"අංකුටයෝ" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
(නොපෙන්වන එම පරිශීලකයා මගින් අතරමැදි සංස්කරණ 7ක්) | |||
1 පේළිය: | 1 පේළිය: | ||
+ | [[ගොනුව:6.jpg|400px|left]] | ||
+ | (Catfishes). | ||
ගණ එකසිය පනහකට පමණ අයත් මේ මසුන්ගේ විශේෂ 1500කට වැඩි සංඛ්‍යාවක් ලෝකයේ සෑම තැන ම පැතිරී ගොස් ඇත. | ගණ එකසිය පනහකට පමණ අයත් මේ මසුන්ගේ විශේෂ 1500කට වැඩි සංඛ්‍යාවක් ලෝකයේ සෑම තැන ම පැතිරී ගොස් ඇත. | ||
− | + | මේ මසුන්ගේ මුව වටා දිග අංකුට (barbels) පිහිටා තිබේ. හැම අංකුටයකුට ම අඩු වශයෙන් අංකුට යුගලයක් වත් ඇත. ඇතැමුන්ට යුගල දෙකක් ඇත. අංකුට යුගල තුනක් ඇති අංකුටයෝ ද වෙත්. අංකුටයන්ගේ හම සිනිඳුය. උන්ට කොරපොතු නැත. උහු මුහුදේ හෝ ගංගාවල පතුලෙහි හමුවන ඕනෑම දෙයක් කති. බෙහෙවින් සෑම අංකුටයකුගේ ම පෘෂ්ඨීය වරල (dorsal fin) ඉදිරියේත් එක් එක් ළය වරල (pectoral fin) ඉදිරියේත් ස්ථූල කණ්ටකයක් බැගින් තිබේ. මේ කණ්ටක උන්ගේ ආරක්ෂාව පිණිස වූ ආයුධ ලෙස සලකනු ලැබේ. හුංගාගේ පාර්ශ්වික කණ්ටකයෙන් පහර ගසා කෙනකුට තුවාල කළ හැකිය. එක් අංකුට ගණයක පෘෂ්ඨීය වරලක් නැත. නයිල් ගංගාවේ ජීවත්වන අංකුටයා මේ ගණයට අයත්ය. තද විදුලි පහරක් දීමට තරම් වන විදුලි බලයක් ඉපදවිය හැකි අවයව උගේ ශරීරයේ සෑම තැන ම පේශිගතව පිහිටා තිබේ. අංකුටයෝ අඟල් 2 සිට අඩි 6 පමණ දක්වා දිගය. ලොකු අංකුට විශේෂ ආහාරයට යෝග්‍ය මසුන් වශයෙන් සලකනු ලැබේ. | |
− | මේ මසුන්ගේ මුව වටා දිග අංකුට (barbels) පිහිටා තිබේ. හැම අංකුටයකුට ම අඩු වශයෙන් අංකුට | + | [[ගොනුව:5.jpg|400px|right]] |
+ | වලයා (වලාගො අට්ටු - Wallago attu), වලපොත්තා (ඔම්පොක් බිමකුලාටුස් - Ompok bimaculatus), කලපු මගුරා (ප්ලොටොසුස් කංනියුස් - Plotosus canius) හුංගා (හෙටෙරොප්නියුස්ටේස් fපොසිලිස් - Heteropneustes fossilis), මූදු හුංගා (ප්ලොටොසුස් අන්ගුවිලාරිස් - Plotosus anguillaris), අඟුළුවා (ටකිසුරුස් කේලාටුස් - Techysurus caelatus), වෙල් අඟුළුවා (මක්රොනේස් ගුලියෝ - Macrones gulio), වෙල් මගුරා (ක්ලරියුස් ටෙස්මන්නි බ්රකිසොමා - Clarius teysmanni brachysoma), පත් අංකුට්ටා (මක්රොනේස් කෙලෙටියුස් - Macrones keletius) සහ ඉරි අංකුට්ටා (මක්රොනේස් විටාටුස් - Macrones vittatus) ලංකාවේ හමුවන අංකුටයෝය. සමහර අඟුළු විශේෂවල පුදුම බෝවීම් ක්‍රමයක් දක්නට ලැබේ. ගෑනු සතා විසින් දමන ලද අඟල් ½ක් පමණ විෂ්කම්භයකින් යුත් බිත්තර 15ක් පමණ පිරිමි සතා උගේ කටේ තබා ගෙන පැටවුන් එළියට එනතුරු රකී. මේ කාලය තුළ දී පිරිමි සතා කිසිදු ආහාරයක් නොගන්නා බවට සාක්ෂි තිබේ. | ||
+ | සිප්රිනිෆෝමේස් නමැති, අස්ථි සහිත මත්ස්‍ය ගෝත්‍රයෙහි සිලුරොයිඩෙ උපගෝත්‍රයට අංකුටයෝ අයත්ය. අංකුට විශේෂ සියල්ල ම පාහේ ජීවත් වන්නේ මිරිදියෙහිය (නි. හුංගා, මගුරා, වලයා සහ වලපොත්තා). එහෙත් ටකිසුරිඩෙ හා පේලා ටොසිඩෙ යන කුල දෙකට අයත් අංකුටයෝ කරදියෙහි ජීවත් වෙති. (නි. මූදු හුංගා, කලපු මගුරා හා අඟුළුවා). ලෝකයේ නිවර්තන ප්‍රදේශගත නොයෙක් මුහුදුවල ව්‍යාප්ත වී ඇති ටකිසුරිඩෙ නමැති කුලය සමහරවිට සෞම්‍ය කලාපයේ මුහුදුවලත් හමුවේ. ප්ලොටොසිඩෙ නමැති දෙවෙනි කුලය ඉන්දු-ශාන්තිකර කලාපයෙහි පමණක් ජීවත් වේ. ([[අඟුළුවා]] ද බ.) | ||
+ | |||
+ | කර්තෘ: [[ඒ.ඇස්. මැන්දිස්]] | ||
− | + | (සංස්කරණය:1963) | |
− | |||
− | + | [[ප්‍රවර්ගය: අ]] | |
− | |||
− | [[ප්‍රවර්ගය:අ]] | ||
− | [[ප්‍රවර්ගය:සත්ත්ව විද්‍යාව]] | + | [[ප්‍රවර්ගය: සත්ත්ව විද්‍යාව]] |
11:29, 18 ඔක්තෝබර් 2023 වන විට නවතම සංශෝධනය
(Catfishes). ගණ එකසිය පනහකට පමණ අයත් මේ මසුන්ගේ විශේෂ 1500කට වැඩි සංඛ්‍යාවක් ලෝකයේ සෑම තැන ම පැතිරී ගොස් ඇත. මේ මසුන්ගේ මුව වටා දිග අංකුට (barbels) පිහිටා තිබේ. හැම අංකුටයකුට ම අඩු වශයෙන් අංකුට යුගලයක් වත් ඇත. ඇතැමුන්ට යුගල දෙකක් ඇත. අංකුට යුගල තුනක් ඇති අංකුටයෝ ද වෙත්. අංකුටයන්ගේ හම සිනිඳුය. උන්ට කොරපොතු නැත. උහු මුහුදේ හෝ ගංගාවල පතුලෙහි හමුවන ඕනෑම දෙයක් කති. බෙහෙවින් සෑම අංකුටයකුගේ ම පෘෂ්ඨීය වරල (dorsal fin) ඉදිරියේත් එක් එක් ළය වරල (pectoral fin) ඉදිරියේත් ස්ථූල කණ්ටකයක් බැගින් තිබේ. මේ කණ්ටක උන්ගේ ආරක්ෂාව පිණිස වූ ආයුධ ලෙස සලකනු ලැබේ. හුංගාගේ පාර්ශ්වික කණ්ටකයෙන් පහර ගසා කෙනකුට තුවාල කළ හැකිය. එක් අංකුට ගණයක පෘෂ්ඨීය වරලක් නැත. නයිල් ගංගාවේ ජීවත්වන අංකුටයා මේ ගණයට අයත්ය. තද විදුලි පහරක් දීමට තරම් වන විදුලි බලයක් ඉපදවිය හැකි අවයව උගේ ශරීරයේ සෑම තැන ම පේශිගතව පිහිටා තිබේ. අංකුටයෝ අඟල් 2 සිට අඩි 6 පමණ දක්වා දිගය. ලොකු අංකුට විශේෂ ආහාරයට යෝග්‍ය මසුන් වශයෙන් සලකනු ලැබේ.
වලයා (වලාගො අට්ටු - Wallago attu), වලපොත්තා (ඔම්පොක් බිමකුලාටුස් - Ompok bimaculatus), කලපු මගුරා (ප්ලොටොසුස් කංනියුස් - Plotosus canius) හුංගා (හෙටෙරොප්නියුස්ටේස් fපොසිලිස් - Heteropneustes fossilis), මූදු හුංගා (ප්ලොටොසුස් අන්ගුවිලාරිස් - Plotosus anguillaris), අඟුළුවා (ටකිසුරුස් කේලාටුස් - Techysurus caelatus), වෙල් අඟුළුවා (මක්රොනේස් ගුලියෝ - Macrones gulio), වෙල් මගුරා (ක්ලරියුස් ටෙස්මන්නි බ්රකිසොමා - Clarius teysmanni brachysoma), පත් අංකුට්ටා (මක්රොනේස් කෙලෙටියුස් - Macrones keletius) සහ ඉරි අංකුට්ටා (මක්රොනේස් විටාටුස් - Macrones vittatus) ලංකාවේ හමුවන අංකුටයෝය. සමහර අඟුළු විශේෂවල පුදුම බෝවීම් ක්‍රමයක් දක්නට ලැබේ. ගෑනු සතා විසින් දමන ලද අඟල් ½ක් පමණ විෂ්කම්භයකින් යුත් බිත්තර 15ක් පමණ පිරිමි සතා උගේ කටේ තබා ගෙන පැටවුන් එළියට එනතුරු රකී. මේ කාලය තුළ දී පිරිමි සතා කිසිදු ආහාරයක් නොගන්නා බවට සාක්ෂි තිබේ. සිප්රිනිෆෝමේස් නමැති, අස්ථි සහිත මත්ස්‍ය ගෝත්‍රයෙහි සිලුරොයිඩෙ උපගෝත්‍රයට අංකුටයෝ අයත්ය. අංකුට විශේෂ සියල්ල ම පාහේ ජීවත් වන්නේ මිරිදියෙහිය (නි. හුංගා, මගුරා, වලයා සහ වලපොත්තා). එහෙත් ටකිසුරිඩෙ හා පේලා ටොසිඩෙ යන කුල දෙකට අයත් අංකුටයෝ කරදියෙහි ජීවත් වෙති. (නි. මූදු හුංගා, කලපු මගුරා හා අඟුළුවා). ලෝකයේ නිවර්තන ප්‍රදේශගත නොයෙක් මුහුදුවල ව්‍යාප්ත වී ඇති ටකිසුරිඩෙ නමැති කුලය සමහරවිට සෞම්‍ය කලාපයේ මුහුදුවලත් හමුවේ. ප්ලොටොසිඩෙ නමැති දෙවෙනි කුලය ඉන්දු-ශාන්තිකර කලාපයෙහි පමණක් ජීවත් වේ. (අඟුළුවා ද බ.)
කර්තෘ: ඒ.ඇස්. මැන්දිස්
(සංස්කරණය:1963)