"අංකොට හටන" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
(නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්) | |||
1 පේළිය: | 1 පේළිය: | ||
− | වල්ලභ නම් රජකුගේ කාලයෙහි සොළීන් ලංකාව ආක්‍රමණය කිරීමට මුල් වී යයි කියනු ලබන එක්තරා අං කොට මීමකු පිළිබඳ සටනක් ගැන මේ ග්‍රන්ථයෙන් කියැවේ. මෙය කාගේ කෘතියක් දැයි නොකිව | + | වල්ලභ නම් රජකුගේ කාලයෙහි සොළීන් ලංකාව ආක්‍රමණය කිරීමට මුල් වී යයි කියනු ලබන එක්තරා අං කොට මීමකු පිළිබඳ සටනක් ගැන මේ ග්‍රන්ථයෙන් කියැවේ. මෙය කාගේ කෘතියක් දැයි නොකිව හැකි ය. හවුරුදු තුන් සියයකට පමණ පෙර කරන ලද්දක් සේ පෙනේ. |
− | ලංකාවෙහි රජය කළ වල්ලභ රජුගේ කාලයෙහි යුක්තිය ඉටු | + | ලංකාවෙහි රජය කළ වල්ලභ රජුගේ කාලයෙහි යුක්තිය ඉටු නොවී ය. හිතුමනාප දෙයක් කිරීමට කිසිවකුට බාධාවක් නොතිබුණේ ය. එයින් එක් ගම් වැසියකුට විඳින්නට වූයේ බලවත් හිරිහැරයෙකි. ඔහුට අයිතිව සිටි එක ම මීමා - අංකොට මීමා - දුටහට ගෙන ගොස් ඔහුගේ පොහොසත් නෑදෑයෝ සී සෑම් ආදි වැඩගත්හ. අයිතිකරුට කීමට හෝ මීමාට විවේකයක් දීමට හෝ වුවමනා බව කිසිවෙක් නොසිතී ය. මේ අයුක්තිය පහදා දුන් දුප්පතා දිනක් පොහොසතුන්ගේ තාඩන පීඩනවලට ගොදුරු වූයේ ය. රජුට පැමිණිලි කළ නමුත් යුක්තිය ඉටු නොවිණ. එබැවින් හේ සොළී රටට ගොස් එහි ලී කපන්නකු මෙන් ජීවිතය ගත කරන්නට වනි. දොළොස් වසක් දුක් ගෙන සිටීමෙන් පසු ඔහුගේ තොරතුරු දැනගත් සොළී රට ස්ත්‍රීහු ඔහු ගැන අනුකම්පාවක් දක්වනු මැනැවැයි සිය ස්වාමි පුරුෂයන්ට කීහ. ඔවුහු කාරණය රජුට සැල කළහ. එහි ප්‍රතිඵලය වශයෙන් ලක්දිව ආක්‍රමණය කළ සොළී රජු වල්ලභ රජුත්, බිසවත් සිරභාරයට ගත් බව කීමෙන් පොත හමාර වෙයි. |
− | [[ප්‍රවර්ගය:අ]] | + | (සංස්කරණය: 1963) |
+ | |||
+ | [[ප්‍රවර්ගය: අ]] | ||
+ | |||
+ | [[ප්‍රවර්ගය: සිංහල සාහිත්‍යය]] |
15:24, 18 ඔක්තෝබර් 2023 වන විට නවතම සංශෝධනය
වල්ලභ නම් රජකුගේ කාලයෙහි සොළීන් ලංකාව ආක්‍රමණය කිරීමට මුල් වී යයි කියනු ලබන එක්තරා අං කොට මීමකු පිළිබඳ සටනක් ගැන මේ ග්‍රන්ථයෙන් කියැවේ. මෙය කාගේ කෘතියක් දැයි නොකිව හැකි ය. හවුරුදු තුන් සියයකට පමණ පෙර කරන ලද්දක් සේ පෙනේ.
ලංකාවෙහි රජය කළ වල්ලභ රජුගේ කාලයෙහි යුක්තිය ඉටු නොවී ය. හිතුමනාප දෙයක් කිරීමට කිසිවකුට බාධාවක් නොතිබුණේ ය. එයින් එක් ගම් වැසියකුට විඳින්නට වූයේ බලවත් හිරිහැරයෙකි. ඔහුට අයිතිව සිටි එක ම මීමා - අංකොට මීමා - දුටහට ගෙන ගොස් ඔහුගේ පොහොසත් නෑදෑයෝ සී සෑම් ආදි වැඩගත්හ. අයිතිකරුට කීමට හෝ මීමාට විවේකයක් දීමට හෝ වුවමනා බව කිසිවෙක් නොසිතී ය. මේ අයුක්තිය පහදා දුන් දුප්පතා දිනක් පොහොසතුන්ගේ තාඩන පීඩනවලට ගොදුරු වූයේ ය. රජුට පැමිණිලි කළ නමුත් යුක්තිය ඉටු නොවිණ. එබැවින් හේ සොළී රටට ගොස් එහි ලී කපන්නකු මෙන් ජීවිතය ගත කරන්නට වනි. දොළොස් වසක් දුක් ගෙන සිටීමෙන් පසු ඔහුගේ තොරතුරු දැනගත් සොළී රට ස්ත්‍රීහු ඔහු ගැන අනුකම්පාවක් දක්වනු මැනැවැයි සිය ස්වාමි පුරුෂයන්ට කීහ. ඔවුහු කාරණය රජුට සැල කළහ. එහි ප්‍රතිඵලය වශයෙන් ලක්දිව ආක්‍රමණය කළ සොළී රජු වල්ලභ රජුත්, බිසවත් සිරභාරයට ගත් බව කීමෙන් පොත හමාර වෙයි.
(සංස්කරණය: 1963)