"ඇන්ටිපයිරින්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(Antipyrine). ඖෂධයක් වශයෙන් භාවිතා කරනු ලබන මේ කාබනික...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

15:39, 25 අගෝස්තු 2025 වන විට නවතම සංශෝධනය

(Antipyrine). ඖෂධයක් වශයෙන් භාවිතා කරනු ලබන මේ කාබනික රසායන සංයෝගය ගල් අඟුරු තාර නිෂ්පාදිතයන්ගෙන් ලබාගත හැකිය. එහි රසායන සූත්‍රය C11 H12 ON2 වේ.

ඇන්ටිපයිරින් සාදනු ලබන්නේ එතිල් ඇසිටොඇසිටේට් සමග ෆෙනිල් හයිඩ්රසීන් සංඝනනය කිරීමෙන් (condensing) ලැබෙන ද්‍රව්‍යය (3-මෙතිල් 1-ෆෙනිල් පිරසෝල්-5-එක) ක්ෂාරීය එතනොලික ද්‍රාවණයෙහි වූ මෙතිල් අයඩයිඩ් සමඟ මෙතිල්කරණයෙනි (methylating). සෝඩියම් හයිඩ්රොක්සයිඩ්වල වූ මෙතිල් සල්පේට් ද මෙතිල්කරණය සඳහා උපයෝගි කොටගත හැකිය.

ඇන්ටිපයිරින් ස්ඵටික සුදුපාටය. එහි ද්‍රවාංකය සෙ. 114%ක් ද තාපාංකය සෙ. 319°ක් ද වේ. එය ජලයෙහිත් මද්‍යසාරයෙහිත් ද්‍රාව්‍යය. ඇන්ටිපයිරින් ප්‍රතිජ්වරක (antipyretic) ඖෂධයකි. එය ෆෙනසෙටින්වලට වඩා ශීඝ්‍රයෙන් ප්‍රතිජ්වරකයක් ලෙස ක්‍රියා කරයි. එහෙත් ඇන්ටිපයිරින් වඩා ධූලකය (toxic).

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇන්ටිපයිරින්&oldid=8955" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි