"ආරුමුග නාවලර්" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| (නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්) | |||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | [[ගොනුව:2-610-2.jpg| | + | [[ගොනුව:2-610-2.jpg|200px|left]](1822–79). ලාංකික දෙමළ සාහිත්‍යධරයෙකි. යාපනයේ නල්ලූර්හි දී උපත ලැබුවේය. දෙමළ, සංස්කෘත, ඉංග්‍රීසි යන භාෂා හැදෑරූ හෙතෙම බයිබලය දෙමළ බසට පරිවර්තනය කිරීමේ දී ප’සිවල් පූජකතුමාට උපකාර විය. කලක් මදුරාසියේ කල් යැවූ හෙතෙම 1845 දී පෙරළා පැමිණ දෙමළ සාහිත්‍යය හා ශෛව සිද්ධාන්තය දියුණු කරලීම උදෙසා සෙසු ජීවිත කාලය ගත කෙළේය. ඔහු ස්වකීය දේශනාවලින් ශෛව සහ ක්‍රිස්තු භක්තිකයන්ගේ අන්ධ විශ්වාස සහ මිථ්‍යා ඇදහිලිවලට පහර දුන්නේය. මදුරාසියේ මුද්‍රණාලයක් ආරම්භ කොට කන්ද පුරාණම්, සේතු පුරාණම්, කුරල්, තෝල්කාප්පියම්, ඉලක්කනක් කොත්තු, ඉලක්කන විලක්කච්චුරාවලි ආදි පැරැණි ග්‍රන්ථ හැත්තෑවක් පමණ සංස්කරණය කොට ප්‍රකාශ කැරැවිය. හින්දු අධ්‍යාපනය කෙරෙහි ද සිය අවධානය යොමු කළ හෙතෙම පාසැල් පොත් රචනා කොට පාඨශාලා කීපයක් ද පිහිටු විය. කොටස් තුනකින් යුතු පාලපාඩම් නමැති පොත් පෙළ බෙහෙවින් ප්‍රචලිත වූ කෘතිය සේ සලකනු ලැබේ. ඒ අතර ම පෙරියපුරාණම් සහ චිදම්බර මාත්මියම් යන කෘති උසස් දෙමළ ගද්‍යයට නැඟුවේය. ගී සහ කාව්‍ය ගණනාවක් ද රචනා කෙළේය. ඔහුගේ අවසන් කෘතිය වූයේ දේවකෝට්ටායි පුරාණම් නමැති අසම්පූර්ණ කාව්‍ය ග්‍රන්ථයයි. ඔහු ඒ කාර්‍ය්‍යයෙහි යෙදී සිටිද්දී පරලෝසැපත් වූයේය. චතුර කථිකයකු ද සාහිත්‍යධරයකු ද ධනේශ්වරයකු ද වූ පොන්නුස්වාමි අයියර් ඔහුට නාවලර් තත්වය පිරිනැමීය. |
(සංස්කරණය: 1965) | (සංස්කරණය: 1965) | ||
16:11, 19 අගෝස්තු 2025 වන විට නවතම සංශෝධනය
(1822–79). ලාංකික දෙමළ සාහිත්‍යධරයෙකි. යාපනයේ නල්ලූර්හි දී උපත ලැබුවේය. දෙමළ, සංස්කෘත, ඉංග්‍රීසි යන භාෂා හැදෑරූ හෙතෙම බයිබලය දෙමළ බසට පරිවර්තනය කිරීමේ දී ප’සිවල් පූජකතුමාට උපකාර විය. කලක් මදුරාසියේ කල් යැවූ හෙතෙම 1845 දී පෙරළා පැමිණ දෙමළ සාහිත්‍යය හා ශෛව සිද්ධාන්තය දියුණු කරලීම උදෙසා සෙසු ජීවිත කාලය ගත කෙළේය. ඔහු ස්වකීය දේශනාවලින් ශෛව සහ ක්‍රිස්තු භක්තිකයන්ගේ අන්ධ විශ්වාස සහ මිථ්‍යා ඇදහිලිවලට පහර දුන්නේය. මදුරාසියේ මුද්‍රණාලයක් ආරම්භ කොට කන්ද පුරාණම්, සේතු පුරාණම්, කුරල්, තෝල්කාප්පියම්, ඉලක්කනක් කොත්තු, ඉලක්කන විලක්කච්චුරාවලි ආදි පැරැණි ග්‍රන්ථ හැත්තෑවක් පමණ සංස්කරණය කොට ප්‍රකාශ කැරැවිය. හින්දු අධ්‍යාපනය කෙරෙහි ද සිය අවධානය යොමු කළ හෙතෙම පාසැල් පොත් රචනා කොට පාඨශාලා කීපයක් ද පිහිටු විය. කොටස් තුනකින් යුතු පාලපාඩම් නමැති පොත් පෙළ බෙහෙවින් ප්‍රචලිත වූ කෘතිය සේ සලකනු ලැබේ. ඒ අතර ම පෙරියපුරාණම් සහ චිදම්බර මාත්මියම් යන කෘති උසස් දෙමළ ගද්‍යයට නැඟුවේය. ගී සහ කාව්‍ය ගණනාවක් ද රචනා කෙළේය. ඔහුගේ අවසන් කෘතිය වූයේ දේවකෝට්ටායි පුරාණම් නමැති අසම්පූර්ණ කාව්‍ය ග්‍රන්ථයයි. ඔහු ඒ කාර්‍ය්‍යයෙහි යෙදී සිටිද්දී පරලෝසැපත් වූයේය. චතුර කථිකයකු ද සාහිත්‍යධරයකු ද ධනේශ්වරයකු ද වූ පොන්නුස්වාමි අයියර් ඔහුට නාවලර් තත්වය පිරිනැමීය.(සංස්කරණය: 1965)
