"ඊස්ට්‍රෝන්" හි සංශෝධන අතර වෙනස්කම්
චමිල ලියනගේ (කතාබහ | දායකත්ව) ('මෙය ලිංගික හෝර්මෝනයකි. ඔසප්වීම (oestrus) පෙලඹවීමට ද...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
චමිල ලියනගේ (කතාබහ | දායකත්ව) |
||
| 6 පේළිය: | 6 පේළිය: | ||
පළමුවෙන් ම සොයා ගත් ලිංගික හෝර්මෝනය ඊස්ට්‍රෝන්ය. ඊට පසු ඊස්ට්‍රියෝල් (oestriol) හා ඊස්ට්‍රඩයෝල් (oestradiol) නම් වූ වෙනත් ලිංගික හෝර්මෝන දෙකක් සොයා ගන්නා ලදී. ආර්තවාභාව (menopausal) ලක්ෂණ ඇති ස්ත්රීන්ට ප්‍රතිකාරයක් වශයෙන් බොහෝ විට ඊස්ට්‍රෝන් දෙනු ලැබේ. | පළමුවෙන් ම සොයා ගත් ලිංගික හෝර්මෝනය ඊස්ට්‍රෝන්ය. ඊට පසු ඊස්ට්‍රියෝල් (oestriol) හා ඊස්ට්‍රඩයෝල් (oestradiol) නම් වූ වෙනත් ලිංගික හෝර්මෝන දෙකක් සොයා ගන්නා ලදී. ආර්තවාභාව (menopausal) ලක්ෂණ ඇති ස්ත්රීන්ට ප්‍රතිකාරයක් වශයෙන් බොහෝ විට ඊස්ට්‍රෝන් දෙනු ලැබේ. | ||
| + | |||
| + | |||
| + | <!--Categories--> | ||
| + | <!--Interwiki--> | ||
| + | [[ප්‍රවර්ගය: ඊ]] | ||
14:58, 9 නොවැම්බර් 2016 තෙක් සංශෝධනය
මෙය ලිංගික හෝර්මෝනයකි. ඔසප්වීම (oestrus) පෙලඹවීමට ද ස්ත්රීන්ගේ ද්විතීයක ලක්ෂණ විකසනය කිරීමට ද මේ හෝර්මෝනයට හැකිය. ගර්භාශය චක්‍රය පාලනය කරන හෝර්මෝන තිබෙන බව දීර්ඝ කාලයක සිට ම දැනගෙන තිබිණි. එහෙත් 1919 වන තෙක් එයින් එකක් වත් වෙන්කොට සාදාගන්නට නොහැකි විය. ඒ වර්ෂයේ දි ඒ. ඇෆ්. ජේ. බූටෙනාන්ට් (Butenandt) හා ඊ. ඒ. ඩොයිසි (Doisy) වෙන වෙනම ඊස්ට්රොන් නමැති ලිංගික හෝර්මෝනය ගර්භිණීන්ගේ මූත්‍රයෙන් ලබාගන්නා ලදී. ගර්භිණීන්ගේ කලල බන්ධයෙහි (placenta) ද ඊස්ට්‍රෝන් තිබේ.
ඊස්ට්‍රෝන් සෑදෙන්නේ විශේෂයෙන් ම ස්ත්රීන්ගේ ඩිම්බධාරාවලය. එය කෙළින් ම රුධිර ධාරාවට ස්රාවය කරනු ලැබේ. කූප (follicles) උත්තේජනය කරන පිටියුටරි ගොනැඩොට්රොපින්වලින් ඊස්ට්‍රෝන් සෑදීම පාලනය කරනු ලැබේ. ඊස්ට්‍රෝන් සුදු ස්ඵටික ද්‍රව්‍යයකි. එහි අණුක සූත්‍රය C18H22O2 ය. එය කීටෝනයක් මෙන් ක්‍රියා කරයි. එහි එක් හයිඩ්රොක්සිල් කාණ්ඩයක් ඇත. මේ හයිඩ්රොක්සිල් කාණ්ඩය පිනෝලියය (phenolic). සින්ක් කුඩු සමඟ ඊස්ට්‍රෝන් ආසවනය කළ විට ක්රයිසීන් (chrysene) සෑදේ. මෙයින් පෙන්වන්නේ ඊස්ට්‍රෝන් හා ස්ටෙරොයිඩ (steroids) අතර සබඳකම් ඇති බවය. X-කිරණ විශ්ලේෂණයට ඊස්ට්‍රෝන් භාජන කළ විට එහි ස්ටෙරොයිඩ න්‍යෂ්ටිය ඇති බැව් දැක්වේ.
ඊස්ට්රෝන්වල විශේෂ ලක්ෂණය නම් ශාරීරික විකසනය හා සංසර්ගය පෙලඹවීමය. ඊස්ට්‍රෝන් ඇති කරන්නේ මානසික බලපෑම් පමණක් නොවේ. ස්ත්රීන්ගේ පයෝධරවල ද යූනික රෝමවල (public hairs) ද වර්ධනය වැනි නොයෙක් ශාරීරික විපර්යාසයන් ඊස්ට්‍රෝන් ඇති කරයි.
පළමුවෙන් ම සොයා ගත් ලිංගික හෝර්මෝනය ඊස්ට්‍රෝන්ය. ඊට පසු ඊස්ට්‍රියෝල් (oestriol) හා ඊස්ට්‍රඩයෝල් (oestradiol) නම් වූ වෙනත් ලිංගික හෝර්මෝන දෙකක් සොයා ගන්නා ලදී. ආර්තවාභාව (menopausal) ලක්ෂණ ඇති ස්ත්රීන්ට ප්‍රතිකාරයක් වශයෙන් බොහෝ විට ඊස්ට්‍රෝන් දෙනු ලැබේ.