"ෂාං ලුවී රෝඩෝල්ෆ් ඇගසී" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | [[ගොනුව:3-42-2.jpg| | + | [[ගොනුව:3-42-2.jpg|200px|left]](Agassiz, Jean Louis Rodolphe) (ක්‍රි.ව. 1807-1873). ස්විස්-ඇමෙරිකන් ජාතිකයකු වූ මෙතෙම සත්ව විද්‍යාවෙහි හා භූගර්භ විද්‍යාවෙහි විශේෂඥ ශ්‍රේෂ්ඨ ආචාර්යවරයෙකි. |
සුරික්, හයිඩල්බර්ග් හා මියුනික් යන විශ්වවිද්‍යාලයන්හි ඉගෙන උසස් උපාධි කීපයක් ම ලබාගත් ඇගසී තරුණ වියෙහි දී ම බටහිර ස්විට්සර්ලන්තයේ කුඩා දොළවල සිටි මසුන් ගැන මහත් සැලකිල්ලක් දැක්වීය. | සුරික්, හයිඩල්බර්ග් හා මියුනික් යන විශ්වවිද්‍යාලයන්හි ඉගෙන උසස් උපාධි කීපයක් ම ලබාගත් ඇගසී තරුණ වියෙහි දී ම බටහිර ස්විට්සර්ලන්තයේ කුඩා දොළවල සිටි මසුන් ගැන මහත් සැලකිල්ලක් දැක්වීය. | ||
10:03, 3 දෙසැම්බර් 2025 වන විට නවතම සංශෝධනය
(Agassiz, Jean Louis Rodolphe) (ක්‍රි.ව. 1807-1873). ස්විස්-ඇමෙරිකන් ජාතිකයකු වූ මෙතෙම සත්ව විද්‍යාවෙහි හා භූගර්භ විද්‍යාවෙහි විශේෂඥ ශ්‍රේෂ්ඨ ආචාර්යවරයෙකි.සුරික්, හයිඩල්බර්ග් හා මියුනික් යන විශ්වවිද්‍යාලයන්හි ඉගෙන උසස් උපාධි කීපයක් ම ලබාගත් ඇගසී තරුණ වියෙහි දී ම බටහිර ස්විට්සර්ලන්තයේ කුඩා දොළවල සිටි මසුන් ගැන මහත් සැලකිල්ලක් දැක්වීය.
1830 දී ඔහු විසින් ‘මධ්‍යම යුරෝපයේ මිරිදිය මසුන්ගේ ඉතිහාසය’ නමැති ග්රන්ථයක් පළ කරන ලද්දේය. එකල විද්‍යාත්මක පර්යේෂණවල මධ්‍යස්ථානයක් වූ පැරිස් නගරයට හෙතෙම 1832 දී පිවිසියේය. හම්බෝල්ට් හා කුවියේ (Cuvier) යන මිත්‍රයෝ දෙදෙන එහි දී ඔහුට බොහෝ උපකාර වූහ. නොයිෂාටල් (Neuchatel) විශ්වවිද්‍යාලයේ ජීවවිද්‍යා මහාචාර්ය ධුරය (1832-46) දැරූ හෙතෙම එහි දී ‘නෝමෙන්ක්ලේචර් සූලොජිකස්’ (Nomenclature) නමැති අභිධාන කෝෂය ලිවීමට පටන්ගත්තේය. ඒ කාලයේ දී ඇගසී යුරෝපයේ නෂ්ට මත්ස්‍ය සම්භාරය කෙරෙහි සිය අවධානය යොමු කෙළේය.
1846 දී ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයට ගිය ඇගසී 1848 දී හාවඩ් විශ්වවිද්‍යාලයේ ජීවවිද්‍යා මහාචාර්ය පදවිය පිළිගත්තේය. ‘සුපීරියර් විල’ (1850), ‘එක්සත් ජනපදයේ ජීවවිද්‍යා ප්‍රබන්ධ’ හා ‘වර්ගීකරණ රචනාව’ ආදි ග්‍රන්ථවල ඔහු විසින් ඇමෙරිකාවේ දී කළ පර්යේෂණ පළ කරන ලද්දේය.
ඇගසි ඉතාමත් නිපුණ සත්ව විද්‍යාඥයකු වුව ද ඩාවින්ගේ පරිණාමවාදයට ඉඳුරා විරුද්ධ විය.
(සංස්කරණය: 1967)
