"ඇපල" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(ට්රියුම්ෆෙටා රොම්බොයිඩෙයා Triumfetta rhomboidea Jack.). අඩි 1,1/2...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
15:13, 5 දෙසැම්බර් 2025 වන විට නවතම සංශෝධනය
(ට්රියුම්ෆෙටා රොම්බොයිඩෙයා Triumfetta rhomboidea Jack.). අඩි 1,1/2 සිට 3 දක්වා උසට වැඩෙන මේ පැළෑටිය බූ සහිත අතු කීපයකින් යුක්තය. ඉහළ තිබෙන කොළ සරලය. පහළ තිබෙන කොළ අක්‍රමවත් ලෙස කරපත්‍රිකය (serrate). කොළවල නටු හා මල් කුඩාය; කහපාටය. සිහින් බූවක් ඇති ඵලය අඟල් 1/6ක් පමණ වේ. එය වකුටු වූ කටුවලින් යුක්තය.
ඉන්දියාව, මලයාව, චීනය, අප්‍රිකාව සහ ඇමෙරිකාව ආදි රටවල නිවර්තන සහ උපනිවර්තන ප්‍රදේශවල ඇපල වැවේ. ලංකාවේ පාතරට පාළු බිම්වල මේ වල් පැළෑටිය බහුලය. ඇපල ටිලියාසේ කුලයට අයත්ය.
සිනිඳුව අඹරා ගත් ඇපල මුල් ගඩුවලට හා ඇස්පිහාටු ඉදිමුම්වලට ද කොළ හා දඬු අඹරා සාදාගත් පාප්පය තඩිස්සි වූ ස්ථානවල වේදනාව අඩු කිරීමට ද ප්‍රතිකාරයක් වශයෙන් මැඩගස්කර් වාසීහු යොදති. සූලු රටේ ස්ත්‍රීහු සුඛප්‍රසූතිය සඳහා ද ප්‍රමාද වූ ප්‍රසූතිය ඉක්මන් කරවීම සඳහා ද ඇපල මුල් කෂාය උණුවෙන් පානය කරති.
ආයුර්වේද මතය
ඇපල මුල තික්තය, කටුකය, ශක්තිජනකය; මූත්‍ර වෘද්ධිය කරයි. ලේ නැවැත්වීමට හා කිරි එරීමට හිතකරය. ශීත වීර්යය ඇත්තේය; කාමෝද්දීපනයෙහි සමර්ථය; අතීසාරය නසයි. ඇපල කොළ සහ පොතු වෙනත් ඖෂධ වර්ග සමඟ පාචන රෝගයට පිළියමක් වශයෙන් යොදනු ලැබේ. මේ ගසේ කොළ, මල් හා ගෙඩි ප්‍රමේහ නාශක ඖෂධයකි.
(සංස්කරණය: 1967)