"උගුර" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
 
1 පේළිය: 1 පේළිය:
[[ගොනුව:4-378-1.jpg|300px|left]][[ගොනුව:4-377-3.jpg|400px|right]]කණ්ඨකීය ස්තම්භය (spinal column) ඉදිරියෙහි වූ බෙල්ලේ කොටස උගුර නමින් හැඳින්වේ. පෙණහැලි හා ආමාශය කරා බෙල්ල මැදින් යන මාර්ගය ද උගුර වේ. ග්‍රසනිකාව (pharynx), අන්නස්‍රෝතයේ (oesophagus) ඉහළ කොටස, ශ්වාස නාලයේ (trachea) ඉහළ කොටස හා ස්වරාලය (larynx) උගුරේ පිහිටා තිබේ. සෙම්ගෙඩි (ශුණ්ඩිල) නමින් හැඳින්වෙන වසා පටක පිණ්ඩ යුගලයක් ද උගුර දෙපැත්තේ පිහිටා ඇත.
+
[[ගොනුව:4-378-1.jpg|400px|left]][[ගොනුව:4-377-3.jpg|400px|right]]කණ්ඨකීය ස්තම්භය (spinal column) ඉදිරියෙහි වූ බෙල්ලේ කොටස උගුර නමින් හැඳින්වේ. පෙණහැලි හා ආමාශය කරා බෙල්ල මැදින් යන මාර්ගය ද උගුර වේ. ග්‍රසනිකාව (pharynx), අන්නස්‍රෝතයේ (oesophagus) ඉහළ කොටස, ශ්වාස නාලයේ (trachea) ඉහළ කොටස හා ස්වරාලය (larynx) උගුරේ පිහිටා තිබේ. සෙම්ගෙඩි (ශුණ්ඩිල) නමින් හැඳින්වෙන වසා පටක පිණ්ඩ යුගලයක් ද උගුර දෙපැත්තේ පිහිටා ඇත.
  
ග්‍රසනිකාව වූකලි මුඛ කුහරය හා අන්නස්‍රෝතය අතර තිබෙන ආහාර මාර්ගයේ කොටසය. මිනිසාගේ ග්‍රසනිකාව අහල් 4,1/2ක් පමණ දික් වූ කේතුවක හැඩය ඇති පේශික-පටලමය (musculo-membranous) නළයකි. එහි ඉහළ කොටසත් මුඛය හා නාසික මාර්ගත් එකිනෙකට සම්බන්ධය. යූස්ටේකීය නළ (eustachian tubes) මගින් ග්‍රසනිකාව කන් සමඟ සම්බන්ධය පවත්වා ගනියි. ග්‍රසනිකාවෙහි සිට ආමාශය කරා යන නළය අන්නස්‍රෝතය වේ. මුඛයේ සිට ආමාශයට ආහාර ගෙන යනු ලබන්නේ මේ නළය තුළින්ය. පෙණහැලි ඇතුළට ද පෙණහැලිවලින් පිටතට ද වාතය ගෙන යන නළ පද්ධතියේ ප්‍රධාන මුල් කොටස ශ්වාසනාලය වේ. ශ්වාසනාලයේ විකරණ වූ මුල් කොටස ස්වරාලය වේ. ශබ්ද නිපදවීමට ද කථා කිරීමටද මිනිසාට හා බොහෝ ක්ෂිරපායින්ට ඔවුන්ගේ ස්වරාලය ඉතා උපකාරී වේ.
 
14:55, 17 පෙබරවාරි 2026 වන විට නවතම සංශෝධනය

4-378-1.jpg
4-377-3.jpg
කණ්ඨකීය ස්තම්භය (spinal column) ඉදිරියෙහි වූ බෙල්ලේ කොටස උගුර නමින් හැඳින්වේ. පෙණහැලි හා ආමාශය කරා බෙල්ල මැදින් යන මාර්ගය ද උගුර වේ. ග්‍රසනිකාව (pharynx), අන්නස්‍රෝතයේ (oesophagus) ඉහළ කොටස, ශ්වාස නාලයේ (trachea) ඉහළ කොටස හා ස්වරාලය (larynx) උගුරේ පිහිටා තිබේ. සෙම්ගෙඩි (ශුණ්ඩිල) නමින් හැඳින්වෙන වසා පටක පිණ්ඩ යුගලයක් ද උගුර දෙපැත්තේ පිහිටා ඇත.

ග්‍රසනිකාව වූකලි මුඛ කුහරය හා අන්නස්‍රෝතය අතර තිබෙන ආහාර මාර්ගයේ කොටසය. මිනිසාගේ ග්‍රසනිකාව අහල් 4,1/2ක් පමණ දික් වූ කේතුවක හැඩය ඇති පේශික-පටලමය (musculo-membranous) නළයකි. එහි ඉහළ කොටසත් මුඛය හා නාසික මාර්ගත් එකිනෙකට සම්බන්ධය. යූස්ටේකීය නළ (eustachian tubes) මගින් ග්‍රසනිකාව කන් සමඟ සම්බන්ධය පවත්වා ගනියි. ග්‍රසනිකාවෙහි සිට ආමාශය කරා යන නළය අන්නස්‍රෝතය වේ. මුඛයේ සිට ආමාශයට ආහාර ගෙන යනු ලබන්නේ මේ නළය තුළින්ය. පෙණහැලි ඇතුළට ද පෙණහැලිවලින් පිටතට ද වාතය ගෙන යන නළ පද්ධතියේ ප්‍රධාන මුල් කොටස ශ්වාසනාලය වේ. ශ්වාසනාලයේ විකරණ වූ මුල් කොටස ස්වරාලය වේ. ශබ්ද නිපදවීමට ද කථා කිරීමටද මිනිසාට හා බොහෝ ක්ෂිරපායින්ට ඔවුන්ගේ ස්වරාලය ඉතා උපකාරී වේ.

උගුරේ නොයෙක් ආසාදනයන් (infection) ඇති වන්නට පුළුවන. ග්‍රසනිකාව ප්‍රදාහය වීමෙන් ග්‍රසනිකාප්‍රදාහය (pharyngitis) ඇති වේ. ස්වරාලය ප්‍රදාහය වීමෙන් ස්වරාලප්‍රදාහය (laryngitis) ඇති වේ. සෙම්ගෙඩි ප්‍රදාහය (tonsilitis) ඇති වීමෙන් සෙම්ගෙඩි ඉදිමේ. උගුර ශරීරයේ මුල් දොරටුවක් වන බැවින් එය නීරෝග තත්වයක තබාගැනීමෙන් බොහෝ ආසාදනයන් වැළැක්විය හැකිය.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උගුර&oldid=10120" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි