"ජිනකාලමාලිනී" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
 
6 පේළිය: 6 පේළිය:
  
මේ කෘතිය ලිවීමේ දී මෙරට වංසකථා මෙන් ම තායිලන්තයෙහි වූ කෘති ඇසුරු කරන ලද බවට ද සාධක ඇත. මෙරට ස්ථාන හා පුද්ගල නාම සදොස් ලෙස දක්වා ඇති තැන් ද දක්නට ලැබේ. යටාලතිස්ස මෙහි ලංකාතිස්ස නම් වෙයි. ඔහු ඉපිද ඇත්තේ ද ලංකා නම් විහාරයේ දී ය. පාලි රචනයෙහි තරමක වියත් බවක් මෙහි පෙනේ. ආශ්චර්යාද්භූත ප‍්‍රවෘත්ති පිළිබඳ ප‍්‍රවාද මේ කෘතියෙහි බෙහෙවින් දක්නට ලැබෙයි. එසේ වුවත් තායිලන්තයේ පමණක් නොව මෙරටෙහි ද බුද්ධ ශාසනික තොරතුරුත් දෙරට අතර පැවති සංස්කෘතික සම්බන්ධතාත් අධ්‍යයනයේ දී මේ කෘතිය වැදගත් මූලාශ‍්‍රයක් වන බව පැහැදිලි ය.
 
 +
  
හර්බට් පතිරණ
 
හර්බට් පතිරණ

00:27, 1 සැප්තැම්බර් 2017 වන විට නවතම සංශෝධනය

ජිනකාලමාලිනී. බුදුරදුන් හා බුදු සසුන පිළිබඳ ඇතැම් වැදගත් සිදුවීම් විස්තර කිරීම පිණිස සියමෙහි (තායිලන්තයේ) විසූ රතනපඤ්ඤ නම් මහතෙරුන් විසින් ලියනු ලැබූ පාලි ග‍්‍රන්ථයකි. ජිනකාලය නම් ‘ගෞතම බුදුරදුන්ගේ බුදුබව පැතීමේ කාලය මුල් කොට පවතින ශාසන පරම්පරා කාලය’ යයි කතුවරයා ම සඳහන් කර ඇත. ඒ කාලය පිළිබඳ ‘මාලාව' යන තේරුම දීම පිණිස ‘ජිනකාලමාලිනී' යන්න යොදා ගත් බව පෙනී යයි.

ගද්‍යයෙන් මෙන් ම ඇතැම් තැන ගාථායෙන් යුතු ව ලියා ඇති මේ කෘතියෙහි කතුවරයා තායිලන්තයේ (පුරාණ) නබ්බිසි නුවර චියාවොයි අසල රත්තවන මහවෙහෙර වැඩ විසූ රතනපඤ්ඤ නම් තෙර නමකි. ඒ තෙර නම සිංහල යතිවරයන් එරට උපසම්පදාව ඇති කිරීමෙන් පිහිටුවාලූ සිංහල ගණයට (සිංහල ශාසන වංශය) අයත් වූවකු බව පෙනී යයි. ක‍්‍රි.ව. 1517 දී මේ පොත ලියන ලදැයි සලකනු ලැබේ.

බුදුබව සිතින් පැතීමේ සිට බෝසත් සිරිත, බුදුරදුන්ගේ ලංකා ගමනය, සංගායනා තුන, ශ‍්‍රී ලංකාවෙහි සසුන් පිහිටුවීම, මහසෙන් රජු දක්වා මෙරට වංසකථා ද දළදාව මෙරටට ගෙන ඒම, අටුවාචාරීන් පිළිබඳ තොරතුරු ද මෙහි සැකවින් දැක්වෙයි. ආදිත්‍යවංශ කථාව, දඹදෙණි දෙවන පරාක‍්‍රමබාහු සමයේ සියලූ ම සිංහල ප‍්‍රතිමා පිළිබඳ විස්තර, විශේෂයෙන් ක‍්‍රි.ව. 1424 දී සියම්, කාම්බෝජ, රාමඤ්ඤ යන රටවලින් පැමිණි සඟ පිරිසක් ශ‍්‍රී ලංකාවෙහි දී වනරතන හිමියන් වෙතින් උපසම්පදාව ලබාගෙන ඒ ඒ රටවලට ගොස් සිංහල උපසම්පදාව පිහිටුවීමේ පුවත, මෙරටින් ත‍්‍රිපිටකය හා පිළිමය ගෙන යෑමේ විත්තිය හා එරට ශාසන වංසකථාව ඇතුළු වෙනත් කරුණු ද මේ කෘතියෙන් දත හැකි ය. ක‍්‍රි.ව. 1424 දී මෙරටින් උපසම්පදාව ගෙන යාමෙන් සිංහල ශාසන වංශය ඇති වීම පිළිබඳ සිද්ධිය විස්තර කිරීම කතුවරයාගේ මුඛ්‍යාර්ථය වූ බව පෙනේ. කතුවරයා සිංහල රට හා සිංහල ශාසන වංශය කෙරෙහි මහත් ගෞරවයක් පළ කරයි.

මේ කෘතිය ලිවීමේ දී මෙරට වංසකථා මෙන් ම තායිලන්තයෙහි වූ කෘති ඇසුරු කරන ලද බවට ද සාධක ඇත. මෙරට ස්ථාන හා පුද්ගල නාම සදොස් ලෙස දක්වා ඇති තැන් ද දක්නට ලැබේ. යටාලතිස්ස මෙහි ලංකාතිස්ස නම් වෙයි. ඔහු ඉපිද ඇත්තේ ද ලංකා නම් විහාරයේ දී ය. පාලි රචනයෙහි තරමක වියත් බවක් මෙහි පෙනේ. ආශ්චර්යාද්භූත ප‍්‍රවෘත්ති පිළිබඳ ප‍්‍රවාද මේ කෘතියෙහි බෙහෙවින් දක්නට ලැබෙයි. එසේ වුවත් තායිලන්තයේ පමණක් නොව මෙරටෙහි ද බුද්ධ ශාසනික තොරතුරුත් දෙරට අතර පැවති සංස්කෘතික සම්බන්ධතාත් අධ්‍යයනයේ දී මේ කෘතිය වැදගත් මූලාශ‍්‍රයක් වන බව පැහැදිලි ය.

හර්බට් පතිරණ

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ජිනකාලමාලිනී&oldid=889" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි