"ඇන්තොසයනින් හා ඇන්තොසැන්තින් වර්ණක" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| (නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්) | |||
| 13 පේළිය: | 13 පේළිය: | ||
මල්වල පාටත් ප්‍රවේණ්‍යනුත් අතර සම්බන්ධයක් ඇති බව මැතක දී කරන ලද අභිජනන පරීක්ෂවලින් පෙනී ගොස් තිබේ. ඩේලියා මල් නොයෙක් නොයෙක් පාටින් ඇතිවීමට හේතුව ප්‍රවේණ්‍යනු යුගල හයක අන්‍යෝන්‍ය ක්‍රියාව බව දැනගෙන තිබේ. ඇතැම් ප්‍රවේණ්‍යනු ඇන්තොසයනින් වර්ණකයන්ගේ හටගැන්ම හා සමඟ සම්බන්ධය. ඇතැම් ඒවා ඇන්තොසැන්තින් වර්ණකයන්ගේ හටගැන්ම හා සමඟ සම්බන්ධය. එබැවින් සිත්තරකු සායම් මිශ්‍ර කොට තමන්ට අභිමත පාට ලබාගන්නේ යම්සේ ද එසේම ඇතැම් ප්‍රවේණ්‍යනු දෙමුහුන් කොට එක්තැන් කිරීමෙන් නොවරදවා ම අතැම් පාටැති මල් හටගන්නා පරිදි ශාක අභිජනනය කළ හැකිව තිබේ. හයිඩ්‍රොක්සිල් කාණ්ඩ ඇතුළු කිරීමේ දී ද ප්‍රවේණ්‍යණුවල සම්බන්ධයක් ඇති විය හැකිය. එහෙයින් ඇතැම් ශාක විශේෂවල ප්‍රවේණ්‍යණු විකෘතිය කරණ කොටගෙන පෙලාගොනිඩින් (pelargonidin) වෙනුවට සයනිඩින් (cyanidin) ඇති විය හැකිය. | මල්වල පාටත් ප්‍රවේණ්‍යනුත් අතර සම්බන්ධයක් ඇති බව මැතක දී කරන ලද අභිජනන පරීක්ෂවලින් පෙනී ගොස් තිබේ. ඩේලියා මල් නොයෙක් නොයෙක් පාටින් ඇතිවීමට හේතුව ප්‍රවේණ්‍යනු යුගල හයක අන්‍යෝන්‍ය ක්‍රියාව බව දැනගෙන තිබේ. ඇතැම් ප්‍රවේණ්‍යනු ඇන්තොසයනින් වර්ණකයන්ගේ හටගැන්ම හා සමඟ සම්බන්ධය. ඇතැම් ඒවා ඇන්තොසැන්තින් වර්ණකයන්ගේ හටගැන්ම හා සමඟ සම්බන්ධය. එබැවින් සිත්තරකු සායම් මිශ්‍ර කොට තමන්ට අභිමත පාට ලබාගන්නේ යම්සේ ද එසේම ඇතැම් ප්‍රවේණ්‍යනු දෙමුහුන් කොට එක්තැන් කිරීමෙන් නොවරදවා ම අතැම් පාටැති මල් හටගන්නා පරිදි ශාක අභිජනනය කළ හැකිව තිබේ. හයිඩ්‍රොක්සිල් කාණ්ඩ ඇතුළු කිරීමේ දී ද ප්‍රවේණ්‍යණුවල සම්බන්ධයක් ඇති විය හැකිය. එහෙයින් ඇතැම් ශාක විශේෂවල ප්‍රවේණ්‍යණු විකෘතිය කරණ කොටගෙන පෙලාගොනිඩින් (pelargonidin) වෙනුවට සයනිඩින් (cyanidin) ඇති විය හැකිය. | ||
| − | + | [[ගොනුව:3-126.jpg|400px|center]] | |
ඇන්තොසයනින් වූකලි ඇන්තොසයනිඩින්වල මොනො හා ඩයි-ග්ලයිකොසයිඩ වේ. එනම් සීනි හා ඇතැම් පීනොලික සංයෝගවල සම්මිශ්‍රණ වේ. සම්මිශ්‍රණය වන සීනි බොහෝ අවස්ථාවන්හි දී ග්ලූකෝස් හෝ ගැලැක්ටෝස් හෝ රැම්නෝස් (rhamnose) හෝ විය හැකිය. වර්ණකය නටන ජලයෙන් නිස්සාරණය කළ හැකිය. එහෙත් එය ස්ථායී නොවේ. එය හොඳින් ම නිස්සාරණය කළ හැක්කේ දුර්වල අම්ලයක් (1%HCl) මගිනි. එසේ කළ විට ස්ථායී ලවණයක් වන රතු ඔක්සෝනියම් ලවණය සෑදේ. උදාසීන ද්‍රාවණයන්හි වර්ණකවලින් නිර්වර්ණ ව්‍යාජ–භස්මයක් සෑදේ. ක්ෂාර එක් කළ විට එය කහපාට වේ. සාන්ද්‍ර HCl සමග වර්ණකය ජලතාපකයක කෙටි කාලයක් නැටවුවහොත් ඇන්තොසයනින් ජල විච්ඡේදනය වී සීනි හෝ සීනි වර්ග කිහිපයක් හා ඇන්තොසයනිඩින් සෑදේ. ඇන්තොසයනිඩින් ජලයේ අද්‍රාව්‍යය. එහෙත් එය ඇමිල් ඇල්කොහොල්වල ද්‍රාව්‍යය. මේ ඇල්කොහොලය මගින් එය නිස්සාරණය කළ හැකිය. සහවර්ණක බැහැර කරනු ලැබූ පසු එක් එක් ඇන්තොසයනින් වර්ගය ඇතැම් සරල ප්‍රතිකාරකයන් සමඟ එය ඇති කරන වර්ණ ප්‍රතික්‍රියාවන් අනුසාරයෙන් අඳුනා ගත හැකිය. එතිල් ඇසිටේට් ස්තරයෙන් ඇන්තොසැන්තින් හා ටැනින් බැහැර වන තුරු අම්ල මගින් නිස්සාරණය කරන ලද ඇන්තොසයනින් එතිල් ඇසිටේට්වලින් නැවත නැවත සෝදනු ලැබූ විට රෝස හා ‘කෝන්ෆ්ලවර්’ පුෂ්පවල සයනිඩින් ග්ලයිකොසයිඩය ද තද රතුපාට ඩේලියා පුෂ්පවල පෙලාගොනිඩින් ග්ලයිකොසයිඩය ද ‘ලාක්ස්පර්’ පුෂ්පවල ඩෙල්ෆිනිඩින් ග්ලයිකොසයිඩය ද වෙන් වෙන් වශයෙන් අඳුනාගත හැකිය. පාර්ශ්වික බෙන්සීන් වළල්ලේ ආදේශ කරන ලද හයිඩ්‍රොක්සිල් කාණ්ඩවල සංඛ්‍යාව වැඩි වීමේ හේතුවෙන් පෙලාගොනිඩින්, සයනිඩින් හා ඩෙල්ෆිනිඩින් වැනි ඇන්තොසයනිඩින්වල නිල්පාට වැඩි වේ. මේ හයිඩ්‍රොක්සිල් කාණ්ඩවල ආදේශය සිදු කරනු ලබන්නේ ඇතැම් ප්‍රවේණ්‍යණු විසිනි. හයිඩ්‍රොක්සිල් කාණ්ඩවල වැඩි වීම නිල්පාට වැඩි කරන්නාක් මෙන් මෙතිල්කරණය (methylation) රතුපාට වැඩි කරයි. ඔක්සෝනියම් ලවණ රතු පාටය. එහෙත් නොයෙක් PH අගයන්හි දී ඒවා දක්වන පාටවලින් ඒවා එකිනෙකින් වෙන්කොට අඳුනාගනු ලැබේ. PH අගය 3.0 හෝ ඊට අඩු වන විට සයනින් රතුපාට වේ. PH අගය 8.5 දී එය දම්පාටය. PH අගය 11.0 දී එය නිල්පාටය. | ඇන්තොසයනින් වූකලි ඇන්තොසයනිඩින්වල මොනො හා ඩයි-ග්ලයිකොසයිඩ වේ. එනම් සීනි හා ඇතැම් පීනොලික සංයෝගවල සම්මිශ්‍රණ වේ. සම්මිශ්‍රණය වන සීනි බොහෝ අවස්ථාවන්හි දී ග්ලූකෝස් හෝ ගැලැක්ටෝස් හෝ රැම්නෝස් (rhamnose) හෝ විය හැකිය. වර්ණකය නටන ජලයෙන් නිස්සාරණය කළ හැකිය. එහෙත් එය ස්ථායී නොවේ. එය හොඳින් ම නිස්සාරණය කළ හැක්කේ දුර්වල අම්ලයක් (1%HCl) මගිනි. එසේ කළ විට ස්ථායී ලවණයක් වන රතු ඔක්සෝනියම් ලවණය සෑදේ. උදාසීන ද්‍රාවණයන්හි වර්ණකවලින් නිර්වර්ණ ව්‍යාජ–භස්මයක් සෑදේ. ක්ෂාර එක් කළ විට එය කහපාට වේ. සාන්ද්‍ර HCl සමග වර්ණකය ජලතාපකයක කෙටි කාලයක් නැටවුවහොත් ඇන්තොසයනින් ජල විච්ඡේදනය වී සීනි හෝ සීනි වර්ග කිහිපයක් හා ඇන්තොසයනිඩින් සෑදේ. ඇන්තොසයනිඩින් ජලයේ අද්‍රාව්‍යය. එහෙත් එය ඇමිල් ඇල්කොහොල්වල ද්‍රාව්‍යය. මේ ඇල්කොහොලය මගින් එය නිස්සාරණය කළ හැකිය. සහවර්ණක බැහැර කරනු ලැබූ පසු එක් එක් ඇන්තොසයනින් වර්ගය ඇතැම් සරල ප්‍රතිකාරකයන් සමඟ එය ඇති කරන වර්ණ ප්‍රතික්‍රියාවන් අනුසාරයෙන් අඳුනා ගත හැකිය. එතිල් ඇසිටේට් ස්තරයෙන් ඇන්තොසැන්තින් හා ටැනින් බැහැර වන තුරු අම්ල මගින් නිස්සාරණය කරන ලද ඇන්තොසයනින් එතිල් ඇසිටේට්වලින් නැවත නැවත සෝදනු ලැබූ විට රෝස හා ‘කෝන්ෆ්ලවර්’ පුෂ්පවල සයනිඩින් ග්ලයිකොසයිඩය ද තද රතුපාට ඩේලියා පුෂ්පවල පෙලාගොනිඩින් ග්ලයිකොසයිඩය ද ‘ලාක්ස්පර්’ පුෂ්පවල ඩෙල්ෆිනිඩින් ග්ලයිකොසයිඩය ද වෙන් වෙන් වශයෙන් අඳුනාගත හැකිය. පාර්ශ්වික බෙන්සීන් වළල්ලේ ආදේශ කරන ලද හයිඩ්‍රොක්සිල් කාණ්ඩවල සංඛ්‍යාව වැඩි වීමේ හේතුවෙන් පෙලාගොනිඩින්, සයනිඩින් හා ඩෙල්ෆිනිඩින් වැනි ඇන්තොසයනිඩින්වල නිල්පාට වැඩි වේ. මේ හයිඩ්‍රොක්සිල් කාණ්ඩවල ආදේශය සිදු කරනු ලබන්නේ ඇතැම් ප්‍රවේණ්‍යණු විසිනි. හයිඩ්‍රොක්සිල් කාණ්ඩවල වැඩි වීම නිල්පාට වැඩි කරන්නාක් මෙන් මෙතිල්කරණය (methylation) රතුපාට වැඩි කරයි. ඔක්සෝනියම් ලවණ රතු පාටය. එහෙත් නොයෙක් PH අගයන්හි දී ඒවා දක්වන පාටවලින් ඒවා එකිනෙකින් වෙන්කොට අඳුනාගනු ලැබේ. PH අගය 3.0 හෝ ඊට අඩු වන විට සයනින් රතුපාට වේ. PH අගය 8.5 දී එය දම්පාටය. PH අගය 11.0 දී එය නිල්පාටය. | ||
14:21, 3 දෙසැම්බර් 2025 තෙක් සංශෝධනය
සෑම ශාකයක ම පාහේ දක්නට ලැබෙන්නා වූ ද ජලයේ ද්‍රවණය වන්නාවූ ද වර්ණක කාණ්ඩ දෙකක් මේ නම්වලින් හැඳින්වේ. පුෂ්පවල රතු, නිල්, දම් හා මැජෙන්ටා පාට ඇති වන්නේ ඒවායේ සෛල යුෂයෙහි විසිර පවත්නා ඇන්තොසයනින් වර්ණක නිසාය. මේ වර්ණක බෙහෙවින් ඇත්තේ පුෂ්පවල වුවත් ඇතැම් විශේෂයන්හි පත්‍ර හා භූගත අවයවයන් (නි. බීට්රූට් අල හා රට අල) වැනි වෙනත් කොටස්වල ද නොයෙක් විට ඒවා දක්නට ලැබේ. බොහෝ පැසුණු ඵල ද ඇන්තොසයනින් වර්ණකවලින් තදින් ම වර්ණවත් වේ. මේ වර්ණකයන්ගේ විකසනය වයෝවෘද්ධතාව යනුවෙන් හඳුන්වනු ලබන අද්භූත සිද්ධි මාලාවේ එක් අවස්ථාවක් විය හැකිය.
ඇන්තොසයනින් වර්ණක
බොහෝ ශාකයන්ගේ දළුවලත් ශරත් ඍතුවේ හටගන්නා කොළවලත් ඇන්තොසයනින් සුලභය. විශේෂයෙන් ම නා, කුරුඳු, ජම්බු, අම්හ’ස්ටියා (අලංකාර ශාක බ.) ආදි ශාකයන්ගේ දළු ඇන්තොසයනින්වලින් පොහොසත්ය. ඒවායේ වර්ණය කොපමණ දීප්තිමත් ද කිවහොත් ඈත සිට බලන කල ඒ ගස්වල මල් පිපී ඇත්තා සේ පෙනේ. වඩා ඉහළ අක්ෂාංශයන්හි පතනශීල වනාන්තරවල ශාකයන්ගේ කොළ ශරත් ඍතුවේ දී නොයෙක් වර්ණවලින් යුක්ත වේ.
ශිශිර ඍතුවේ දී සමහර ශාකවල ක්ලොරොපිල් නිෂ්පාදනයට බාධා ඇති වෙයි. එසේ වූ කල කොළ වර්ණවත් වන්නේ කැරටිනොයිඩ්වලින් හා ඇන්තොසයනින්වලිනි. වෙනත් ශාක පහත් උෂ්ණත්වයන්හි දී ඇන්තොසයනින් සෑදීමට පෙලඹෙයි. ලංකාවේ වැවෙන ඇතැම් ශාක විශේෂවල (නි. කොට්ටම්බා) කොළ හැළෙන කාලයේ දී කොළවල දක්නට ලැබෙන දීප්තිමත් වර්ණයට හේතුව කැරටිනොයිඩ හා ඇන්තොසයනින් මිශ්‍රණයකි. ඇල්ප්ස්, හිමාලය හා ඇන්ඩීස් ආදි කඳුකර ප්‍රදේශයන්හී උන්නතාංශවල වැවෙන ශාකයන්ගේ ඉතා ලක්ෂණ පාට ඇති වන්නේ ඇන්තොසයනින් වර්ණක නිසාය. මේ ශාක පහත් ප්‍රදේශවල වැවූ කල සාමාන්‍යයෙන් ඒවායේ ලක්ෂණ පාට නැති වී යයි. ශිශිර ඍතුව ආරම්භ වන විට සමහර ශාකවල ඇන්තොසයනින් වර්ණක විකසනය වේ. නිවර්තන වනාන්තරවල වැවෙන කැලේඩියම් වැනි බොහෝ සෙවණ ශාකවල සාමාන්‍ය පත්‍ර ඇන්තොසයනින්වලින් රතුපාට වේ.
මෙසේ අඩු උෂ්ණත්වය හා සෙවණ වැනි සාධක වර්ණකයන්ගේ සෑදීමට හේතු වන්නා සේ පෙනේ. එහෙත් ඉතා තද අව්වෙහි තිබෙන පත්‍රයන්හි මෙන් පුෂ්පයන්හි ද පාට සෙවණෙහි තිබෙන පත්‍රවල හා පුෂ්පවල පාටට වඩා දීප්තිමත් ලෙස විකසනය වන ශාකයෝ ද වෙත්. වෙනත් ශාකවල වර්ණකයන්ගේ සෑදීම ඒවායේ අඩංගු සීනි ප්‍රමාණයත් සමඟ සම්බන්ධයක් දක්වන්නා සේ පෙනේ. සීනි එක්රැස් වන තැන වැඩියෙන් වර්ණක සෑදේ. ගොඩතර මිරිදිය ජලාශයන්හි වැවෙන ජලශාකයන්ගේ ද කඳුකරයේ වේගයෙන් ගලා යන ඇළ දොළ ආදියෙහි වැවෙන පොඩොස්ටෙමාසේ කුලයට අයත් ශාකයන්ගේ ද දීප්තිමත් වර්ණයන්ට හේතුව මේ යයි සාමාන්‍යයෙන් සලකනු ලැබේ.
කවර ශාකයක වුව ද සාමාන්‍ය පත්‍ර හෙවත් කොළ ඇන්තොසයනින්වලින් වර්ණවත් වේ නම් වර්ණකය අපිචර්මීය සෛලවලට පමණක් සීමා වී ඇත. අපිචර්මය ඉවත් කළ විට පත්‍ර හොඳට ම කොළපාටය. ළා දළුවලත් ශරත් කාලීන පත්‍රවලත් වර්ණකය පත්‍ර මධ්‍යය පුරා ම විසිරී තිබේ.
පුෂ්ප වර්ණකයන් අතුරෙන් සුලභතම වර්ගය ඇන්තොසයනින් වර්ණකයයි. සුදු, කහ හා තැඹිලි පාට පුෂ්පවල හැර අනික් සෑම පුෂ්පවල ම ඇන්තොසයනින් තිබේ. ඇමෝනියා වාෂ්පය වැදුණු කල ඇතැම් රතු පුෂ්ප නිල්පාට වේ. එබැවින් පුෂ්පවල රතුපාට හා නිල්පාට ඇති වීමට හේතුව සෛල යුෂයෙහි වූ ආම්ලිකතාව හා ක්ෂාරීයතාවය යනු කලකට පෙර පිළිගැනීම විය. එහෙත් සියලු ම ශාකවල යුෂය අඩු වැඩි වශයෙන් ආම්ලික බැවින් එකී අදහස හරි යයි සිතිය නොහේ. තවද ‘කෝන්ෆ්ලවර්’ පුෂ්පයේත් රෝස පුෂ්පයේත් ඇත්තේ සයනින් (cyanin) නමැති එක ම ඇතොසයනින් වර්ණකය බවත් මල නිල්පාට කෝන්ෆ්ලවර් ගසේ සෛල යුෂය මල රතුපාට රෝස ගසේ යුෂයට වඩා ආම්ලික බවත් පෙන්වා දී තිබේ. සෛල යුෂයෙහි තිබෙන සහවර්ණකයන් මගින් වර්ණකයේ පාට තරමක් වෙනස් කරනු ලබන බව රොබින්සන් පෙන්වා දී ඇත. PH අගය වැඩි වීමෙන් (එනම් ක්ෂාරීයතාවෙන්) සිදු වන්නාක් සේ වර්ණකයේ පාට නිලට හරවන ස්වභාවක් මෙහි දී සාමාන්‍යයෙන් දක්නට ලැබේ. අනික් සෛල යුෂ වර්ණක කාණ්ඩය (ඇන්තොසැන්තින්) ද ටැනින් වර්ග ද යකඩවල හා ඇලුමිනියම්වල ලවණ වැනි ඇතැම් ලවණ ද සහවර්ණකයන් ලෙස ක්‍රියා කරන බවත් රොබින්සන් විසින් පෙන්වා දෙන ලදි. ඇතොසයනින් හා සහවර්ණක විවිධ සමානුපාත සහිතව මිශ්‍රණය වීමෙන් විවිධ වර්ණ මහත් රාශියක් ඇති වීමට මඟ සැලසේ. ඇන්තොසැන්තින් ඇති විට ඩේලියා පුෂ්ප දම්පාට වේ; නැති විට චොකලට් පාට වේ. ඇතැම් ලවණ ආශ්‍රයෙන් හයිඩ්රේන්ජියා පුෂ්පවල පාට මඳක් වෙනස් කළ හැකි බව කවුරුනුත් පාහේ දන්නා කරුණකි. වර්ණකයේ කලිල තත්වය හා වර්ණකයේ සාන්ද්‍රණය අනුව ද මල්වල පාට අඩු වැඩි වශයෙන් වෙනස් වෙයි.
මල්වල පාටත් ප්‍රවේණ්‍යනුත් අතර සම්බන්ධයක් ඇති බව මැතක දී කරන ලද අභිජනන පරීක්ෂවලින් පෙනී ගොස් තිබේ. ඩේලියා මල් නොයෙක් නොයෙක් පාටින් ඇතිවීමට හේතුව ප්‍රවේණ්‍යනු යුගල හයක අන්‍යෝන්‍ය ක්‍රියාව බව දැනගෙන තිබේ. ඇතැම් ප්‍රවේණ්‍යනු ඇන්තොසයනින් වර්ණකයන්ගේ හටගැන්ම හා සමඟ සම්බන්ධය. ඇතැම් ඒවා ඇන්තොසැන්තින් වර්ණකයන්ගේ හටගැන්ම හා සමඟ සම්බන්ධය. එබැවින් සිත්තරකු සායම් මිශ්‍ර කොට තමන්ට අභිමත පාට ලබාගන්නේ යම්සේ ද එසේම ඇතැම් ප්‍රවේණ්‍යනු දෙමුහුන් කොට එක්තැන් කිරීමෙන් නොවරදවා ම අතැම් පාටැති මල් හටගන්නා පරිදි ශාක අභිජනනය කළ හැකිව තිබේ. හයිඩ්‍රොක්සිල් කාණ්ඩ ඇතුළු කිරීමේ දී ද ප්‍රවේණ්‍යණුවල සම්බන්ධයක් ඇති විය හැකිය. එහෙයින් ඇතැම් ශාක විශේෂවල ප්‍රවේණ්‍යණු විකෘතිය කරණ කොටගෙන පෙලාගොනිඩින් (pelargonidin) වෙනුවට සයනිඩින් (cyanidin) ඇති විය හැකිය.
ඇන්තොසයනින් වූකලි ඇන්තොසයනිඩින්වල මොනො හා ඩයි-ග්ලයිකොසයිඩ වේ. එනම් සීනි හා ඇතැම් පීනොලික සංයෝගවල සම්මිශ්‍රණ වේ. සම්මිශ්‍රණය වන සීනි බොහෝ අවස්ථාවන්හි දී ග්ලූකෝස් හෝ ගැලැක්ටෝස් හෝ රැම්නෝස් (rhamnose) හෝ විය හැකිය. වර්ණකය නටන ජලයෙන් නිස්සාරණය කළ හැකිය. එහෙත් එය ස්ථායී නොවේ. එය හොඳින් ම නිස්සාරණය කළ හැක්කේ දුර්වල අම්ලයක් (1%HCl) මගිනි. එසේ කළ විට ස්ථායී ලවණයක් වන රතු ඔක්සෝනියම් ලවණය සෑදේ. උදාසීන ද්‍රාවණයන්හි වර්ණකවලින් නිර්වර්ණ ව්‍යාජ–භස්මයක් සෑදේ. ක්ෂාර එක් කළ විට එය කහපාට වේ. සාන්ද්‍ර HCl සමග වර්ණකය ජලතාපකයක කෙටි කාලයක් නැටවුවහොත් ඇන්තොසයනින් ජල විච්ඡේදනය වී සීනි හෝ සීනි වර්ග කිහිපයක් හා ඇන්තොසයනිඩින් සෑදේ. ඇන්තොසයනිඩින් ජලයේ අද්‍රාව්‍යය. එහෙත් එය ඇමිල් ඇල්කොහොල්වල ද්‍රාව්‍යය. මේ ඇල්කොහොලය මගින් එය නිස්සාරණය කළ හැකිය. සහවර්ණක බැහැර කරනු ලැබූ පසු එක් එක් ඇන්තොසයනින් වර්ගය ඇතැම් සරල ප්‍රතිකාරකයන් සමඟ එය ඇති කරන වර්ණ ප්‍රතික්‍රියාවන් අනුසාරයෙන් අඳුනා ගත හැකිය. එතිල් ඇසිටේට් ස්තරයෙන් ඇන්තොසැන්තින් හා ටැනින් බැහැර වන තුරු අම්ල මගින් නිස්සාරණය කරන ලද ඇන්තොසයනින් එතිල් ඇසිටේට්වලින් නැවත නැවත සෝදනු ලැබූ විට රෝස හා ‘කෝන්ෆ්ලවර්’ පුෂ්පවල සයනිඩින් ග්ලයිකොසයිඩය ද තද රතුපාට ඩේලියා පුෂ්පවල පෙලාගොනිඩින් ග්ලයිකොසයිඩය ද ‘ලාක්ස්පර්’ පුෂ්පවල ඩෙල්ෆිනිඩින් ග්ලයිකොසයිඩය ද වෙන් වෙන් වශයෙන් අඳුනාගත හැකිය. පාර්ශ්වික බෙන්සීන් වළල්ලේ ආදේශ කරන ලද හයිඩ්‍රොක්සිල් කාණ්ඩවල සංඛ්‍යාව වැඩි වීමේ හේතුවෙන් පෙලාගොනිඩින්, සයනිඩින් හා ඩෙල්ෆිනිඩින් වැනි ඇන්තොසයනිඩින්වල නිල්පාට වැඩි වේ. මේ හයිඩ්‍රොක්සිල් කාණ්ඩවල ආදේශය සිදු කරනු ලබන්නේ ඇතැම් ප්‍රවේණ්‍යණු විසිනි. හයිඩ්‍රොක්සිල් කාණ්ඩවල වැඩි වීම නිල්පාට වැඩි කරන්නාක් මෙන් මෙතිල්කරණය (methylation) රතුපාට වැඩි කරයි. ඔක්සෝනියම් ලවණ රතු පාටය. එහෙත් නොයෙක් PH අගයන්හි දී ඒවා දක්වන පාටවලින් ඒවා එකිනෙකින් වෙන්කොට අඳුනාගනු ලැබේ. PH අගය 3.0 හෝ ඊට අඩු වන විට සයනින් රතුපාට වේ. PH අගය 8.5 දී එය දම්පාටය. PH අගය 11.0 දී එය නිල්පාටය.
කායික කෘත්‍ය
මේ වර්ණකයන් මගින් ජෛව කෘත්‍ය කිහිපයක් ඉටු කරනු ලැබෙතැයි විද්‍යාඥයෝ කල්පනා කරති. ආලෝක තිර කල්පිතයට (light screen hypothesis) අනුව, හානිකර කිරණ අවශෝෂණය කොට හරිතලව වර්ණකයන් ආරක්ෂා කිරීමේ කෘත්‍යය මේ වර්ණකවලට පැවරේ. මෙම කල්පිතය වූකලි ක්ලොරොපිල් ද්‍රාවණ ආලෝකයට අනාවරණය කළ විට හරිත වර්ණකය ශීඝ්‍රව විනාශ වී යෑමේ සිද්ධිය පදනම් කොට ගත්තකි. පහත් තැනිතලාවලට ඇල්පයින් ශාක ගෙන ආ විට ඒවායේ වර්ණක නැති වන බව පෙනී ගොස් තිබීමත් මේ කල්පිතයට තවත් රුකුලක් යයි සිතනු ලැබේ.
තාප කිරණ අවශෝෂණය කොට ශාකය උණුසුම් කිරීම පිණිස කොළවලට උපකාරී වී ඒ මගින් ශාකයේ අභ්‍යන්තර උෂ්ණත්වය නංවා එහි උත්ස්වේදන වේගය වැඩි කිරීමෙහි ලා ද වර්ණකයන්ගෙන් ජෛව කෘත්‍යයක් ඉටු වෙතැයි කල්පනා කරත්. එබැවින් මෙය නිවර්තන කැළෑවල ඝන සෙවණේ වැවෙන අකාෂ්ඨ වෘක්ෂලතාදිය මගින් ඛනිජ අවශෝෂණය කරගනු ලැබීම වැඩි කිරීම සඳහා යොදන එක් උපක්‍රමයකි. එහෙත් මේ උපක්‍රමය රඳා පවත්නේ ජල අවශෝෂණය වැඩි වන විට ලවණ උරාගැනීමත් වැඩි වේය යන කල්පනාව පිටයි. තාප කිරණවලින් ශාකවල එන්සයිමීය ක්‍රියාකාරිත්වය වැඩි කරතැයි ද සිතනු ලැබේ.
භූගෝලීය ව්‍යාප්තිය
සාමාන්‍යයෙන් නිවර්තන පුෂ්පවල පෙලාගොනිඩින් ව්‍යුත්පන්න ප්‍රමුඛව දක්නා ලැබේ. සෞම්‍ය ප්‍රදේශවලත් ඇල්පයින් ප්‍රදේශවලත් ශාකයන්හි වඩා බහුලව දක්නට ලැබෙන්නේ ඩෙල්ෆිනිඩින් ව්‍යුත්පන්නයි. නිල්පාට පුෂ්පවලට වඩා රතුපාට පුෂ්පවලට කලක් පර නොවී පැහැපත්ව පැවැත්මේ ශක්තියක් ඇතැයි විශ්වාස කරනු ලැබේ.
බොහොමයක් ග්ලයිකොසයිඩ වශයෙන් හෝ ටැනික් අම්ලයේ එස්ටර් වශයෙන් හෝ දක්නට ලැබුණත් සමහර වර්ණක මුක්තව පවතී. ඇන්තොසයනින් වර්ණක එපමණ මුක්තව නොපවතී. ඇන්තොසැන්තින්වල ග්ලයිකොසයිඩ නිර්වර්ණය. සුදු මල්වලින් පෙනී යන පරිදි ඒවා ශාකපටක වර්ණවත් නොකරයි. ක්ෂාර සමඟ ක්‍රියා කරන විට ඒවා කහපාට වේ. ඇමෝනියා වාෂ්ප වැදුණු සුදු පුෂ්ප තද කහපාට වේ. මුක්ත ඇන්තොසැන්තින් වර්ණකත් කහපාටය. ඉන්දියානු කපුවල (ගොසිපියුම් හෙර්බාසෙයුම්) හා ‘ස්නැප්ඩ්රැගන්’වල (ඇන්ටිරිනුම් මායුස්) කහපාටට හේතුව මේ වර්ණකයයි. වෙනත් කහ පුෂ්ප හා තැඹිලි පාට පුෂ්ප වැඩි හරියක එම වර්ණ ඇති වන්නේ කැරටිනොයිඩ (ලව වර්ණක) නිසාය. සාමාන්‍යයෙන් ඇන්තොසයනින් වර්ණක දක්නට නොලැබෙන ශාකවල පොත්තෙහි හා ලීයෙහි ද ඇන්තොසැන්තින් දක්නට ලැබේ.
ඇන්තොසැන්තින් වර්ණක පෙරික් ලවණ සමඟ ප්‍රතික්‍රියා කිරීමෙන් කොළ හෝ දුඹුරු වර්ණ ඇති වේ. ගල් අඟුරු තාර සායම් සාදාගන්නට කලින් ඇන්තොසැන්තින් වර්ණක විශාල ලෙස කර්මාන්තවල යොදන ලදි. රෙදි සායම් පෙවීමේ දී යකඩ, ඇලුමිනියම් හා වෙනත් ලෝහ වර්ගයන්ගේ නොයෙක් සංයෝග උපයෝගී කොටගෙන රෙද්ද රංගක්ෂම කළායින් පසු ඊට ශාකපටකවල නිස්සාරණයන් පෙවීමෙන් දුඹුරු හා කොළ වර්ණවල කැමති පැහැයකට එය සායම් කරගනු ලැබීය. කොස් ගසේ අරටුවෙන් ලබාගන්නා වර්ණකයක් භික්ෂූන්වහන්සේලා විසින් සිවුරු පඬු පෙවීමට බොහෝ කලක් තිස්සේ පාවිච්චි කරගෙන එනු ලැබේ. පෝෂණය අතින් ද ඇන්තොසැන්තින් වැදගත් වේ. ෆ්ලේවින් ව්‍යුත්පන්නයක් වන රිබෝෆ්ලේවින් හෙවත් B විටමින් සෑම ශාක හෝ සත්ව සෛලයක ම ඇතැයි සිතිය හැකිය.
ඇන්තොසැන්තින් වර්ණක ඇතොසයනින් වර්ණක සමග කිට්ටු සබඳකම් දක්වයි. ව්‍යූහය අතින් ද මේවා බොහෝ දුරට සමාන වේ. විල්ෂ්ටෙටර් (Willstätter) විසින් ක්වෙර්සිටින් ඔක්සිහරණය කිරීමෙන් එය සයනිඩින් බවට පරිවර්තනය කරන ලදි. ෆ්ලේවෝන් වර්ණකයන් අතුරෙහි ඉතා බහුල වර්ණකයක් වූ ක්වෙර්සිටින් ශාකයන්ගේ පොත්තේ දක්නට ලැබේ. එහි ඝටනාව 127 වන පිටුවේ දැක්වේ.
(කර්තෘ: බී.ඇල්.ටී. ද සිල්වා)
(සංස්කරණය: 1967)

