"උපනිෂ්ක්‍රමණය" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(නිෂ්ක්‍රමණය). මවුකුසින් බිහිවීමෙන් පසු දරුවක...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
12:26, 8 දෙසැම්බර් 2025 වන විට නවතම සංශෝධනය
(නිෂ්ක්‍රමණය). මවුකුසින් බිහිවීමෙන් පසු දරුවකුට ප්‍රථම වරට හිරු දැක්වීම (හිරු වැඳවීම) සඳහා කරනු ලබන සංස්කාරයකි. ඉතා පුරාණයේ පටන් හින්දුවරුන් අතර ව්‍යවහාරයෙහි පවත්නා මේ සංස්කාරය ලක්වැසියන් අතර ද දොරට වැඩීම නමින් මේ දක්වා ව්‍යාප්තව පවතී. ඇතැම් ග්‍රන්ථවල දැක්වෙන හැටියට බ්‍රාහ්මණ වංශිකයන් විසින් උත්පත්තියෙන් සිව්වන මාසයෙහි දී ද අනිකුත් වංශවලට අයත් වූවන් විසින් උපන් දොළොස් දවසින් හෝ තුන් මසින් හෝ බත් කැවීමේ දී ද හිරු දැක්වීම කළ යුතු වේ. වංශභේදයක් ගැන නොසලකා සිව්වන මාසයෙහි චන්ද්‍ර දර්ශනය සිදුකිරීමට නියමිතය. උපනිෂ්ක්‍රමණය පිළිබඳ විස්තර ගෘහ්‍ය සූත්‍රයන්හි බෙහෙවින් දක්නට ලැබේ.
(සංස්කරණය: 1970)