"එක්ස්-ලේ-බැං" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(Aix-les-Bains). ප්‍රංසයේ සැවෝයි පළාතේ පෙදෙසක් හා නගරයක...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 3 පේළිය: | 3 පේළිය: | ||
(සංස්කරණය: 1974) | (සංස්කරණය: 1974) | ||
| − | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: භූගෝල විද්‍යාව]] |
| − | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: එ]] |
09:48, 19 මැයි 2026 වන විට නවතම සංශෝධනය
(Aix-les-Bains). ප්‍රංසයේ සැවෝයි පළාතේ පෙදෙසක් හා නගරයක් මෙනමින් හැඳින්වේ. ඇල්ප්ස් කඳු පාමුල වූ නිම්නයක පිහිටා ඇති එක්ස්-ලේ-බැං පෙදෙස සැපදායක දේශගුණයෙන් යුක්තය. මෙහි උණු දිය උල්පත් චිර ප්‍රසිද්ධය. ඩයනා නම් ග්‍රීක දෙවඟනට කැප කළ පැරණි කුඩා දේවස්ථානයක් අද ද මෙහි දක්නට තිබේ. මේ අවට පැරණි නටබුන් රැසකි. 19 වැනි සියවසේ දී එක්ස්-ලේ-බැං නගරය විවේක සුව පතා පැමිණෙන්නවුන් සඳහා වූ ප්‍රධාන පන්තියේ සුඛ ස්ථානයක් බවට පරිවර්තනය විය. මෙහි ජනගහනය (1959) 15,680කි.
(සංස්කරණය: 1974)