"අයිසෝරියාව" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) |
|||
(අතරමැදි සංශෝධන 7 විසින් පරිශීලක 2 පෙන්වා නැත) | |||
1 පේළිය: | 1 පේළිය: | ||
− | සුළු ආසියාවේ ටෝරස් කඳු වැටියට උතුරෙන් පිහිටා තුබුණු පැරණි | + | (Isauria). සුළු ආසියාවේ ටෝරස් කඳු වැටියට උතුරෙන් පිහිටා තුබුණු පැරණි දිස්ත්රික්කයකි. මේ ප්රදේශය දැනට තුර්කි රාජ්යයට අයිතිය. කැළෑ ප්රදේශයක් වූ මෙහි කොල්ලකෑම් ආදියෙන් දිවි රැකගත් අයිසෝරියානුන් නමින් හැඳින්වුණු මනුෂ්ය ජාතියක් ආදියෙහි ජීවත් වූ බව පෙනේ. මේ ප්රදේශයේ අගනුවර හැඳින්වුණේ ද අයිසෝරියා යන නමිනි. එය කොටු පවුරුවලින් තරයේ ආරක්ෂා කරනු ලැබූවක් බව ද ක්රි.පූ. සිව්වන සියවසේ දී මැසිඩෝනියන්වරුන් විසින් ආක්රමණය කරනු ලැබූ අවස්ථාවේ දී අයිසෝරියන්වරුන් නගරය ගිනි තබා සතුරන් අතට පත්වීමෙන් වළකා පලාගිය බව ද කියති. ක්රි.පූ. පළමුවන සියවසේ පමණ සිට රෝමවරුන්ගේ ආධිපත්යය මේ ප්රදේශයේ පැවතුණු නමුත් ඔවුන්ට මේ කොල්ලකාර අයිසෝරියන්වරුන් කිසි දිනක සම්පූර්ණයෙන් යටත් කොටගත නොහැකි විය. බයිසන්ටයින් රාජ්යය පාලනය කළ අධිරාජයන් කිහිපදෙනකුන් ම බිහිකිරීමේ ගෞරවය මේ ප්රදේශයට අයත්ය. සීනෝ නමැති අධිරාජයා හා තුන්වන ලියෝ නම් වූ අධිරාජයා ද මොවුන් අතුරින් ප්රධානය. බයිසන්ටයින් අධිරාජ්යයේ අයිසෝරියානු රාජවංශය පටන් ගැනුණේ මේ තුන් වන ලියෝ රජුගෙනි. ඔහුගෙන් පසු මේ පරම්පරාවේ රජවරුන් විසින් බයිසන්ටයින් රාජ්යය ශතවර්ෂ තුනක් පමණ පාලනය කරන ලද බව පෙනේ. එකොළොස්වන සියවසේ අගහරියේ දී පමණ අයිසෝරියා ප්රදේශය සෙල්ජුක් තුර්කිවරුන්ට යටත් විය. තුදුස්වන සියවසෙහි දී සුළු ආසියාව ඔටෝමාන් තුර්කිවරුන්ට යටත් වූ අවස්ථාවේ දී අයිසෝරියා ප්රදේශය ඔවුන්ගේ අධිරාජ්යයට අයත් වූයේය. කෙමාල් අටාටූර්ක් 1922 දී තුර්කිය සමූහාණ්ඩුවක් බවට පත් කිරීමෙන් පසු මේ ප්රදේශය තුර්කි සමූහාණ්ඩුව යටතට ආයේය. |
− | [[ප්‍රවර්ගය: අ]] | + | |
+ | (සංස්කරණය: 1965) | ||
+ | |||
+ | [[ප්‍රවර්ගය: භූගෝල විද්‍යාව]] | ||
+ | |||
+ | [[ප්‍රවර්ගය:අ]] |
09:55, 16 ඔක්තෝබර් 2024 වන විට නවතම සංශෝධනය
(Isauria). සුළු ආසියාවේ ටෝරස් කඳු වැටියට උතුරෙන් පිහිටා තුබුණු පැරණි දිස්ත්රික්කයකි. මේ ප්රදේශය දැනට තුර්කි රාජ්යයට අයිතිය. කැළෑ ප්රදේශයක් වූ මෙහි කොල්ලකෑම් ආදියෙන් දිවි රැකගත් අයිසෝරියානුන් නමින් හැඳින්වුණු මනුෂ්ය ජාතියක් ආදියෙහි ජීවත් වූ බව පෙනේ. මේ ප්රදේශයේ අගනුවර හැඳින්වුණේ ද අයිසෝරියා යන නමිනි. එය කොටු පවුරුවලින් තරයේ ආරක්ෂා කරනු ලැබූවක් බව ද ක්රි.පූ. සිව්වන සියවසේ දී මැසිඩෝනියන්වරුන් විසින් ආක්රමණය කරනු ලැබූ අවස්ථාවේ දී අයිසෝරියන්වරුන් නගරය ගිනි තබා සතුරන් අතට පත්වීමෙන් වළකා පලාගිය බව ද කියති. ක්රි.පූ. පළමුවන සියවසේ පමණ සිට රෝමවරුන්ගේ ආධිපත්යය මේ ප්රදේශයේ පැවතුණු නමුත් ඔවුන්ට මේ කොල්ලකාර අයිසෝරියන්වරුන් කිසි දිනක සම්පූර්ණයෙන් යටත් කොටගත නොහැකි විය. බයිසන්ටයින් රාජ්යය පාලනය කළ අධිරාජයන් කිහිපදෙනකුන් ම බිහිකිරීමේ ගෞරවය මේ ප්රදේශයට අයත්ය. සීනෝ නමැති අධිරාජයා හා තුන්වන ලියෝ නම් වූ අධිරාජයා ද මොවුන් අතුරින් ප්රධානය. බයිසන්ටයින් අධිරාජ්යයේ අයිසෝරියානු රාජවංශය පටන් ගැනුණේ මේ තුන් වන ලියෝ රජුගෙනි. ඔහුගෙන් පසු මේ පරම්පරාවේ රජවරුන් විසින් බයිසන්ටයින් රාජ්යය ශතවර්ෂ තුනක් පමණ පාලනය කරන ලද බව පෙනේ. එකොළොස්වන සියවසේ අගහරියේ දී පමණ අයිසෝරියා ප්රදේශය සෙල්ජුක් තුර්කිවරුන්ට යටත් විය. තුදුස්වන සියවසෙහි දී සුළු ආසියාව ඔටෝමාන් තුර්කිවරුන්ට යටත් වූ අවස්ථාවේ දී අයිසෝරියා ප්රදේශය ඔවුන්ගේ අධිරාජ්යයට අයත් වූයේය. කෙමාල් අටාටූර්ක් 1922 දී තුර්කිය සමූහාණ්ඩුවක් බවට පත් කිරීමෙන් පසු මේ ප්රදේශය තුර්කි සමූහාණ්ඩුව යටතට ආයේය.
(සංස්කරණය: 1965)