"ජිනි (ගිනි) සංගුණකය (Gini Coefficient)" හි සංශෝධන අතර වෙනස්කම්
5 පේළිය: | 5 පේළිය: | ||
ජිනි සංගුණකය ගණනය කිරීම : ජිනි සංකේන්ද්‍රණ සංගුණකය විස්තර කරනුයේ ලෝරන්ස් වක‍්‍රය ඇසුරිනි. සංගුණකය ගණනය කරනු ලබන්නේ ආදායම් සම ව්‍යාප්ති රේඛාව සහ ලෝරන්ස් වක‍්‍රය අතර කොටසේ (ප‍්‍රස්තාරයේ x) වර්ගඵලය ඉන් බැහැර කොටසේ වර්ගඵලයට සාපේක්ෂ අගයක් ලෙස ය. මේ අනුව ජිනි සංගුණකය ගණනය කිරීමට ප‍්‍රථම ලෝරන්ස් වක‍්‍රය ගොඩනගා ගත යුතුව ඇති අතර ඒ සඳහා කල්පිත උදාහරණයක් ගෙඩනඟා ගනිමු. | ජිනි සංගුණකය ගණනය කිරීම : ජිනි සංකේන්ද්‍රණ සංගුණකය විස්තර කරනුයේ ලෝරන්ස් වක‍්‍රය ඇසුරිනි. සංගුණකය ගණනය කරනු ලබන්නේ ආදායම් සම ව්‍යාප්ති රේඛාව සහ ලෝරන්ස් වක‍්‍රය අතර කොටසේ (ප‍්‍රස්තාරයේ x) වර්ගඵලය ඉන් බැහැර කොටසේ වර්ගඵලයට සාපේක්ෂ අගයක් ලෙස ය. මේ අනුව ජිනි සංගුණකය ගණනය කිරීමට ප‍්‍රථම ලෝරන්ස් වක‍්‍රය ගොඩනගා ගත යුතුව ඇති අතර ඒ සඳහා කල්පිත උදාහරණයක් ගෙඩනඟා ගනිමු. | ||
− | + | ප‍්‍රස්තාර 1.1 | |
ලෝරන්ස් වක‍්‍රය රටක ආදායම් ව්‍යාප්තිය දැක්වීමට ද පුද්ගල ධනය, සමාගමක පිරිවැටුම, දළ ජාතික නිෂ්පාදිතය බෙදී ඇති ආකාරය දැක්වීමට ද භාවිත කෙරේ. 1.1 ප‍්‍රස්තාරයෙන් දක්වා ඇති අයුරු තිරස් අක්ෂයේ ආදායම් ලබන්නන් සමුච්චිත ප‍්‍රතිශත සංඛ්‍යා ලෙස දක්වා ඇත. උදා. වශයෙන් ප‍්‍රස්තාරයට අනුව 20 වන ලක්ෂ්‍යයෙන් රටේ අඩු ආදායම් ලබන 20% දැක්වෙන අතර 60 වන ලක්ෂ්‍යයෙන් අඩු ආදායම් ලබන 60% දැක්වේ. එමෙන් ම 100 වෙනි ලක්ෂ්‍යයෙන් රටේ ආදායම් ලබන සියලූ ම දෙනා ආවරණය වේ. අනෙක් අතට සිරස් අක්ෂයෙන් එක් එක් ආදායම් ලබන ජනකොටස්වලට හිමි වන ආදායම් ප‍්‍රතිශතය පෙන්වයි. මෙය ද සමුච්චිත සංඛ්‍යා වශයෙන් දක්වා ඇත. | ලෝරන්ස් වක‍්‍රය රටක ආදායම් ව්‍යාප්තිය දැක්වීමට ද පුද්ගල ධනය, සමාගමක පිරිවැටුම, දළ ජාතික නිෂ්පාදිතය බෙදී ඇති ආකාරය දැක්වීමට ද භාවිත කෙරේ. 1.1 ප‍්‍රස්තාරයෙන් දක්වා ඇති අයුරු තිරස් අක්ෂයේ ආදායම් ලබන්නන් සමුච්චිත ප‍්‍රතිශත සංඛ්‍යා ලෙස දක්වා ඇත. උදා. වශයෙන් ප‍්‍රස්තාරයට අනුව 20 වන ලක්ෂ්‍යයෙන් රටේ අඩු ආදායම් ලබන 20% දැක්වෙන අතර 60 වන ලක්ෂ්‍යයෙන් අඩු ආදායම් ලබන 60% දැක්වේ. එමෙන් ම 100 වෙනි ලක්ෂ්‍යයෙන් රටේ ආදායම් ලබන සියලූ ම දෙනා ආවරණය වේ. අනෙක් අතට සිරස් අක්ෂයෙන් එක් එක් ආදායම් ලබන ජනකොටස්වලට හිමි වන ආදායම් ප‍්‍රතිශතය පෙන්වයි. මෙය ද සමුච්චිත සංඛ්‍යා වශයෙන් දක්වා ඇත. | ||
17 පේළිය: | 17 පේළිය: | ||
ජිනි සංගුණකය සමස්ත ආදායම් අසමානතා ගණනය කර පෙන්වන අතර එය 0 හා 1 අතර වෙනස් වීමට පුළුවන. ප‍්‍රායෝගික තත්ත්වයන් යටතේ ඉහළ ආදායම් අසමානතාවක් ඇති රටවල ජිනි සංගුණකය 0.50 සිට 0.70 දක්වා පරාසයක පිහිටයි. මේ අතර සාපේක්ෂ වශයෙන් සම ආදායම් ව්‍යාප්තියක් ඇති රටවල ජිනි සංගුණකය දළ වශයෙන් 0.20 හා 3.5 අතර පිහිටයි. | ජිනි සංගුණකය සමස්ත ආදායම් අසමානතා ගණනය කර පෙන්වන අතර එය 0 හා 1 අතර වෙනස් වීමට පුළුවන. ප‍්‍රායෝගික තත්ත්වයන් යටතේ ඉහළ ආදායම් අසමානතාවක් ඇති රටවල ජිනි සංගුණකය 0.50 සිට 0.70 දක්වා පරාසයක පිහිටයි. මේ අතර සාපේක්ෂ වශයෙන් සම ආදායම් ව්‍යාප්තියක් ඇති රටවල ජිනි සංගුණකය දළ වශයෙන් 0.20 හා 3.5 අතර පිහිටයි. | ||
− | + | <div style="column-count:2; width:90%"> | |
− | + | ප‍්‍රස්තාර 1.2<br> | |
+ | |||
+ | ප‍්‍රස්තාර 1.3<br> | ||
+ | </div> | ||
+ | |||
ඉහත දක්වා ඇත්තේ ජිනි සංගුණකය වෙනස් වන අවස්ථා දෙකකි. ප‍්‍රස්තාර අංක 1.2ට අනුව ජිනි සංගුණකය ආදායම් බෙදී යාමේ සම තත්ත්වයක් පෙන්නුම් කරයි. එනම් ආදායම් සමව්‍යාප්ති රේඛාවට ආසන්න ව පිහිටා ඇත. එහෙත් ප‍්‍රස්තාර අංක 1.3 අනුව ජිනි සංගුණකය එනම් (Y/oBD) සාපේක්ෂ වශයෙන් අසමාන ආදායම් ව්‍යාප්තියක් පෙන්නුම් කරයි. මන්ද ලෝරන්ස් වක‍්‍රයත් ආදායම් සමව්‍යාප්ති රේඛාවත් ප‍්‍රයෝජනයට ගෙන රටේ මුළු ආදායම් තත්ත්වය උපයෝගී කරගනිමින් නිර්මාණය කරනු ලබයි. | ඉහත දක්වා ඇත්තේ ජිනි සංගුණකය වෙනස් වන අවස්ථා දෙකකි. ප‍්‍රස්තාර අංක 1.2ට අනුව ජිනි සංගුණකය ආදායම් බෙදී යාමේ සම තත්ත්වයක් පෙන්නුම් කරයි. එනම් ආදායම් සමව්‍යාප්ති රේඛාවට ආසන්න ව පිහිටා ඇත. එහෙත් ප‍්‍රස්තාර අංක 1.3 අනුව ජිනි සංගුණකය එනම් (Y/oBD) සාපේක්ෂ වශයෙන් අසමාන ආදායම් ව්‍යාප්තියක් පෙන්නුම් කරයි. මන්ද ලෝරන්ස් වක‍්‍රයත් ආදායම් සමව්‍යාප්ති රේඛාවත් ප‍්‍රයෝජනයට ගෙන රටේ මුළු ආදායම් තත්ත්වය උපයෝගී කරගනිමින් නිර්මාණය කරනු ලබයි. | ||
24 පේළිය: | 28 පේළිය: | ||
ජිනි සංගුණකය - ආංගික ව්‍යාප්තිය | ජිනි සංගුණකය - ආංගික ව්‍යාප්තිය | ||
+ | |||
+ | {| class="wikitable" style="margin-left: 300px; margin-right: auto; width: 40%;" | ||
+ | ! style="text-align:center;"| | ||
+ | ! 1973 | ||
+ | ! 1978/79 | ||
+ | ! 1981/82 | ||
+ | ! 1986/87 | ||
+ | |- style="text-align:center;" | | ||
+ | ! නාගරික අංශය | ||
+ | | 0.40 || 0.51 || 0.54 || 0.53 | ||
+ | |- | ||
+ | ! ග‍්‍රාමීය අංශය | ||
+ | | 0.37 || 0.49 || 0.49 || 0.45 | ||
+ | |- | ||
+ | ! වතු අංශය | ||
+ | | 0.37 || 0.49 || 0.32 || 0.28 | ||
+ | |} | ||
+ | |||
1973 1978/79 1981/82 1986/87 | 1973 1978/79 1981/82 1986/87 | ||
නාගරික අංශය 0.40 0.51 0.54 0.53 | නාගරික අංශය 0.40 0.51 0.54 0.53 |
10:06, 1 සැප්තැම්බර් 2017 තෙක් සංශෝධනය
ජිනි (ගිනි) සංගුණකය (Gini Coefficient). ආදායම් ව්‍යාප්තියේ අසමානතාව මැනීම සඳහා යොදාගන්නා සංඛ්‍යාත්මක මිම්මක් නැතහොත් මිනුම් දණ්ඩක් ලෙස ජිනි සංගුණකය හැඳින්විය හැකි ය.
1912 දී ඉතාලි ජාතික සංඛ්‍යා ලේඛනඥයකු වන සී. ජිනි විසින් ලොවට හඳුන්වා දුන් ජිනි සංගුණකය ජිනි ‘සංකේන්ද්‍රණ සංගුණකය’ යනුවෙන් ද භාවිත වේ. ආර්ථික සංවර්ධනයේ නිගමන සංඛ්‍යාත්මකව ගෙනහැර දැක්වීම ඇතැම් විද්වතුන් අතර මතභේදයන්ට තුඩුදෙන ප‍්‍රශ්නයක් ලෙස පැවතුණ අවස්ථා ඉතිහාසයේ ඇත. ඒක පුද්ගල ආදායම, ආර්ථික සංවර්ධනය මැනීම සඳහා ප‍්‍රමාණවත් නොවන බව සමහර විද්වතුන්ගේ මතය විය. රටක සංවර්ධනය මැනීමේ දී ආදායම් ව්‍යාප්තිය නැතහොත් ආදායම් බෙදී ඇති ආකාරය දැක්වීම වඩා යෝග්‍ය බව පසුකාලින ආර්ථික විද්‍යාඥයන්ගේ මතය විය. මේ අනුව ආර්ථික සංවර්ධනය මෙන් ම ආදායම් බෙදී ඇති ආකාරය ද මැන බැලීම සඳහා ඉතාමත් යෝග්‍ය දර්ශකය ලෙස ‘ජිනි සංගුණකය’ වර්තමානයේ භාවිත වේ.
ජිනි සංගුණකය ගණනය කිරීම : ජිනි සංකේන්ද්‍රණ සංගුණකය විස්තර කරනුයේ ලෝරන්ස් වක‍්‍රය ඇසුරිනි. සංගුණකය ගණනය කරනු ලබන්නේ ආදායම් සම ව්‍යාප්ති රේඛාව සහ ලෝරන්ස් වක‍්‍රය අතර කොටසේ (ප‍්‍රස්තාරයේ x) වර්ගඵලය ඉන් බැහැර කොටසේ වර්ගඵලයට සාපේක්ෂ අගයක් ලෙස ය. මේ අනුව ජිනි සංගුණකය ගණනය කිරීමට ප‍්‍රථම ලෝරන්ස් වක‍්‍රය ගොඩනගා ගත යුතුව ඇති අතර ඒ සඳහා කල්පිත උදාහරණයක් ගෙඩනඟා ගනිමු.
ප‍්‍රස්තාර 1.1
ලෝරන්ස් වක‍්‍රය රටක ආදායම් ව්‍යාප්තිය දැක්වීමට ද පුද්ගල ධනය, සමාගමක පිරිවැටුම, දළ ජාතික නිෂ්පාදිතය බෙදී ඇති ආකාරය දැක්වීමට ද භාවිත කෙරේ. 1.1 ප‍්‍රස්තාරයෙන් දක්වා ඇති අයුරු තිරස් අක්ෂයේ ආදායම් ලබන්නන් සමුච්චිත ප‍්‍රතිශත සංඛ්‍යා ලෙස දක්වා ඇත. උදා. වශයෙන් ප‍්‍රස්තාරයට අනුව 20 වන ලක්ෂ්‍යයෙන් රටේ අඩු ආදායම් ලබන 20% දැක්වෙන අතර 60 වන ලක්ෂ්‍යයෙන් අඩු ආදායම් ලබන 60% දැක්වේ. එමෙන් ම 100 වෙනි ලක්ෂ්‍යයෙන් රටේ ආදායම් ලබන සියලූ ම දෙනා ආවරණය වේ. අනෙක් අතට සිරස් අක්ෂයෙන් එක් එක් ආදායම් ලබන ජනකොටස්වලට හිමි වන ආදායම් ප‍්‍රතිශතය පෙන්වයි. මෙය ද සමුච්චිත සංඛ්‍යා වශයෙන් දක්වා ඇත.
මේ අතර ප‍්‍රස්තාර සටහන හරි මැදින් බෙදෙන ආදායම් සම ව්‍යාප්ති රේඛාවෙන් දැක්වෙන අයුරු රේඛාවෙන් හරි අඩක් කැපෙන පරිදි තිරස් ව හා සිරස් ව රේඛා දෙකකින් යා බව පෙන්නුම් කරයි. B ලක්ෂ්‍යය අනුව ජනගහනයේ පහළ ම 20%ට ලබාගත හැකි වී තිබෙන්නේ රටේ මුළු ආදායමෙන් 5%ක් පමණි. මෙහි දී අවධාරණය කර ගත යුතු කරුණක් නම් උදාහරණය පරිදි රටේ මුළු ආදායම් ලබන්නන්ගෙන් හරි අඩක් නැතහොත් 50%ක් (E ලක්ෂ්‍යයේ දැක්වෙන පරිදි) රටේ මුළු ආදායමෙන් 20%ක් පමණ ලබා ගන්නා බවයි.
ආදායම් අසමානතාව ගැන සලකා බැලීමේ දී ආදායම් සමව්‍යාප්ති රේඛාවෙන් ඈත් වූ ඉතාමත් අසමාන ආදායම් තත්ත්වයන් වුව ද ලෝරන්ස් වක‍්‍රයෙන් පෙන්විය හැකි ය. එනම් වක‍්‍රය තිරස් අක්ෂය හරහා වමේ සිට දකුණට එහි පතුළේ ම දක්නට ලැබුණොත් රටේ මුළු ආදායම එක් පුද්ගලයකු විසින් ලබන අතර අන් කිසිවකුට රටේ ආදායමෙන් කිසිවක් නොලැබේ. එහෙත් සාමාන්‍ය ලෝකයේ මෙවැනි තත්ත්වයක් නොමැත.
ඉහත දැක්වූ ප‍්‍රස්තාරයේ ලෝරන්ස් වක‍්‍රය ප‍්‍රයෝජනයට ගෙන ඉතාමත් පහසු ආකාරයකට ජිනි සංගුණකය ගණනය කළ හැකි ය. එනම්, දී ඇති උදාහරණයේ (ප‍්‍රස්තාර සටහන 1.1) ලෝරන්ස් වක‍්‍රය හා සම ආදායම් ව්‍යාප්ති රේඛාව අතර කොටස චතුරශ‍්‍රයේ සම ආදායම් රේඛාවෙන් පහළ කොටසේ වර්ග ප‍්‍රමාණයෙන් බෙදීමෙන් ජිනි සංගුණකය ලැබේ.
