"ඇන්තීමියස්" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('ට්රැලීස්හි ඇන්තීමියස් නමින් ප්‍රකට මොහු සවන...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
14:27, 27 අගෝස්තු 2025 වන විට නවතම සංශෝධනය
ට්රැලීස්හි ඇන්තීමියස් නමින් ප්‍රකට මොහු සවන සියවසේ විසූ ග්‍රීක ගෘහනිර්මාණ ශිල්පියෙකි. ගණිත ශාස්ත්‍රඥයකු හා ඉංජිනේරුවකු වශයෙන් ද ඔහු ප්‍රසිද්ධ විය. ජස්ටීනියන් අධිරාජයාගේ අනුග්‍රහය පිට කොන්ස්තන්තිනෝපල් නගරයේ ශාන්ත සොපියා දෙව්මැදුර (ක්‍රි.ව. 532-37) සැලසුම් කොට ගොඩනංවන ලද්දේ ඇන්තීමියස් විසිනි. මෙය තැනීමේ දී ඔහුට මිලීටස්හි ඉසිඩෝරස් නමැති ගෘහනිර්මාණ ශිල්පියාගේ සහාය ද ලැබිණි. දාහක කාච (burning glasses) පිළිබඳ ග්‍රන්ථයක් ඇන්තීමියස් විසින් සම්පාදිතය.
(සංස්කරණය: 1967)