"අග්ගාලව චේතිය" හි සංශෝධන අතර වෙනස්කම්
('අළව්නුවර අසල පිහිටා තුබුණේ යයි කියන ප්‍රධාන ද...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
1 පේළිය: | 1 පේළිය: | ||
− | අළව්නුවර අසල පිහිටා තුබුණේ යයි කියන ප්‍රධාන දේවායතනයකි. සංකස්ස නුවරට සැතපුම් 350ක් පමණ ඇතින් පිහිටි බාල්සි ප්‍රදේශය අසල මෙම චෛත්‍යය වීයයි ඇතැම් පුරාවිද්‍යාඥයෝ කල්පනා කරති. නන්දලාල් දේ මහතාගේ මතයට අනුව ඉන්දියාවේ යුක්ත ප්‍රාන්තයට | + | අළව්නුවර අසල පිහිටා තුබුණේ යයි කියන ප්‍රධාන දේවායතනයකි. සංකස්ස නුවරට සැතපුම් 350ක් පමණ ඇතින් පිහිටි බාල්සි ප්‍රදේශය අසල මෙම චෛත්‍යය වීයයි ඇතැම් පුරාවිද්‍යාඥයෝ කල්පනා කරති. නන්දලාල් දේ මහතාගේ මතයට අනුව ඉන්දියාවේ යුක්ත ප්‍රාන්තයට (United Provinnce) අයිති ඉත්වා නගරයට සැතපුම් 27ක් ඊසාන දිගින් පිහිටි අයිර්වා (Airva) ප්‍රදේශය පැරණි අළව් නුවරයි. මේ මතය පිළිගතහොත් අග්ගාලව චේතිය පිහිටා තිබුණේ මේ නගරයේ යයි පිළිගත යුතුය. |
මණිකණ්ඨ ජාතකයෙහි හා අට්ඨිසේන ජාතකයෙහි අග්ගාලව චේතිය යනු චෛත්‍යයක් හැටියටද, බ්‍රහ්මදත්ත ජාතකයෙහි හා තිපල්ලත්ථ මිග ජාතක යෙහි එය දේවාලයක් හැටියට ද සඳහන් වේ. අග්ගාලව චේතිය බුදුරදුන්ගේ කාලයටත් පෙර තුබූ චෛත්‍යවලින් එකක් බවට පරිවර්තනය වූ බවත් සුත්තනිපාත අටුවාවෙහි කියවේ. | මණිකණ්ඨ ජාතකයෙහි හා අට්ඨිසේන ජාතකයෙහි අග්ගාලව චේතිය යනු චෛත්‍යයක් හැටියටද, බ්‍රහ්මදත්ත ජාතකයෙහි හා තිපල්ලත්ථ මිග ජාතක යෙහි එය දේවාලයක් හැටියට ද සඳහන් වේ. අග්ගාලව චේතිය බුදුරදුන්ගේ කාලයටත් පෙර තුබූ චෛත්‍යවලින් එකක් බවට පරිවර්තනය වූ බවත් සුත්තනිපාත අටුවාවෙහි කියවේ. |
12:02, 11 ජූලි 2023 වන විට නවතම සංශෝධනය
අළව්නුවර අසල පිහිටා තුබුණේ යයි කියන ප්‍රධාන දේවායතනයකි. සංකස්ස නුවරට සැතපුම් 350ක් පමණ ඇතින් පිහිටි බාල්සි ප්‍රදේශය අසල මෙම චෛත්‍යය වීයයි ඇතැම් පුරාවිද්‍යාඥයෝ කල්පනා කරති. නන්දලාල් දේ මහතාගේ මතයට අනුව ඉන්දියාවේ යුක්ත ප්‍රාන්තයට (United Provinnce) අයිති ඉත්වා නගරයට සැතපුම් 27ක් ඊසාන දිගින් පිහිටි අයිර්වා (Airva) ප්‍රදේශය පැරණි අළව් නුවරයි. මේ මතය පිළිගතහොත් අග්ගාලව චේතිය පිහිටා තිබුණේ මේ නගරයේ යයි පිළිගත යුතුය.
මණිකණ්ඨ ජාතකයෙහි හා අට්ඨිසේන ජාතකයෙහි අග්ගාලව චේතිය යනු චෛත්‍යයක් හැටියටද, බ්‍රහ්මදත්ත ජාතකයෙහි හා තිපල්ලත්ථ මිග ජාතක යෙහි එය දේවාලයක් හැටියට ද සඳහන් වේ. අග්ගාලව චේතිය බුදුරදුන්ගේ කාලයටත් පෙර තුබූ චෛත්‍යවලින් එකක් බවට පරිවර්තනය වූ බවත් සුත්තනිපාත අටුවාවෙහි කියවේ.
බුදුරජාණන්වහන්සේ සොළොස්වන වන විසුයේ අළව් නුවරයෙහිය. එහි දී අසුහාරදහසක් ප්‍රාණීන්ට දහම් අවබෝධ කරවු බව බුද්ධවංස අට්ඨ කතාවෙහි සඳහන් වේ. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ එක් පෙහෙර කුලදුවක නිසා බෝහෝ දෙනාට වැඩ වන බැව් දැක පන්සියයක් භික්ෂුන් වහන්සේ පිරිවරා දෙව්රමින් නික්ම පිළිවෙළින් අග්ගාලව චේතියට වැඩි සේක. එහි දී දෙසූ දහමින් පෙහෙර දුව සෝවාන් වූවාය. තවත් බොහෝ දෙනා හට මේ දේශනාව සාර්ථක විය. අළව් නුවර මහත් තේජසින් වැජඹුණු අලව්යකු බුදුන් විසින් දමනය කරනු ලැබුයේ ද අග්ගාලව චේතිය සමීපයෙහි වූ අලව්යකුගේ භවනෙහදීය. උන් වහන්සේගේ චාරිකාවල දී නොයෙක් වතාවන්හි මෙහි ලැගුම් ගත් බව ද අවස්ථා කිහිපයක දී සඟුන් උදෙසා විනය නීති කිහිපයක් පැනවූ බව ද විනය පිටකයෙන් පෙනේ. බුදුන් අළව්නුවර අග්ගාලව චේතියට වැඩි හැම අවස්ථාවක ම සිවුවනක් පිරිස උන්වහන්සේගෙන් බණ ඇසීම පිණිස එහි රැස්වූ බැව් ද කියති. මණිකණ්ඨ, බ්‍රහ්මදත්ත හා අට්ඨිසේන ජාතක කථා දේශනා කළේ ද අග්ගාලව චේතයෙහිදී ය.
(සංස්කරණය:1963)