"උරචක්‍ර මාලාව" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('පාෂාණමය වූ හෝ මාණික්‍යමය වූ හෝ දැළි පිහිය සේ ත...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
 
(එක් අතරමැදි සංශෝධනය විසින් තවත් එක් පරිශීලක පෙන්වා නැත)
1 පේළිය: 1 පේළිය:
පාෂාණමය වූ හෝ මාණික්‍යමය වූ හෝ දැළි පිහිය සේ තියුණු මුවහත් ඇති, ගිනි ගෙන දිලියෙන, කරෙහි ලූ කල ශීර්ෂය වටා කුඹල් සකක් මෙන් භ්‍රමණය වෙමින් මුවහතට අසු වන ශරීර කොටස් කැපෙන සේ චක්‍රාකාරයෙන් නිර්මිත ආයුධයකි. පාපකර්ම කළවුන්ට මෙම චක්‍රය පහළ වී බෙල්ල වටේට කැපි කැපී කරකැවෙමින් මහත් දුක් ඇති කෙරෙතැයි ද පාපකර්මය ගෙවෙන තුරු මෙයින් නිදහස් වීමක් හෝ මිය යාමක් හෝ නැතැයි ද එබඳු පව්කම් කළවුන්ට මේ චක්‍රය චිත්තාකර්ෂණීය මල් මාලාවක් මෙන් පෙනෙන හෙයින් එය උරචක්‍ර මාලා නමැයි ද කියනු ලැබේ.
+
පාෂාණමය වූ හෝ මාණික්‍යමය වූ හෝ දැළි පිහිය සේ තියුණු මුවහත් ඇති, ගිනිගෙන දිලියෙන, කරෙහි ලූ කල ශීර්ෂය වටා කුඹල් සකක් මෙන් භ්‍රමණය වෙමින් මුවහතට අසු වන ශරීර කොටස් කැපෙන සේ චක්‍රාකාරයෙන් නිර්මිත ආයුධයකි. පාපකර්ම කළවුන්ට මෙම චක්‍රය පහළ වී බෙල්ල වටේට කැපි කැපී කරකැවෙමින් මහත් දුක් ඇති කෙරෙතැයි ද පාපකර්මය ගෙවන තුරු මෙයින් නිදහස් වීමක් හෝ මිය යාමක් හෝ නැතැයි ද එබඳු පව්කම් කළවුන්ට මේ චක්‍රය චිත්තාකර්ෂණීය මල් මාලාවක් මෙන් පෙනෙන හෙයින් එය උරචක්‍ර මාලා නමැයි ද කියනු ලැබේ.  
  
එක්සිය අටවිස්සක් වූ උසස්ද නරකයන්ගෙන් එකක් ද උරචක්‍ර මාලා නමින් හැඳින්වෙයි. එය මවුපියන්ට අනදර කළවුන් පැසෙන නරකය බැව් සඳහන් වන බැවින් උරචක්‍ර මාලාවට කැපෙමින් දුක් විඳින්නවුන් සඳහා නිර්මිත වූ නරකය එය ම බව සැලකිය හැකිය.
+
එක්සිය අටවිස්සක් වූ උස්සද නරකයන්ගෙන් එකක් ද උරචක්‍ර මාලා නමින් හැඳින්වෙයි. එය මවුපියන්ට අනදර කළවුන් පැසෙන නරකය බැව් සඳහන් වන බැවින් උරචක්‍ර මාලාවට කැපෙමින් දුක් විඳින්නවුන් සඳහා නිර්මිත වූ නරකය එය ම බව සැලැකිය හැකිය.
 +
 
 +
(සංස්කරණය: 1970)
 +
 
 +
[[ප්‍රවර්ගය: බෞද්ධ ධර්මපාඨ]]
 +
 
 +
[[ප්‍රවර්ගය: උ]]

08:40, 18 දෙසැම්බර් 2025 වන විට නවතම සංශෝධනය

පාෂාණමය වූ හෝ මාණික්‍යමය වූ හෝ දැළි පිහිය සේ තියුණු මුවහත් ඇති, ගිනිගෙන දිලියෙන, කරෙහි ලූ කල ශීර්ෂය වටා කුඹල් සකක් මෙන් භ්‍රමණය වෙමින් මුවහතට අසු වන ශරීර කොටස් කැපෙන සේ චක්‍රාකාරයෙන් නිර්මිත ආයුධයකි. පාපකර්ම කළවුන්ට මෙම චක්‍රය පහළ වී බෙල්ල වටේට කැපි කැපී කරකැවෙමින් මහත් දුක් ඇති කෙරෙතැයි ද පාපකර්මය ගෙවන තුරු මෙයින් නිදහස් වීමක් හෝ මිය යාමක් හෝ නැතැයි ද එබඳු පව්කම් කළවුන්ට මේ චක්‍රය චිත්තාකර්ෂණීය මල් මාලාවක් මෙන් පෙනෙන හෙයින් එය උරචක්‍ර මාලා නමැයි ද කියනු ලැබේ.

එක්සිය අටවිස්සක් වූ උස්සද නරකයන්ගෙන් එකක් ද උරචක්‍ර මාලා නමින් හැඳින්වෙයි. එය මවුපියන්ට අනදර කළවුන් පැසෙන නරකය බැව් සඳහන් වන බැවින් උරචක්‍ර මාලාවට කැපෙමින් දුක් විඳින්නවුන් සඳහා නිර්මිත වූ නරකය එය ම බව සැලැකිය හැකිය.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උරචක්‍ර_මාලාව&oldid=9499" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි