"අඞ්ක" හි සංශෝධන අතර වෙනස්කම්
('ගණන් කිරීමේ දී ලැබෙන එක, දෙක, තුන, හතර, පහ ආදි සංඛ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
(නොපෙන්වන එම පරිශීලකයා මගින් අතරමැදි සංස්කරණ 2ක්) | |||
1 පේළිය: | 1 පේළිය: | ||
ගණන් කිරීමේ දී ලැබෙන එක, දෙක, තුන, හතර, පහ ආදි සංඛ්‍යා ලිවීමට සංකේත අවශ්‍යය. නොයෙක් රටවල නොයෙක් සංකේත පාවිච්චි කර තිබේ. අද සංඛ්‍යා ලිවීමට හා හැඳින්වීමට සංකේත දහයක් තිබේ. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 යන මේ සංකේත දහයට අංක හෝ ඉල්ලකම්යයි කියනු ලැබේ. | ගණන් කිරීමේ දී ලැබෙන එක, දෙක, තුන, හතර, පහ ආදි සංඛ්‍යා ලිවීමට සංකේත අවශ්‍යය. නොයෙක් රටවල නොයෙක් සංකේත පාවිච්චි කර තිබේ. අද සංඛ්‍යා ලිවීමට හා හැඳින්වීමට සංකේත දහයක් තිබේ. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 යන මේ සංකේත දහයට අංක හෝ ඉල්ලකම්යයි කියනු ලැබේ. | ||
− | + | මේ සංකේත මගින් ලොකු සංඛ්‍යාව ලිවීමට ස්ථානීය අගය නමැති සූත්‍රය උපයෝගී කරගෙන තිබේ. ගණන් කිරීමෙන් ද්‍රව්‍ය සමූහයක සංඛ්‍යාව සෙවීමේ දී එකේ සිට දහය දක්වා විශේෂ නම් යොදා ගණන් කර එතැන් සිට දහයේ ඒවායින් ගණන් කරන නිසා, ඊළඟ සංඛ්‍යාවන් පිළිවෙළින් දහයයි එක, දහයයි දෙක ආදි වශයෙන් නම් කළ යුතුය. එහෙත් ව්‍යවහාර පහසුව සලකා දහයයි එකට, එකොළහ; දහයයි දෙකට, දොළහ; දහයයි පහට, පහළොව යයි කියන අතර, දහයට වැඩි අනික් සංඛ්‍යාවලට දහතුන, දහහතර, දහසය, දහහත, දහඅට, දහනවය කියා නම් කෙරේ. එකොළහ, දොළහ හා පහළොහ යන පදවලත් ඉතිහාසය දෙස බැලුවහොත් දහය යන පදය අඩංගු බව පෙනේ. | |
− | + | දහයේ ඒවා දෙකට විස්ස, තුනට තිහ, හතරට හතළිහ, පහට පනහ, හයට හැට, හතට හැත්තෑව, අටට අසූව, නවයට අනූව නම් ද දහයේ ඒවා දහයට සියය, සියයේ ඒවා දහයට දාහ, දාහේ ඒවා සියයට ලක්ෂය, ලක්ෂයේ ඒවා සියයට කෝටිය කෝටියේ ඒවා සියයට ප්‍රකෝටිය යන නම් ද යොදාගෙන ගණන් කරනු ලැබේ. | |
− | + | සංඛ්‍යා ලිවීම හෙවත් අංකනය, ගණන් කිරීම පමණ පහසු නොවීය. නමුත් ස්ථානීය අගය නමැති සුත්‍රය යෙදීමෙන්, ලොකු සංඛ්‍යා ලිවීම පහසු විය. ස්ථානීය අගය නමැති සූත්‍රයේ අනුසාරයෙන් 9 ට වැඩි සංඛ්‍යා ලියන්නේ මෙසේය : හරස් පේළියක එක ළඟ එක සිටින්නට අංක කීපයක් ලිවීමෙන් සංඛ්‍යාවක් ලැබේ. ඒ සංඛ්‍යාවේ දකුණු කෙළවර තිබෙන අංකයට ඒකස්ථාන අංක යයි කියනු ලැබේ. ඒ අංකයෙන් දැක්වෙන්නේ සංඛ්‍යාවේ දහයේ ඒවා ගණන වෙන් කළ විට ඉතිරි වන එකේ ඒවා ගණනයි. ඊළඟ අංකයට හෙවත් දකුණේ සිට වමට යන විට තිබෙන දෙවැනි අංකයට දශස්ථාන හෙවත් දහයේ අංක යයි කියනු ලැබේ. සංඛ්‍යාවෙන් සියයයේ ඒවා ගණන වෙන් කළ විට ඉතිරිවන දහයේ ඒවා ගණන මේ අංකයෙන් දැක්වේ. ඊළඟ තිබෙන අංකය සියස්ථාන අංකය වේ. ඒ අංකයෙන් දක්වනු ලබන්නේ සංඛ්‍යාවෙන් දාහේ ඒවා ගණන වෙන් කළ විට ඉතිරිවන සියයයේ ඒවා ගණනයි. මෙසේ පිළිවෙළට වමට යනවිට දහස්ථාන, දසදහස්ථාන, ලක්ෂස්ථාන, දශලක්ෂස්ථාන, කෝටිස්ථාන යනාදි මගින් ලොකු සංඛ්‍යා ලියනු ලැබේ. | |
− | උදා . 8305 | + | උදා.8305:-මෙම සංඛ්‍යාවෙහි අංක සතරක් තිබේ. එය දාහේ ඒවා ගණනකි. 305 සියේ ඒවා ගණනකි. එහි ඒකස්ථානයේ තිබෙන්නේ 5ය. නමුත් මුළු සංඛ්‍යාවේ එකේ ඒවා ගණන 8305කි. |
− | |||
− | + | ස්ථානීය අගය නමැති සූත්‍රය අනුව සංඛ්‍යා ලියන විට බින්දුව (0) නමැති අංකය හිස්තැන පෙන්වීමට මුල දී යෙදුණු නමුත් එය වටිනාකමක් ඇති වැදගත් වූ ද ප්‍රයෝජනවත් වූ ද සංඛ්‍යාවකට පෙරළී තිබේ. තුනට එකක් අඩු සංඛ්‍යාව දෙකය, දෙකට එකක් අඩු සංඛ්‍යාව එකය, එකට එකක් අඩු සංඛ්‍යාව 0 ය. | |
− | කර්තෘ:පී.ද | + | "0" විශේෂයෙන් සැලකිය යුතුය. මෙම සංඛ්‍යාවෙහි බලය විශාලය. ([[බින්දුව]] බ.) |
+ | |||
+ | කර්තෘ:[[පී. ද ඇස්. කුලරත්න]] | ||
(සංස්කරණය:1963) | (සංස්කරණය:1963) | ||
[[ප්‍රවර්ගය:අ]] | [[ප්‍රවර්ගය:අ]] |
13:52, 11 ජූලි 2023 වන විට නවතම සංශෝධනය
ගණන් කිරීමේ දී ලැබෙන එක, දෙක, තුන, හතර, පහ ආදි සංඛ්‍යා ලිවීමට සංකේත අවශ්‍යය. නොයෙක් රටවල නොයෙක් සංකේත පාවිච්චි කර තිබේ. අද සංඛ්‍යා ලිවීමට හා හැඳින්වීමට සංකේත දහයක් තිබේ. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 යන මේ සංකේත දහයට අංක හෝ ඉල්ලකම්යයි කියනු ලැබේ.
මේ සංකේත මගින් ලොකු සංඛ්‍යාව ලිවීමට ස්ථානීය අගය නමැති සූත්‍රය උපයෝගී කරගෙන තිබේ. ගණන් කිරීමෙන් ද්‍රව්‍ය සමූහයක සංඛ්‍යාව සෙවීමේ දී එකේ සිට දහය දක්වා විශේෂ නම් යොදා ගණන් කර එතැන් සිට දහයේ ඒවායින් ගණන් කරන නිසා, ඊළඟ සංඛ්‍යාවන් පිළිවෙළින් දහයයි එක, දහයයි දෙක ආදි වශයෙන් නම් කළ යුතුය. එහෙත් ව්‍යවහාර පහසුව සලකා දහයයි එකට, එකොළහ; දහයයි දෙකට, දොළහ; දහයයි පහට, පහළොව යයි කියන අතර, දහයට වැඩි අනික් සංඛ්‍යාවලට දහතුන, දහහතර, දහසය, දහහත, දහඅට, දහනවය කියා නම් කෙරේ. එකොළහ, දොළහ හා පහළොහ යන පදවලත් ඉතිහාසය දෙස බැලුවහොත් දහය යන පදය අඩංගු බව පෙනේ.