ජිනි සංගුණකය සමස්ත ආදායම් අසමානතා ගණනය කර පෙන්වන අතර එය 0 හා 1 අතර වෙනස් වීමට පුළුවන. ප‍්‍රායෝගික තත්ත්වයන් යටතේ ඉහළ ආදායම් අසමානතාවක් ඇති රටවල ජිනි සංගුණකය 0.50 සිට 0.70 දක්වා පරාසයක පිහිටයි. මේ අතර සාපේක්ෂ වශයෙන් සම ආදායම් ව්‍යාප්තියක් ඇති රටවල ජිනි සංගුණකය දළ වශයෙන් 0.20 හා 3.5 අතර පිහිටයි.
ප‍්‍රස්තාර 1.2
ප‍්‍රස්තාර 1.3
ඉහත දක්වා ඇත්තේ ජිනි සංගුණකය වෙනස් වන අවස්ථා දෙකකි. ප‍්‍රස්තාර අංක 1.2ට අනුව ජිනි සංගුණකය ආදායම් බෙදී යාමේ සම තත්ත්වයක් පෙන්නුම් කරයි. එනම් ආදායම් සමව්‍යාප්ති රේඛාවට ආසන්න ව පිහිටා ඇත. එහෙත් ප‍්‍රස්තාර අංක 1.3 අනුව ජිනි සංගුණකය එනම් (Y/oBD) සාපේක්ෂ වශයෙන් අසමාන ආදායම් ව්‍යාප්තියක් පෙන්නුම් කරයි. මන්ද ලෝරන්ස් වක‍්‍රයත් ආදායම් සමව්‍යාප්ති රේඛාවත් ප‍්‍රයෝජනයට ගෙන රටේ මුළු ආදායම් තත්ත්වය උපයෝගී කරගනිමින් නිර්මාණය කරනු ලබයි.
ජිනි සංගුණකය ශ‍්‍රී ලංකාවේ ආදායම් අසමානතාව මැනීමේ මිම්මක් ලෙස සලකා බැලීමේ දී වර්ෂ 1973 සිට 1987 දක්වා කාලය තුළ ප‍්‍රායෝගික ව එක් එක් අංශය තුළ හැසිරී ඇති ආකාරය පහත දැක්වෙන සංඛ්‍යා සටහනින් පැහැදිලි වේ.
ජිනි සංගුණකය - ආංගික ව්‍යාප්තිය
1973 | 1978/79 | 1981/82 | 1986/87 | |
---|---|---|---|---|
නාගරික අංශය | 0.40 | 0.51 | 0.54 | 0.53 |
ග‍්‍රාමීය අංශය | 0.37 | 0.49 | 0.49 | 0.45 |
වතු අංශය | 0.37 | 0.49 | 0.32 | 0.28 |
1973 1978/79 1981/82 1986/87 නාගරික අංශය 0.40 0.51 0.54 0.53 ග‍්‍රාමීය අංශය 0.37 0.49 0.49 0.45 වතු අංශය 0.37 0.49 0.32 0.28
මූලාශ‍්‍රය - ශ‍්‍රී ලංකා මහා බැංකුවේ පාරිභෝගික මුලය සමීක්‍ෂණ 1973/1979/1981/1987 වාර්තා
සටහන අනුව සාපේක්‍ෂ වශයෙන් ආදායම් අසමානතාව අඩු තත්ත්වයක් 1973 වසරේ දක්නට ලැබෙන අතර මෙම තත්ත්වය අංශ තුන සඳහා ම (එනම් නාගරික, ග‍්‍රාමීය හා වතු) 1979 වසර වන විට වෙනස් වී ඇත. ජිනි සංගුණකය 1979 වසර වන විට නාගරික ග‍්‍රාමීය හා වතු අංශ සඳහා පිළිවෙළින් 0.51, 0.49, 0.49 වශයෙන් සාපේක්ෂව ඉහළ අගයක් ගෙන ඇති අතර මෙය රටේ ආදායම් ව්‍යාප්තිය අසමානතාවක් පෙන්නුම් කිරීමකි. මෙම තත්ත්වය 1987 වන විට ඉතා අඩු වශයෙන් පමණක් වෙනස් වී ඇති බව සටහන අනුව පෙනී යයි.
එස්. එච්. ඒ. එම්. අබයරත්න