"අට්ඨකථාචරිය" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('පාලිත්‍රිපිටකයට අට්ඨකථා (අටුවා) කළ ඇදුරෝ අට්ඨ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
 
(එක් අතරමැදි සංශෝධනය විසින් තවත් එක් පරිශීලක පෙන්වා නැත)
3 පේළිය: 3 පේළිය:
 
"කාමංච පුබ්බාචරියාසභෙගි
 
"කාමංච පුබ්බාචරියාසභෙගි
  
ඤණම්බුනිද්ධොතමලාසවෙහි"
+
ඤණම්බුනිද්ධොතමලාසවෙහි" (සමන්තපාසාදිකා) යනාදියෙහි ප්‍රකාශ වන අර්ථ වර්ණනා කළ පූර්වාචාර්‍ය්‍යයෝ නම් මහාකාශ්‍යපස්ථවිරාදී සඞ්ග්‍රාහක මහාස්ථවිරවරයෝයි.
  
                                                                        (සමන්තපාසාදිකා)
+
මෙකල පවත්නා පාලි අටුවාවල නොයෙක් තැන්හි ආචරියා, අට්ඨකථාචරියා, පෝරාණා යනාදී වචනවලින් අනුකථාචාරීහු දක්වනු ලැබෙති. විශේෂයෙන් "තෙනාහු අට්ඨකථාචරියා" (සුමඞ්ගලවිලාසිනී, පපඤ්චසූදනී...., මනොරථපූරණී ආදි අට්ඨකථාවන්හි) යි දක්වන අට්ඨකථාචාරීහු නම් හෙළටුවා ලියූ සිංහල තෙරවරුය. මිහිඳු මහතෙරණුවෝ ලක්දිව සිංහල වැස්සනට වාචනා මාර්‍ගයෙන් ගෙන එන ලද අට්ඨකථා පමණක් නොව සියලු ආචාර්‍ය්‍ය වාදයන් ද උගන්වා ලූහ. එකල විසූ දූරදර්ශී වූ භික්ෂූහු අටුවාව හා ආචාර්‍ය්‍යවාදයන් හෙළ බසින් ලියා තැබූහ. අටුවාගත නොයෙක් කරුණු ව්‍යක්ත කරලීම සඳහා ලක්දිව පැවති තත්කාලීන ඓතිහාසික ප්‍රවෘත්ති ද අටුවා අතර බහාලූහ. එහෙයින් ධර්‍මසඞ්ග්‍රාහකයන්ගේ වාචනාමාර්‍ගයට වඩා මේ හෙළටුවා බෙහෙවින් පුළුල් විය. මේ හෙළටුවා ඇදුරෝ ද "අට්ඨකථාචරිය"යි දක්වනු ලැබෙති.
  
යනාදියෙහි ප්‍රකාශ වන අර්ථ වර්ණනා කළ පූර්වාචාර්‍ය්‍යයෝ නම් මහාකාශ්‍යපස්ථවිරාදී සඞ්ග්‍රාහක මහාස්ථවිරවරයෝයි.
+
හෙළටුවා සියල්ල බුද්ධඝෝෂාදී ආචාර්‍ය්‍යවරයන් විසින් පසු කාලවල දී දේශාන්තරවාසීන් සඳහා පාලි භාෂාවට නගන ලද්දේය. මෙකල බොහෝ සෙයින් "අර්ථකථාචාර්‍ය්‍යයෝ" යයි හඳුන්වනු ලබන්නාහු බුද්ධඝෝෂාදී ආචාර්‍ය්‍යවරයෝ මය. ඔහු නම් බුද්ධඝෝෂ, ධම්මපාල, බුද්ධත්ත, මහානාම, උපසේන යනාදි තෙරවරුය. මෙසේ හෙයින් කිසිතැනක හෙළඅටුවා ඇදුරෝ ද කිසිතැනක පාලි අටුවා කතුවරයෝ ද "අට්ඨකථාචරිය"යි ප්‍රකාශ වන්නාහ.
  
මෙකල පවත්නා පාලි අටුවාවල නොයෙක් තැන්හි ආචරියා, අට්ඨකථාචරියා, පෝරාණා යනාදී වචනවලින් අනුකථාචාරීහු දක්වනු ලැබෙති. විශේෂයෙන් ''තෙනාහු අට්ඨකථාචරියා" (සුමඞ්ගලවිලාසිනී, පපඤ්චසූදනී.........., මනොරථපූරණී ආදි අට්ඨකථාවන්හි) යි දක්වන අට්ඨකථාචාරීහු නම් හෙළටුවා ලියූ සිංහල තෙරවරුය. මිහිඳු මහතෙරණුවෝ ලක්දිව සිංහල වැස්සනට වාචනා මාර්‍ගයෙන් ගෙන එන ලද අට්ඨකථා පමණක් නොව සියලු ආචාර්‍ය්‍ය වාදයන් ද උගන්වා ලූහ. එකල විසූ දූරදර්ශී වූ භික්ෂූහු අටුවාව හා ආචාර්‍ය්‍යවාදයන් හෙළ බසින් ලියා තැබූහ. අටුවාගත නොයෙක් කරුණු ව්‍යක්ත කරලීම සඳහා ලක්දිව පැවති තත්කාලීන ඓතිහාසික ප්‍රවෘත්ති ද අටුවා අතර බහාලූහ. එහෙයින් ධර්‍මසඞ්ග්‍රාහකයන්ගේ වාචනාමාර්‍ගයට වඩා මේ හෙළටුවා බෙහෙවින් පුළුල් විය. මේ හෙළටුවා ඇදුරෝ ද ''අට්ඨකථාචරිය" යි දක්වනු ලැබෙති.
+
([[අටුවා]], [[උපසේන]], [[ධම්මපාල]], [[බුද්ධඝෝෂ]], [[බුද්ධදත්ත]], [[මහානාම]] යන ශීර්‍ෂපාඨ යටතේ එන ලිපි ද බලන්න.)
 
 
    හෙළටුවා සියල්ල බුද්ධඝෝෂාදී ආචාර්‍ය්‍යවරයන් විසින් පසු කාලවල දී දේශාන්තරවාසීන් සඳහා පාලි භාෂාවට නගන ලද්දේය. මෙකල බොහෝ සෙයින් ''අර්ථකථාචාර්‍ය්‍යයෝ" යයි හඳුන්වනු ලබන්නාහු බුද්ධඝෝෂාදී ආචාර්‍ය්‍යවරයෝ මය. ඔහු නම් බුද්ධඝෝෂ, ධම්මපාල, බුද්ධත්ත, මහානාම, උපසේන යනාදි තෙරවරුය. මෙසේ හෙයින් කිසිතැනක හෙළඅටුවා ඇදුරෝ ද කිසිතැනක පාලි අටුවා කතුවරයෝ ද ''අට්ඨකථාචරිය" යි ප්‍රකාශ වන්නාහ.
 
 
 
  (අටුවා, උපසේන, ධම්මපාල, බුද්ධඝෝෂ, බුද්ධදත්ත, මහානාම යන ශීර්‍ෂපාඨ යටතේ එන ලිපි ද බලන්න.)
 
  
 
(සංස්කරණය:1963)
 
(සංස්කරණය:1963)
 
[[ප්‍රවර්ගය:අ]]
 
[[ප්‍රවර්ගය:අ]]

13:05, 13 ජූලි 2023 වන විට නවතම සංශෝධනය

පාලිත්‍රිපිටකයට අට්ඨකථා (අටුවා) කළ ඇදුරෝ අට්ඨකථාවරිය නම් වෙති. අටුවා පිළිබඳ අවස්ථා තුනක් දැක්විය හැකිය. ප්‍රථම සඞ්ගායනාවෙහි පටන් හෛළටුවා නිපැදවීම දක්වා මුඛ පාඨ වශයෙන් ගෙනා කාලය ද මහානාම රාජ්‍ය සමයෙහි පාලියට නැඟීම දක්වා පැවති හෙළටුවා කාලය ද එතැන් සිට මෙකල් දක්වා පවත්නා පාලි අටුවා කාලය ද වශයෙනි. මහාකාශ්‍යපාදී ධර්‍ම සඞ්ග්‍රාහක තෙරුවරුන් විසින් පළමුකොට ත්‍රිපිටකය සඞ්ගායනාකොට ඒ ත්‍රිපිටකයාගේ අථිසංවර්‍ණනා ස්වරූපයෙන් බුද්ධ වචනයාගේ අටුවා සංඛ්‍යාත කථා මාර්ගය ද වාචනාමාර්ගයට ආරෝපණය කරන ලද්දේය. ත්‍රිපිටකපාලිය සෙයින් ම සඞ්ගායනාත්‍රයට ද නැගී මුඛපාඨ වශයෙන් පැවති අට්ඨකථාව මහා මහේන්ද්‍ර ස්ථවිරයන්වහන්සේ විසින් ලක්දිවට ගෙන එන ලද්දේය. එහෙයින්

"කාමංච පුබ්බාචරියාසභෙගි

ඤණම්බුනිද්ධොතමලාසවෙහි" (සමන්තපාසාදිකා) යනාදියෙහි ප්‍රකාශ වන අර්ථ වර්ණනා කළ පූර්වාචාර්‍ය්‍යයෝ නම් මහාකාශ්‍යපස්ථවිරාදී සඞ්ග්‍රාහක මහාස්ථවිරවරයෝයි.

මෙකල පවත්නා පාලි අටුවාවල නොයෙක් තැන්හි ආචරියා, අට්ඨකථාචරියා, පෝරාණා යනාදී වචනවලින් අනුකථාචාරීහු දක්වනු ලැබෙති. විශේෂයෙන් "තෙනාහු අට්ඨකථාචරියා" (සුමඞ්ගලවිලාසිනී, පපඤ්චසූදනී...., මනොරථපූරණී ආදි අට්ඨකථාවන්හි) යි දක්වන අට්ඨකථාචාරීහු නම් හෙළටුවා ලියූ සිංහල තෙරවරුය. මිහිඳු මහතෙරණුවෝ ලක්දිව සිංහල වැස්සනට වාචනා මාර්‍ගයෙන් ගෙන එන ලද අට්ඨකථා පමණක් නොව සියලු ආචාර්‍ය්‍ය වාදයන් ද උගන්වා ලූහ. එකල විසූ දූරදර්ශී වූ භික්ෂූහු අටුවාව හා ආචාර්‍ය්‍යවාදයන් හෙළ බසින් ලියා තැබූහ. අටුවාගත නොයෙක් කරුණු ව්‍යක්ත කරලීම සඳහා ලක්දිව පැවති තත්කාලීන ඓතිහාසික ප්‍රවෘත්ති ද අටුවා අතර බහාලූහ. එහෙයින් ධර්‍මසඞ්ග්‍රාහකයන්ගේ වාචනාමාර්‍ගයට වඩා මේ හෙළටුවා බෙහෙවින් පුළුල් විය. මේ හෙළටුවා ඇදුරෝ ද "අට්ඨකථාචරිය"යි දක්වනු ලැබෙති.

හෙළටුවා සියල්ල බුද්ධඝෝෂාදී ආචාර්‍ය්‍යවරයන් විසින් පසු කාලවල දී දේශාන්තරවාසීන් සඳහා පාලි භාෂාවට නගන ලද්දේය. මෙකල බොහෝ සෙයින් "අර්ථකථාචාර්‍ය්‍යයෝ" යයි හඳුන්වනු ලබන්නාහු බුද්ධඝෝෂාදී ආචාර්‍ය්‍යවරයෝ මය. ඔහු නම් බුද්ධඝෝෂ, ධම්මපාල, බුද්ධත්ත, මහානාම, උපසේන යනාදි තෙරවරුය. මෙසේ හෙයින් කිසිතැනක හෙළඅටුවා ඇදුරෝ ද කිසිතැනක පාලි අටුවා කතුවරයෝ ද "අට්ඨකථාචරිය"යි ප්‍රකාශ වන්නාහ.

(අටුවා, උපසේන, ධම්මපාල, බුද්ධඝෝෂ, බුද්ධදත්ත, මහානාම යන ශීර්‍ෂපාඨ යටතේ එන ලිපි ද බලන්න.)

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අට්ඨකථාචරිය&oldid=2785" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි