"ඇලෙක්සැන්ඩර් I (1)" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(1888-1934). සර්බියානු, ක්රෝවැට් හා ස්ලොවීන් වර්ගයන...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) සුළු (Senasinghe විසින් ඇලෙක්සැන්ඩර් I සිට ඇලෙක්සැන්ඩර් I (1) වෙත පිටුව ගෙන යන ලදී) |
(වෙනසක් නොමැත)
| |
09:51, 13 ඔක්තෝබර් 2026 වන විට නවතම සංශෝධනය
(1888-1934). සර්බියානු, ක්රෝවැට් හා ස්ලොවීන් වර්ගයන්ගේ රාජ්ය ප්රතිශාසකයාව සිට පසුව යුගෝස්ලාවියාවේ රජ පදවිය ලැබූ මෙතෙම යුගෝස්ලාවියාවේ පීටර් කැරජෝර්ජවිච් රජුගේ දෙවන පුත්රයායි.
1914 දී එවක රෝගීව දුර්වලව සිටි පීටර් රජ ඇලෙක්සැන්ඩර් කුමරු රාජ්යප්රතිශාසකයා වශයෙන් පත් කෙළේය. මේ නිසා පළමුවන ලෝක යුද්ධය ඇරඹුණු අවස්ථාවේ දී යුදහමුදාවේ ප්රධාන සේනාධිපති තනතුර ඔහුට පැවරිණ. හමුදා මූලස්ථානයේ දිගට ම නතර වී සිටි හෙතෙම ඇල්බේනියාව ඔස්සේ පසු බැස යද්දී තම සෙබළුන් හා සමඟ සියලු ම කම්කටුලුවලට මූණපාමින් මුහුදුකරයට පැමිණියේ බරපතළ ලෙස රෝගාතුර විය. එහෙත් තමා අද්රියාතික් මුහුදින් එතෙර කරලීමට සැලසුණු ආධාරෝපකාර ඉවත ලා සියලු ම අනාථ යුද සෙබළුන් රක්ෂාස්ථාන කරා ගෙන යන තෙක් හෙතෙම එහි ම නතර වී සිටියේය.
මෙකල පිටිවහල් කොට තුබූ සර්බියානු රජය නැවත කෝර්ෆූ නගරයේ පිහිටුවාලීමෙන් පසු ඇලෙක්සැන්ඩර් කුමරු පැරිස් හා ලංඩන් යන නගරවල සංචාරයක යෙදුණේය. ඒ නගරවල දී හෙතෙම සාදරයෙන් පිළිගන්නා ලදි. යුද්ධයේ ඉතිරි කොටසේ දී හෙතෙම සර්බියානු යුදහමුදා මූලස්ථානයේ ම රැඳී සිටිමින් 1918 දී තම හමුදාවේ ජයග්රාහී ගමනට සහභාගී විය. අනතුරුව මුලින් රාජ්යද්වයක්ව පැවති සියලු ම යුගෝස්ලාව් ප්රදේශවල රාජ්යප්රතිශාසකයා වශයෙන් පිළිගන්නා ලද හෙතෙම “සර්බියානු, ක්රෝවැට් හා ස්ලොවීන් වර්ගයන්ගේ රාජ්යප්රතිශාසකයා” යන විරුද නාමය යොදාගත්තේය. 1921 දී තම පියාගෙන් පසු යුගෝස්ලාවියාවේ රජකම ඔහුට ලැබුණේය.
ඇලෙක්සැන්ඩර් රජ තම පියා මෙන් ව්යවස්ථානුකූල හා පාර්ලිමේන්තු ආණ්ඩුක්රමවලට ලැදිකමක් දැක්වීය. දේශපාලන පක්ෂ අතර නිතර නිතර ඇති වූ කලහ බොහෝ විට ඔහුගේ බලපෑමෙන් රහසේ ම සංසිඳිණ. සර්බියානු රැඩිකල් පක්ෂය හා ක්රෝවැට් ගොවිජනතා පක්ෂය සමඟිසන්ධානයකට පමුණුවන ලද්දේ ද ඔහු විසිනි. 1934 දී ප්රංසයේ සංචාරයක යෙදී සිටිය දී ක්රෝවැට් සාහසිකයකු විසින් ප්රංස විදේශ ඇමැති බාර්තු මහතා හා සමඟ ඇලෙක්සැන්ඩර් රජ මාර්සේල්ස් නගරයේ දී ජීවිතක්ෂයට පමුණුවන ලදි.
(සංස්කරණය: 1967)