වේ.

ඉන්දියාවේ ප්‍රදේශය, නැගෙනහිර හිමාලය, සියම, මලයානු දූපත්, බෝර්නියෝ යන ප්‍රදේශවල ආපසුමදු වැවේ. ආපසුමදු ලංකාවේ දුර්ලභය. ලංකාවේ සාමාන්‍යයෙන් දක්නට ලැබෙන ආපසු මදු කොන්වොල්වුලාසේ කුලයට අයත් මෙරෙමියා අන්ගුස්ටිෆෝලියා නමැති ලතාවකි. නියම ආපසුමදු රුබියාසේ කුලයට අයත්ය.

ආයුර්වේද මතය

සකු බසින් ප්‍රසාරණී නමින් හැඳින්වෙන ආපසුමදු සුප්‍රසිද්ධ වනෞෂධයකි. එය තිත්ත රසය, ශුක්‍ර ජනකය, බලකාරකය. අධික වූ සෙම් නසයි. වාතරෝග චිකිත්සාවට අයත් ප්‍රසිද්ධ ඖෂධ යෝගවලට ආපසුමදු යොදනු ලැබේ. වාතරෝගයන්හි යොදනු ලබන ප්‍රසාරණී තෛලය ගුණදායී වෙයි. දේශීය චිකිත්සාවෙහි ද ආපසුමදු සහිත යෝග රාශියක් ඇත.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආපසුමදු&oldid=8598" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි