"උනන්තැන්නේ නිලමේ" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('මහනුවර රාජ්‍ය සමය හා සම්බන්ධ ඓතිහාසික ජනකථාව...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
11:45, 27 නොවැම්බර් 2025 වන විට නවතම සංශෝධනය
මහනුවර රාජ්‍ය සමය හා සම්බන්ධ ඓතිහාසික ජනකථාවක කථානායකයායි. උනන්තැන්න නම් ගමේ වැදගත් පෙළපතකට අයත් වූ හෙයින් මෙනම් වූ හෙතෙම ‘විසිංගෙදර කුඩාරාල’ යනුවෙන් ද හඳුන්වන ලදි. හඟුරන්කෙත බලා පිටත් වූ ඉංගිරිසි භට හමුදාවක් ඔහු තනිව සිට විනාශ කළ බව ජනප්‍රවාදයෙහි එයි. උනන්තැන්න අසල මාඔයේ පනිනාගල නම් දුර්ගමස්ථානයෙන් එක් වරකට එක් භටයකු බැගින් ඉංගිරිසි හමුදාව එගොඩවෙමින් සිටිය දී එම ගල් කුළෙහි ඇතුළට බොකු ගැසී ඉවුර දෙසට නැඹුරුව තුබූ ගල්තැල්ලෙහි සැඟවීගත් කුඩාරාල හෙල්ලකින් ඇන ඇන ඔවුන් එක එකා මරුමුවට පත් කෙළේය. අවසානයෙහි වෙහෙසට පත් හෙතෙම ඉංගිරිසි භටයකු ගැසූ හෙල්ල පහරක් නිසා පය ලිස්සා ඔයට වැටී මළේය. ඉන් පසු ගම්වැසියන් ගෞරවයෙන් ඔහු ස්මරණය කරන්නට වන් හෙයින් කාලාන්තරයකින් ඔහුගේ නම ජනප්‍රවාදයට එක් විය. ඔහු විසින් විනාශ කරන ලද්දේ පරංගි (පෘතුගීසි) භට හමුදාවකැයි ඇතැම්හු කියති.
(සංස්කරණය: 1970)