"රොබට් ඇන්ඩ්‍රෑස්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(1763-1821). ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගමේ ස...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

12:59, 27 අගෝස්තු 2025 වන විට නවතම සංශෝධනය

(1763-1821). ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගමේ සේවයේ නියුක්තව සිටි සිවිල් නිලධරයෙකි. මහනුවර රජු සමඟ ගිවිසුමක් ඇති කර ගැනීමට ලංකාවට පැමිණි මෙතෙමේ අවුරුදු කීපයක් ම ලංකාවේ ආදායම් පිළිබඳ අධිකාරි වශයෙන් කටයුතු කෙළේය. 1797 දී මුතු කිමිදීමේ කටයුතු පරිපාලනය කරන ලද්දේ ද මොහු විසිනි. ඇන්ඩ්‍රෑස් කාර්‍ය්‍යක්ෂම නිලධරයෙක් නොවී යයි කියත්.

1798 දී මෙතෙම ලංකාවේ නිලතලවලින් අස් වූයේය. 1804 සිට 1808 දක්වා ත්‍රිචිනාපොලි දිස්ත්‍රික්කයේ ආදායම් එකතු කිරීමේ නිලධාරියා ලෙස කටයුතු කළ මොහු 1809 වර්ෂය එංගලන්තයේ ගත කොට ඊළඟ වර්ෂයේ නැවතත් ඉන්දියාවට පැමිණියේ විනිශ්චයකාර ධුරයන්හි ද මදුරාසියේ පෝස්ට් මාස්ටර් ජනරාල් ධුරයෙහි ද සේවය කළේය.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=රොබට්_ඇන්ඩ්‍රෑස්&oldid=9013" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි