"උදකවාද්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('සූසැට කලාවන්ගෙන් එකකි. මෙය මුරජාදි භේරිතාඩනය...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

14:05, 20 නොවැම්බර් 2025 වන විට නවතම සංශෝධනය

සූසැට කලාවන්ගෙන් එකකි. මෙය මුරජාදි භේරිතාඩනයෙන් නිකුත් වන හඬට බඳු ශබ්ද නැඟෙන සේ ජලය ඇසුරු කිරීමෙන් කරන ක්‍රීඩා විශේෂයක් වශයෙන් වාත්ස්‍යායනගේ කාමසූත්‍රයෙහි හැඳින්වේ. ජලාශයක තැබූ භාණ්ඩයකින් හෝ ජලයෙන් පිරූ පාත්‍රයකින් හෝ උදකවාද්‍යය කළ හැකි බව ජීවගෝස්වාමී නම් ආචාර්යවරයාගේ මතයයි.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උදකවාද්‍යය&oldid=9106" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි