"ඌරුමීයා" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| (නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්) | |||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | [[ගොනුව:5- | + | [[ගොනුව:5-115.jpg|350px|right]](නෙසොකියා බැන්ඩිකොටා-Nesokia bandicota Blanford). ඌරුමීයා ලංකාවේ මීයන් අතුරෙහි දක්නා ලොකු ම මීයා වේ. ලංකාවේ තෙත් ප්‍රදේශයේ මුහුදු වෙරළේ සිට කඳුකරය දක්වා ප්‍රදේශයන්හි ඌරුමීයා වැඩි වශයෙන් දැක්ක හැකිය. ඉන්දියාවේ ඌරුමීයා ජීවත්වන්නේ දකුණු ඉන්දියාව, මයිසූර් හා මධ්‍ය ප්‍රදේශය ආදි පළාත්වලය. |
ඌරුමීයා මොට වූ හොම්බක් සහිත රළු පෙනුමකින් යුත් සතෙකි. උගේ කෘන්තක සාමාන්‍ය මීයාගේ කෘන්තකයන්ට වඩා පළල්ය. උගේ චාර්වක දත්වල තුණ්ඩ (cusps) වඩා පැහැදිලි නැත. මේ ලක්ෂණ දෙක අතින් ඌ සාමාන්‍ය මීයාට වෙනස් වෙයි. ඌරුමීයාගේ ශරීරයෙහි උඩුපැත්ත අළු පාටට හුරු දුඹුරු පාටය. උගේ දෙපැත්ත අළු පාටය; රැවුළ තද කළුය. කඳුකර ඌරුමීයා පාතරට ඌරුමියාට වඩා ටිකක් ලොකුය; පාටින් ද වඩා කළුය. සාමාන්‍ය පිරිමි සතෙක් අඟල් 12ක් පමණ දිගය. වලිගය ද සමඟ අඟල් 23ක් පමණ දිගය. ඌරුමීයාගේ ශරීරය රළු එහෙත් ඝන නොවූ කේශරවලින් වැසී ඇත. උගේ පිටේ රළු කේශර අතර සිහින් රෝම වර්ගයක් ද ඇත. බඩ පැත්තේ කේශර කෙටිය. පාදවල හා කන්වල කුඩා කේශර ඇත. කන් ලොකුය. උගේ පා ඇඟිලිවල (පස් හෑරීම පිණිස යොදන) කෙටි ශක්තිමත් නිය තිබේ. වලිගය කොරල සහිතය. එහි කේශර ඇති නැති තරම්ය. | ඌරුමීයා මොට වූ හොම්බක් සහිත රළු පෙනුමකින් යුත් සතෙකි. උගේ කෘන්තක සාමාන්‍ය මීයාගේ කෘන්තකයන්ට වඩා පළල්ය. උගේ චාර්වක දත්වල තුණ්ඩ (cusps) වඩා පැහැදිලි නැත. මේ ලක්ෂණ දෙක අතින් ඌ සාමාන්‍ය මීයාට වෙනස් වෙයි. ඌරුමීයාගේ ශරීරයෙහි උඩුපැත්ත අළු පාටට හුරු දුඹුරු පාටය. උගේ දෙපැත්ත අළු පාටය; රැවුළ තද කළුය. කඳුකර ඌරුමීයා පාතරට ඌරුමියාට වඩා ටිකක් ලොකුය; පාටින් ද වඩා කළුය. සාමාන්‍ය පිරිමි සතෙක් අඟල් 12ක් පමණ දිගය. වලිගය ද සමඟ අඟල් 23ක් පමණ දිගය. ඌරුමීයාගේ ශරීරය රළු එහෙත් ඝන නොවූ කේශරවලින් වැසී ඇත. උගේ පිටේ රළු කේශර අතර සිහින් රෝම වර්ගයක් ද ඇත. බඩ පැත්තේ කේශර කෙටිය. පාදවල හා කන්වල කුඩා කේශර ඇත. කන් ලොකුය. උගේ පා ඇඟිලිවල (පස් හෑරීම පිණිස යොදන) කෙටි ශක්තිමත් නිය තිබේ. වලිගය කොරල සහිතය. එහි කේශර ඇති නැති තරම්ය. | ||
| − | + | [[ගොනුව:5-114.jpg|350px|left]] | |
ඌරුමීයා සාමාන්‍යයෙන් කුඹුරුවල හා කැළෑවල වාසය කරන සතකු වුවත් ගෙවතුවලට ද මහත් අලාභ ඇති කරන සතකු වශයෙන් සලකනු ලැබේ. ඌ සාමාන්‍යයෙන් කණ්ඩියක හෝ බෑවුමක ගැඹුරු බෙනයක් හාරාගෙන වාසය කරයි. උගේ බෙනය ඉතා සංකීර්ණ එකකි. අඩි 3ක් පමණ වූ ප්‍රධාන මාර්ගයක් බෙනයේ තිබේ. මෙයින් ශාඛා කීපයක් එක් එක් අතට යයි. බෙනයෙන් පිට වී යාමට ද මාර්ග කිහිපයක් තිබේ. වියළි කොළ හා රිකිලිවලින් ඌරුමීයා බෙනය ඇතුළේ කූඩුවක් සාදාගනියි. ඇතැම් විට බෙනයක ගැහැනු සතකු හා උගේ පැටවු ද දක්නට ලැබෙත්. රෑ කාලයේ දී ඌරුමීයා බෙනයෙන් පිටතට නික්ම මුල් හා අල ආදිය හාරාගෙන කයි. දවල් කාලයේ දී බෙනය තුළ හෝ ලී ගොඩක් යටට වී සැඟ වී හෝ සිටී. නොයෙක් මුල් හා අල වර්ග ද ධාන්‍ය වර්ග ද උගේ ප්‍රධාන ආහාරයි. ඌරුමීයාට ඉතා හොඳින් ජලයෙහි පීනිය හැකිය. | ඌරුමීයා සාමාන්‍යයෙන් කුඹුරුවල හා කැළෑවල වාසය කරන සතකු වුවත් ගෙවතුවලට ද මහත් අලාභ ඇති කරන සතකු වශයෙන් සලකනු ලැබේ. ඌ සාමාන්‍යයෙන් කණ්ඩියක හෝ බෑවුමක ගැඹුරු බෙනයක් හාරාගෙන වාසය කරයි. උගේ බෙනය ඉතා සංකීර්ණ එකකි. අඩි 3ක් පමණ වූ ප්‍රධාන මාර්ගයක් බෙනයේ තිබේ. මෙයින් ශාඛා කීපයක් එක් එක් අතට යයි. බෙනයෙන් පිට වී යාමට ද මාර්ග කිහිපයක් තිබේ. වියළි කොළ හා රිකිලිවලින් ඌරුමීයා බෙනය ඇතුළේ කූඩුවක් සාදාගනියි. ඇතැම් විට බෙනයක ගැහැනු සතකු හා උගේ පැටවු ද දක්නට ලැබෙත්. රෑ කාලයේ දී ඌරුමීයා බෙනයෙන් පිටතට නික්ම මුල් හා අල ආදිය හාරාගෙන කයි. දවල් කාලයේ දී බෙනය තුළ හෝ ලී ගොඩක් යටට වී සැඟ වී හෝ සිටී. නොයෙක් මුල් හා අල වර්ග ද ධාන්‍ය වර්ග ද උගේ ප්‍රධාන ආහාරයි. ඌරුමීයාට ඉතා හොඳින් ජලයෙහි පීනිය හැකිය. | ||
15:13, 16 අප්‍රේල් 2026 වන විට නවතම සංශෝධනය
(නෙසොකියා බැන්ඩිකොටා-Nesokia bandicota Blanford). ඌරුමීයා ලංකාවේ මීයන් අතුරෙහි දක්නා ලොකු ම මීයා වේ. ලංකාවේ තෙත් ප්‍රදේශයේ මුහුදු වෙරළේ සිට කඳුකරය දක්වා ප්‍රදේශයන්හි ඌරුමීයා වැඩි වශයෙන් දැක්ක හැකිය. ඉන්දියාවේ ඌරුමීයා ජීවත්වන්නේ දකුණු ඉන්දියාව, මයිසූර් හා මධ්‍ය ප්‍රදේශය ආදි පළාත්වලය.ඌරුමීයා මොට වූ හොම්බක් සහිත රළු පෙනුමකින් යුත් සතෙකි. උගේ කෘන්තක සාමාන්‍ය මීයාගේ කෘන්තකයන්ට වඩා පළල්ය. උගේ චාර්වක දත්වල තුණ්ඩ (cusps) වඩා පැහැදිලි නැත. මේ ලක්ෂණ දෙක අතින් ඌ සාමාන්‍ය මීයාට වෙනස් වෙයි. ඌරුමීයාගේ ශරීරයෙහි උඩුපැත්ත අළු පාටට හුරු දුඹුරු පාටය. උගේ දෙපැත්ත අළු පාටය; රැවුළ තද කළුය. කඳුකර ඌරුමීයා පාතරට ඌරුමියාට වඩා ටිකක් ලොකුය; පාටින් ද වඩා කළුය. සාමාන්‍ය පිරිමි සතෙක් අඟල් 12ක් පමණ දිගය. වලිගය ද සමඟ අඟල් 23ක් පමණ දිගය. ඌරුමීයාගේ ශරීරය රළු එහෙත් ඝන නොවූ කේශරවලින් වැසී ඇත. උගේ පිටේ රළු කේශර අතර සිහින් රෝම වර්ගයක් ද ඇත. බඩ පැත්තේ කේශර කෙටිය. පාදවල හා කන්වල කුඩා කේශර ඇත. කන් ලොකුය. උගේ පා ඇඟිලිවල (පස් හෑරීම පිණිස යොදන) කෙටි ශක්තිමත් නිය තිබේ. වලිගය කොරල සහිතය. එහි කේශර ඇති නැති තරම්ය.
ඌරුමීයා සාමාන්‍යයෙන් කුඹුරුවල හා කැළෑවල වාසය කරන සතකු වුවත් ගෙවතුවලට ද මහත් අලාභ ඇති කරන සතකු වශයෙන් සලකනු ලැබේ. ඌ සාමාන්‍යයෙන් කණ්ඩියක හෝ බෑවුමක ගැඹුරු බෙනයක් හාරාගෙන වාසය කරයි. උගේ බෙනය ඉතා සංකීර්ණ එකකි. අඩි 3ක් පමණ වූ ප්‍රධාන මාර්ගයක් බෙනයේ තිබේ. මෙයින් ශාඛා කීපයක් එක් එක් අතට යයි. බෙනයෙන් පිට වී යාමට ද මාර්ග කිහිපයක් තිබේ. වියළි කොළ හා රිකිලිවලින් ඌරුමීයා බෙනය ඇතුළේ කූඩුවක් සාදාගනියි. ඇතැම් විට බෙනයක ගැහැනු සතකු හා උගේ පැටවු ද දක්නට ලැබෙත්. රෑ කාලයේ දී ඌරුමීයා බෙනයෙන් පිටතට නික්ම මුල් හා අල ආදිය හාරාගෙන කයි. දවල් කාලයේ දී බෙනය තුළ හෝ ලී ගොඩක් යටට වී සැඟ වී හෝ සිටී. නොයෙක් මුල් හා අල වර්ග ද ධාන්‍ය වර්ග ද උගේ ප්‍රධාන ආහාරයි. ඌරුමීයාට ඉතා හොඳින් ජලයෙහි පීනිය හැකිය.
බැන්ඩිකොටා මලබාරිකා (Bandicota malabarica) යන නමින් ද ඌරුමියා හැඳින්වේ. මේ ගණයට අයත් වෙනත් විශේෂයෝ පලස්තීනය, මධ්‍යම ආසියාව හා තායිවාන් යනාදි ප්‍රදේශවල දක්නට ලැබෙත්. ඌරුමීයා මමාලියා වර්ගයෙහි රොඩෙන්ටියා ගෝත්‍රයෙහි (රොඩෙන්ටියා ගෝත්‍රය බ.) මුරිඩෙ (Muridae) කුලයට අයත් වේ.
(සංස්කරණය: 1974)

