"අටුලුගම - 2" හි සංශෝධන අතර වෙනස්කම්
('කළුතර දිස්ත්රික්කයේ රයිගම් කෝරළයෙහි අදිකාර...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
1 පේළිය: | 1 පේළිය: | ||
− | කළුතර දිස්ත්රික්කයේ රයිගම් කෝරළයෙහි අදිකාරිපත්තුවට අයත් ගමකි. මෙය අච්චා ගම නමින් රාජාවලියෙහි හඳුන්වා තිබේ. දියෝගු ද මේලෝ නමැති සෙන්පතියා වීදියේ රජු (වීදියේ බණ්ඩාර) කොළොම්තොටෙහි සිරකළ බව දැනගත් ඒ රජුගේ බිසව පල්ලරුන් ලවා | + | කළුතර දිස්ත්රික්කයේ රයිගම් කෝරළයෙහි අදිකාරිපත්තුවට අයත් ගමකි. මෙය අච්චා ගම නමින් රාජාවලියෙහි හඳුන්වා තිබේ. දියෝගු ද මේලෝ නමැති සෙන්පතියා වීදියේ රජු (වීදියේ බණ්ඩාර) කොළොම්තොටෙහි සිරකළ බව දැනගත් ඒ රජුගේ බිසව පල්ලරුන් ලවා සිරගෙට උමඟක් හාරවා රජු මුදාගෙන ගොස් රයිගම් කෝරළයේ අව්වාගම විසූ බව රාජාවලියෙහි සඳහන් වේ. රාජාවලිය සංශෝධනය කළ බී. ගුණසේකර වාසල මුදලිතුමා අව්වාගම යනු අටුලුගම යයි අධෝලිපියක දක්වා තිබේ. උමඟක ආධාරයෙන් සිරගෙයින් පැනගිය වීදියේ බණ්ඩාර "පස්සදු" (පස්දුන්) කෝරළයේ පැළැන්ද නමැති ගමෙහි විසූ බව ක්වේරෝස් නමැති පෘතුගීසි ගත්කරුවා කියයි. එහෙත් සිරගෙයින් පැනගිය වීදියේ බණ්ඩාර සිය බිසවගේ අනුශාසනා පරිදි ටික කලක් අටුලුගම රැඳී සිට පසුව පැළැන්ද පුරය වාසභූමිකරගත් බව වෙනත් ග්රන්ථවලින් හෙළි වේ. මෙම අටුලුගම මෙකල යෝනක ජනයාට වාසස්ථාන වූ ග්රාමයකි. |
(සංස්කරණය:1963) | (සංස්කරණය:1963) | ||
[[ප්රවර්ගය:අ]] | [[ප්රවර්ගය:අ]] |
11:58, 13 ජූලි 2023 වන විට නවතම සංශෝධනය
කළුතර දිස්ත්රික්කයේ රයිගම් කෝරළයෙහි අදිකාරිපත්තුවට අයත් ගමකි. මෙය අච්චා ගම නමින් රාජාවලියෙහි හඳුන්වා තිබේ. දියෝගු ද මේලෝ නමැති සෙන්පතියා වීදියේ රජු (වීදියේ බණ්ඩාර) කොළොම්තොටෙහි සිරකළ බව දැනගත් ඒ රජුගේ බිසව පල්ලරුන් ලවා සිරගෙට උමඟක් හාරවා රජු මුදාගෙන ගොස් රයිගම් කෝරළයේ අව්වාගම විසූ බව රාජාවලියෙහි සඳහන් වේ. රාජාවලිය සංශෝධනය කළ බී. ගුණසේකර වාසල මුදලිතුමා අව්වාගම යනු අටුලුගම යයි අධෝලිපියක දක්වා තිබේ. උමඟක ආධාරයෙන් සිරගෙයින් පැනගිය වීදියේ බණ්ඩාර "පස්සදු" (පස්දුන්) කෝරළයේ පැළැන්ද නමැති ගමෙහි විසූ බව ක්වේරෝස් නමැති පෘතුගීසි ගත්කරුවා කියයි. එහෙත් සිරගෙයින් පැනගිය වීදියේ බණ්ඩාර සිය බිසවගේ අනුශාසනා පරිදි ටික කලක් අටුලුගම රැඳී සිට පසුව පැළැන්ද පුරය වාසභූමිකරගත් බව වෙනත් ග්රන්ථවලින් හෙළි වේ. මෙම අටුලුගම මෙකල යෝනක ජනයාට වාසස්ථාන වූ ග්රාමයකි.
(සංස්කරණය:1963)