"ආරූඪ චක්‍රය" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('මෙය ඉෂ්ටානිෂ්ට පද්‍ය බන්ධනය සඳහා අකාරාදි පඤ්...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| (නොපෙන්වන එම පරිශීලකයා මගින් අතරමැදි සංස්කරණ 2ක්) | |||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | මෙය ඉෂ්ටානිෂ්ට පද්‍ය බන්ධනය සඳහා අකාරාදි පඤ්චස්වරයන් හා රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු යන ග්‍රහයන් අටදෙන ද සම්බන්ධ කොට සකස් කර ගත් චක්‍රයකි. චක්‍ර නිර්මාණය මෙසේය: අටකොන් චක්‍රයක් ඇඳ එහි පූර්වාදි දිශාවන්හි ක්‍රමයෙන් රවි ආදි ග්‍රහයන් අට දෙනාගේ නම් හා අ. ඉ. අ. ඉ. උ. එ. ඔ. ඔ. යන ස්වර අට ද | + | [[ගොනුව:2-610-3.jpg|200px|right]]මෙය ඉෂ්ටානිෂ්ට පද්‍ය බන්ධනය සඳහා අකාරාදි පඤ්චස්වරයන් හා රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු යන ග්‍රහයන් අටදෙන ද සම්බන්ධ කොට සකස් කර ගත් චක්‍රයකි. චක්‍ර නිර්මාණය මෙසේය: අටකොන් චක්‍රයක් ඇඳ එහි පූර්වාදි දිශාවන්හි ක්‍රමයෙන් රවි ආදි ග්‍රහයන් අට දෙනාගේ නම් හා අ. ඉ. අ. ඉ. උ. එ. ඔ. ඔ. යන ස්වර අට ද පිහිටුවිය යුතුයි. මේ චක්‍රයෙහි එක් දිශාවක් ආශ්‍රිත ග්‍රහයාට හා ස්වරයට ඉන් පස්වන දිශාවෙහි වූ ග්‍රහයා හා ස්වරය විරුද්ධය. දෙවන දිශාවෙහි සිටි ග්‍රහයා හා ස්වරය මිත්‍රය. මීට ආරූඪ චක්‍රය යන නම දී තිබෙන්නේ ඉෂ්ටානිෂ්ට පද්‍ය බන්ධනයේ දී මිතුරාගේ හෝ සතුරාගේ නාමයේ උභය පාර්ශ්වයෙහි යොදනු ලබන මිත්‍ර හෝ ශත්‍රැ ස්වරූප ඇති ව්‍යඤ්ජනාක්ෂරයන්ට යථෝක්ත ස්වර සුදුසු පරිදි ආරූඪ කරන බැවිනි. සෙත්කවි ආදි ඉෂ්ට කාව්‍යකරණයෙහි දී කාව්‍යනායකයාගේ නාමස්වරය හිමි ග්‍රහයාට හෝ ඉන් දෙවන දිශාවෙහි සිටි ග්‍රහයාට හෝ අයිති ස්වරයක් නාමයේ උභයපාර්ශ්වයෙහි යොදනු ලබන ගාත්‍රාක්ෂරයන්ට ආරූඪ කළ යුතුයි. වස්කවි ආදි අනිෂ්ටපද්‍ය බන්ධනයේ දී පෙර කී පරිද්දෙන් ම ශත්‍රැ ස්වර යෙදිය යුතුයි. |
(සංස්කරණය: 1965) | (සංස්කරණය: 1965) | ||
| − | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: සිංහල සාහිත්‍යය]] |
| − | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: ආ]] |
16:14, 19 අගෝස්තු 2025 වන විට නවතම සංශෝධනය
මෙය ඉෂ්ටානිෂ්ට පද්‍ය බන්ධනය සඳහා අකාරාදි පඤ්චස්වරයන් හා රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු යන ග්‍රහයන් අටදෙන ද සම්බන්ධ කොට සකස් කර ගත් චක්‍රයකි. චක්‍ර නිර්මාණය මෙසේය: අටකොන් චක්‍රයක් ඇඳ එහි පූර්වාදි දිශාවන්හි ක්‍රමයෙන් රවි ආදි ග්‍රහයන් අට දෙනාගේ නම් හා අ. ඉ. අ. ඉ. උ. එ. ඔ. ඔ. යන ස්වර අට ද පිහිටුවිය යුතුයි. මේ චක්‍රයෙහි එක් දිශාවක් ආශ්‍රිත ග්‍රහයාට හා ස්වරයට ඉන් පස්වන දිශාවෙහි වූ ග්‍රහයා හා ස්වරය විරුද්ධය. දෙවන දිශාවෙහි සිටි ග්‍රහයා හා ස්වරය මිත්‍රය. මීට ආරූඪ චක්‍රය යන නම දී තිබෙන්නේ ඉෂ්ටානිෂ්ට පද්‍ය බන්ධනයේ දී මිතුරාගේ හෝ සතුරාගේ නාමයේ උභය පාර්ශ්වයෙහි යොදනු ලබන මිත්‍ර හෝ ශත්‍රැ ස්වරූප ඇති ව්‍යඤ්ජනාක්ෂරයන්ට යථෝක්ත ස්වර සුදුසු පරිදි ආරූඪ කරන බැවිනි. සෙත්කවි ආදි ඉෂ්ට කාව්‍යකරණයෙහි දී කාව්‍යනායකයාගේ නාමස්වරය හිමි ග්‍රහයාට හෝ ඉන් දෙවන දිශාවෙහි සිටි ග්‍රහයාට හෝ අයිති ස්වරයක් නාමයේ උභයපාර්ශ්වයෙහි යොදනු ලබන ගාත්‍රාක්ෂරයන්ට ආරූඪ කළ යුතුයි. වස්කවි ආදි අනිෂ්ටපද්‍ය බන්ධනයේ දී පෙර කී පරිද්දෙන් ම ශත්‍රැ ස්වර යෙදිය යුතුයි.(සංස්කරණය: 1965)
