"ඇන්ටිලිස් දූපත්" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('බහමා දූපත් හැර සෙසු බටහිර ඉන්දියා දූපත්වලට සා...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
10:28, 26 අගෝස්තු 2025 වන විට නවතම සංශෝධනය
බහමා දූපත් හැර සෙසු බටහිර ඉන්දියා දූපත්වලට සාමූහික වශයෙන් භාවිතා කරන නාමයයි. පැරැණි යුරෝපීය පුරාවෘත්තවල ඇන්ටිලියා නම් දූපතක් ගැන සඳහන් වේ. 1424 දී අඳින ලද සිතියමක ද ඇන්ටිලියා නම් කල්පනාමාත්‍ර අත්ලන්තික් දූපත් සමූහයක් ලකුණු විය. 1493 දී අංගියෙරා නම් යාත්‍රිකයා ඇන්ටිලියා නාමය බටහිර ඉන්දියා දූපත්වලට යෙදීය. කියුබා, ජැමෙයිකා, හයිටි සහ ප්ව'ට රිකෝ දිවයින් මහා ඇන්ටිලිස් නමින් ද ප්ව'ට රිකෝ දිවයිනේ සිට දකුණු ඇමෙරිකාව දක්වා කැරිබියානු මුහුදේ විසිරී ඇති සෙසු කොදිව් සමූහය කුඩා ඇන්ටිලිස් හෙවත් කැරිබියානු දූපත් නමින් ද හඳුන්වනු ලැබේ.
(සංස්කරණය: 1967)