"ඇටවල්ලා" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(යුතිනුස් අෆිනිස් - Euthynnus affinis Cantor). නිවර්තන ප්‍රදේශ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | (යුතිනුස් අෆිනිස් - Euthynnus affinis Cantor). නිවර්තන ප්‍රදේශවල දක්නට ලැබෙන මසින් පිරි දිගිටි ශරීරයක් ඇති මුහුදු මත්ස්‍යයෙකි. ලංකාවේ මන්නාරම් බොක්කෙහි ද වෙරළාසන්න මුහුදේ ද ඇටවල්ලෝ සුලභය. උන් සාමාන්‍යයෙන් සංචාරය කරන්නේ විශාල සමූහ වශයෙනි. ඇටවල්ලන් අයිනක් ඇතැම් විට සැතපුමක් පමණ දිග විය හැකිය. ඇටවල්ලාගේ මාංසය ඉතා රසවත්ය. | + | [[ගොනුව:3-49.jpg|300px|right]](යුතිනුස් අෆිනිස් - Euthynnus affinis Cantor). නිවර්තන ප්‍රදේශවල දක්නට ලැබෙන මසින් පිරි දිගිටි ශරීරයක් ඇති මුහුදු මත්ස්‍යයෙකි. ලංකාවේ මන්නාරම් බොක්කෙහි ද වෙරළාසන්න මුහුදේ ද ඇටවල්ලෝ සුලභය. උන් සාමාන්‍යයෙන් සංචාරය කරන්නේ විශාල සමූහ වශයෙනි. ඇටවල්ලන් අයිනක් ඇතැම් විට සැතපුමක් පමණ දිග විය හැකිය. ඇටවල්ලාගේ මාංසය ඉතා රසවත්ය. |
පරිණත ඇටවල්ලා අඩි 2ක් පමණ දිගය. උගේ ශරීරයේ උඩු කොටස තද නිල්පාටය. යටි කොටස සුදට හුරුය. වරල් නිල්පාටය. අංශ රේඛාවට උඩින් ළය වරල පිටුපස තදනිල් පාට වයිරම් කිහිපයක් තිබේ. ළය ප්‍රදේශයෙහි හැර වෙනත් ප්‍රදේශවල කොරපොතු නැති ලෙසක් පෙනේ. ළය ප්‍රදේශයේ කොරපොතු පටියකි. දත් කේතු ආකාරය; ස්වල්පයක් වක්‍රය. හනුවල දත් පෙළ බැගින් තිබේ. | පරිණත ඇටවල්ලා අඩි 2ක් පමණ දිගය. උගේ ශරීරයේ උඩු කොටස තද නිල්පාටය. යටි කොටස සුදට හුරුය. වරල් නිල්පාටය. අංශ රේඛාවට උඩින් ළය වරල පිටුපස තදනිල් පාට වයිරම් කිහිපයක් තිබේ. ළය ප්‍රදේශයෙහි හැර වෙනත් ප්‍රදේශවල කොරපොතු නැති ලෙසක් පෙනේ. ළය ප්‍රදේශයේ කොරපොතු පටියකි. දත් කේතු ආකාරය; ස්වල්පයක් වක්‍රය. හනුවල දත් පෙළ බැගින් තිබේ. | ||
10:50, 3 දෙසැම්බර් 2025 තෙක් සංශෝධනය
(යුතිනුස් අෆිනිස් - Euthynnus affinis Cantor). නිවර්තන ප්‍රදේශවල දක්නට ලැබෙන මසින් පිරි දිගිටි ශරීරයක් ඇති මුහුදු මත්ස්‍යයෙකි. ලංකාවේ මන්නාරම් බොක්කෙහි ද වෙරළාසන්න මුහුදේ ද ඇටවල්ලෝ සුලභය. උන් සාමාන්‍යයෙන් සංචාරය කරන්නේ විශාල සමූහ වශයෙනි. ඇටවල්ලන් අයිනක් ඇතැම් විට සැතපුමක් පමණ දිග විය හැකිය. ඇටවල්ලාගේ මාංසය ඉතා රසවත්ය.පරිණත ඇටවල්ලා අඩි 2ක් පමණ දිගය. උගේ ශරීරයේ උඩු කොටස තද නිල්පාටය. යටි කොටස සුදට හුරුය. වරල් නිල්පාටය. අංශ රේඛාවට උඩින් ළය වරල පිටුපස තදනිල් පාට වයිරම් කිහිපයක් තිබේ. ළය ප්‍රදේශයෙහි හැර වෙනත් ප්‍රදේශවල කොරපොතු නැති ලෙසක් පෙනේ. ළය ප්‍රදේශයේ කොරපොතු පටියකි. දත් කේතු ආකාරය; ස්වල්පයක් වක්‍රය. හනුවල දත් පෙළ බැගින් තිබේ.
ඇටවල්ලා අක්ටිනොප්ටෙරිගි (බ.) වර්ගයෙහි ටෙලෙයොස්ටෙයි ගෝත්‍රයෙහි තුනිඩෙ කුලයට අයත්ය. අලගොඩුවා (බ.) හා බලයා (බ.) ද මේ කුලයට අයත්ය.
(සංස්කරණය: 1967)