දහයේ ඒවා දෙකට විස්ස, තුනට තිහ, හතරට හතළිහ, පහට පනහ, හයට හැට, හතට හැත්තෑව, අටට අසූව, නවයට අනූව නම් ද දහයේ ඒවා දහයට සියය, සියයේ ඒවා දහයට දාහ, දාහේ ඒවා සියයට ලක්ෂය, ලක්ෂයේ ඒවා සියයට කෝටිය කෝටියේ ඒවා සියයට ප්‍රකෝටිය යන නම් ද යොදාගෙන ගණන් කරනු ලැබේ.
සංඛ්‍යා ලිවීම හෙවත් අංකනය, ගණන් කිරීම පමණ පහසු නොවීය. නමුත් ස්ථානීය අගය නමැති සුත්‍රය යෙදීමෙන්, ලොකු සංඛ්‍යා ලිවීම පහසු විය. ස්ථානීය අගය නමැති සූත්‍රයේ අනුසාරයෙන් 9 ට වැඩි සංඛ්‍යා ලියන්නේ මෙසේය : හරස් පේළියක එක ළඟ එක සිටින්නට අංක කීපයක් ලිවීමෙන් සංඛ්‍යාවක් ලැබේ. ඒ සංඛ්‍යාවේ දකුණු කෙළවර තිබෙන අංකයට ඒකස්ථාන අංක යයි කියනු ලැබේ. ඒ අංකයෙන් දැක්වෙන්නේ සංඛ්‍යාවේ දහයේ ඒවා ගණන වෙන් කළ විට ඉතිරි වන එකේ ඒවා ගණනයි. ඊළඟ අංකයට හෙවත් දකුණේ සිට වමට යන විට තිබෙන දෙවැනි අංකයට දශස්ථාන හෙවත් දහයේ අංක යයි කියනු ලැබේ. සංඛ්‍යාවෙන් සියයයේ ඒවා ගණන වෙන් කළ විට ඉතිරිවන දහයේ ඒවා ගණන මේ අංකයෙන් දැක්වේ. ඊළඟ තිබෙන අංකය සියස්ථාන අංකය වේ. ඒ අංකයෙන් දක්වනු ලබන්නේ සංඛ්‍යාවෙන් දාහේ ඒවා ගණන වෙන් කළ විට ඉතිරිවන සියයයේ ඒවා ගණනයි. මෙසේ පිළිවෙළට වමට යනවිට දහස්ථාන, දසදහස්ථාන, ලක්ෂස්ථාන, දශලක්ෂස්ථාන, කෝටිස්ථාන යනාදි මගින් ලොකු සංඛ්‍යා ලියනු ලැබේ.
උදා.8305:-මෙම සංඛ්‍යාවෙහි අංක සතරක් තිබේ. එය දාහේ ඒවා ගණනකි. 305 සියේ ඒවා ගණනකි. එහි ඒකස්ථානයේ තිබෙන්නේ 5ය. නමුත් මුළු සංඛ්‍යාවේ එකේ ඒවා ගණන 8305කි.
ස්ථානීය අගය නමැති සූත්‍රය අනුව සංඛ්‍යා ලියන විට බින්දුව (0) නමැති අංකය හිස්තැන පෙන්වීමට මුල දී යෙදුණු නමුත් එය වටිනාකමක් ඇති වැදගත් වූ ද ප්‍රයෝජනවත් වූ ද සංඛ්‍යාවකට පෙරළී තිබේ. තුනට එකක් අඩු සංඛ්‍යාව දෙකය, දෙකට එකක් අඩු සංඛ්‍යාව එකය, එකට එකක් අඩු සංඛ්‍යාව 0 ය.
"0" විශේෂයෙන් සැලකිය යුතුය. මෙම සංඛ්‍යාවෙහි බලය විශාලය. (බින්දුව බ.)
කර්තෘ:පී. ද ඇස්. කුලරත්න
(සංස්කරණය:1963)