"ඇන්ඩෝරා" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ප්‍රංස-ස්පාඤ්ඤ දේශසීමාවේ පිරනීස් කඳුවල නැගෙන...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

11:27, 27 අගෝස්තු 2025 වන විට නවතම සංශෝධනය

ප්‍රංස-ස්පාඤ්ඤ දේශසීමාවේ පිරනීස් කඳුවල නැගෙනහිර කොටසේ දකුණු බෑවුම්වල පිහිටි කුඩා රාජ්‍යයකි. ප්‍රමාණයෙන් වර්ග සැතපුම් 191ක් වූ මෙහි ජනගහනය 6,000කට වැඩි නොවේ. මෙහි ප්‍රධාන නගරය ඇන්ඩෝරා ලා-වියෙජා (1,000) ය.

උස් කඳු මිටියාවත් රාශියකින් සෑදී ඇති ඇන්ඩෝරා රාජ්‍යයෙහි මිටියාවත්වල කවර ප්‍රදේශයක් වත් මුහුදු මට්ටමේ සිට අඩි 3,000කට අඩු නොවේ. මෙහි දේශගුණය ඉතා කර්කශය. නිම්න බොහොමයක් ම ඇල්පයින කලාපවල පිහිටා ඇති බැවින් මෙහි කේතුධර වනාන්තර සමෘද්ධිමත් නොවේ. සාරවත් ප්‍රදේශ දුම්කොළ වගාව සඳහා යොදා තිබේ. රටේ ප්‍රධාන ආදායම් මාර්ගය ද එයයි.

සරු තණබිම්වල පශුපාලනය ද කරනු ලැබේ. මෙහි කැළෑවලින් සැපයෙන දැව ස්පාඤ්ඤයට යවනු ලැබේ.

නව වැනි ශතවර්ෂයේ ෂාර්ලමේන් රජු කල්හි නිදහස ලත් ඇන්ඩෝරා දේශය 1806 දී නැපෝලියන් රජු විසින් සමූහාණ්ඩු තත්වයට පමුණුවනු ලැබීය. මේ ප්‍රදේශයෙහි භාෂාව කැටලන්ය.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇන්ඩෝරා&oldid=8976" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි