"උදයග්ගබෝධි" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('අනුරාධපුරයෙහි රජ කළ අග්ගබෝධි VIII රජු (ක්‍රි.ව. 804-81...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

14:16, 12 නොවැම්බර් 2025 වන විට නවතම සංශෝධනය

අනුරාධපුරයෙහි රජ කළ අග්ගබෝධි VIII රජු (ක්‍රි.ව. 804-815) විසින් සාදවන ලද්දක් ලෙස චූලවංසයෙහි සඳහන් වන පිරිවෙනකි. අග්ගබෝධි තම පියාගේ හා තමාගේ නම් එකතු කොට පිරිවෙන නම් කළේ යැයි සඳහන් වීමෙන් හැඟෙනුයේ ඔහු I වැනි උදයගේ පුත්‍රයා වූ බවය.

මහින්ද IV රජුගේ ජේතවනාරාම පුවරු ලිපියෙහි “උදා අග්බෝ” නමින් දැක්වෙනුයේ මෙම පිරිවෙන යැයි ඩී.ඇම්. ද ඉසෙඩ්. වික්‍රමසිංහ මහතා හඳුනාගෙන ඇත. මහින්ද IV රජු ප්‍රතිසංස්කරණය කර වූ ආගමික ස්ථානයන් අතර උදයග්ගබෝධි පිරිවෙන ද සඳහන් වේ.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උදයග්ගබෝධි&oldid=9081" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි