"අංකෝර් වාට්" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
(නොපෙන්වන එම පරිශීලකයා මගින් අතරමැදි සංස්කරණ 3ක්) | |||
1 පේළිය: | 1 පේළිය: | ||
− | පැරණි කාම්බෝජ ගෘහනිර්මාණ සම්ප්‍රදායේ විශිෂ්ටතම නිර්මාණය වූ මෙම වෛෂ්ණව ප්‍රාසාදය අංකෝර් තෝම් නගරයට (අංකෝර් බ.) සැතැපුමක් පමණ දකුණින් පිහිටියේ ය. මෙය ලෝකයේ විශාලතම ආගමික ගොඩනැඟිල්ල වශයෙන් ද ඇතැම්හු සලකති. දෙවැනි සූර්යවර්මන් රජු (1112 – 1152) විසින් 1115 දී අංකෝර් වාට් ප්‍රාසාදය තැනීම | + | පැරණි කාම්බෝජ ගෘහනිර්මාණ සම්ප්‍රදායේ විශිෂ්ටතම නිර්මාණය වූ මෙම වෛෂ්ණව ප්‍රාසාදය අංකෝර් තෝම් නගරයට ([[අංකෝර්]] බ.) සැතැපුමක් පමණ දකුණින් පිහිටියේ ය. මෙය ලෝකයේ විශාලතම ආගමික ගොඩනැඟිල්ල වශයෙන් ද ඇතැම්හු සලකති. දෙවැනි සූර්යවර්මන් රජු (1112 – 1152) විසින් 1115 දී අංකෝර් වාට් ප්‍රාසාදය තැනීම ආරම්භ කරන ලදි. එහෙත් 1180 පමණ වන තුරු එය නිම කළ නොහැකි වූ බැව් සඳහන් වේ. විෂ්ණු දෙවියන් (දේවරාජ) සඳහා කැප වූ මෙම ප්‍රාසාදය සූර්යවර්මන් රජුගේ භස්මාවශේෂ තැන්පත් කළ සොහොන් ගෙය වශයෙන් ප්‍රසිද්ධ ය. සත්වැනි ජයවර්මන් රජුගේ (1181-1201) කාලයේ දී මෙය බෞද්ධ පූජ්‍යස්ථානයක් බවට පරිවර්තනය වූ බව පෙනේ. |
+ | [[ගොනුව:11.jpg|400px|right]] | ||
+ | අංකෝර් වාට් ප්‍රාසාදය විශ්ව කීර්තියට පත් වූයේ අද්විතීය වූ නිර්මාණ සැලැස්ම හේතුකොටගෙන ය. අනෙක් ආගමික ගොඩනැඟිලි මෙන් නොව මෙය බටහිර දෙසට මුහුණ ලා සිටින සේ නිමවන ලද්දේ සොහොන් ගෙයක් වූ නිසා යයි කල්පනා කරත්. ඍජුකෝණාස්‍රාකාර සැලැස්මකින් යුත් සම්පූර්ණ ගොඩනැඟිල්ල සැතැපුම් දෙකහමාරක් පමණ වූ දිග අගළකින් වට වී තිබේ. ප්‍රධාන දොරටුව වෙත එළඹීම පිණිස දෙපස නාග ගල් වැට සහිත මාවතක් වේ. නියම ප්‍රාසාදය මහල් තුනකින් යුක්ත වේ. ගොඩනැඟිල්ලේ පදනම ගලින් නිමැවිණි. පළමුවන මාලය වටා දිවෙන කුලුනු පෙළින් සැදි, දිගින් අඩි 3,000ක් හා පළලින් අඩි 2,500ක් පමණ වූ, ගැලරිය (ආලින්දකය) අගනා ගල් කැටයමින් විසිතුරු වේ. මෙහි ශිඛර සහිත මණ්ඩප තුනකින් සමන්විත වූ ප්‍රධාන දොරටුව ද වැදගත් නිර්මාණයකි. ගැලරි කරණකොටගෙන වෙන් වූ අඞ්ගණ සතරකින් යුත් විශාල චතුරස්‍රය දෙවන මාලයේ දොරටුව වෙතට යොමු වෙයි. දෙවන මාලය වටා ද සිව්කොනෙහි ප්‍රාසාද ශිඛරයන්ගෙන් යුක්ත වූ දර්ශනීය ගැලරියක් වේ. දෙවන මාලය මධ්‍යයේ සිට පිරමිඩාකාර වූ ප්‍රධාන ගොඩනැඟිල්ල ඉදිකොට තිබෙයි. ගැලරියකින් වට වූ තෙවන මාලය මැද ප්‍රධාන දෙව්මැදුර පිහිටියේ ය. ගැලරියේ සතර කොනෙහි ද ප්‍රධාන දෙව්මැදුරේ ශිඛරයට සමාන වූ ප්‍රමාණයෙන් කුඩා වූ ශිඛර සතරෙක් වෙයි. මෙම ශිඛර උතුරු ඉන්දියානු 'නගර' ශිඛරයන්ගේ විකාසයකැයි සලකනු ලැබෙයි. ප්‍රධාන දෙව්මැඳුරේ සිට සතර දෙසට විහිදී ගිය ගැලරි සතර නිසා මුළු මාලය සිව් කොටසකට බෙදේ. විෂ්ණු (දේවරාජ) ප්‍රතිමාව තැන්පත් කර තුබුණු මධ්‍ය දේව මන්දිරය තුළ අඩි 125කට වඩා ගැඹුරු කුහරයක තිබී රනින් නිමවූ වස්තු සම්භාරයක් සොයාගන්නා ලදි. | ||
− | අංකෝර් වාට් ප්‍රාසාදය | + | අංකෝර් වාට් ප්‍රාසාදය ක්‍රමයෙන් විකාසයට පත් ක්මේර් (කාම්බෝජ) ගොඩනැඟිලි සම්ප්‍රදායේ අවසාන ප්‍රතිඵලය වේ. බාෆුඕන් ප්‍රාසාදයේ පිරමිඩාකෘතිය හා ඛෙං මිලී ප්‍රාසාදයේ ගැලරි (ආලින්දක) ක්‍රමය එකට ගැළපීමෙන් අංකෝර් වාට් ප්‍රාසාදයේ සැලැස්ම සකස් කොට ගත් බැව් පුරාවිද්‍යාඥයන්ගේ අදහසයි. මුළු ගොඩනැඟිල්ලම පිරමිඩයක ආකාරය ගනී. ප්‍රාසාද ගොඩනැඟිල්ල බදාම රහිතව ඉදි කරන ලද්දකි. බිත්ති ප්‍රාකාර ආදී හැම කොටසකට ම යොදා ඇති ගල් ස්ථිරව සිටිනුයේ ගොඩනැඟිල්ලේ බරිනි. |
− | අංකෝර් වාට් ප්‍රාසාදය | + | කාම්බෝජ ගෘහනිර්මාණ ශිල්පය අතින් මෙන් ම එම මූර්තිකලාව අතින් ද අංකෝර් වාට් ප්‍රාසාදය අනෙක් නිර්මාණයන් අභිභවා සිටී. සම්පූර්ණ ප්‍රාසාදය ම විසිතුරු කැටයමින් අලංකෘත ය. පළමුවන මාලයේ ගැලරිය මහාභාරතය, රාමායණය හා විෂ්ණු පුරාණය යන ග්‍රන්ථයන්ගෙන් උපුටා ගත් කතා වස්තූන් නිරූපණය කරන දර්ශනීය කැටයම්වලින් යුක්ත ය. 'ක්ෂීරසාගර මථනය' උසස් නිදසුනකි. ඔප කළ වැලිගලින් නිමවූ බිත්තිවල අල්පෝන්නත ව නිමවූ මෙම කැටයම්වලින් පිළිබිඹු වන්නේ මූර්ති කලාවට වඩා සිතුවම් සම්ප්‍රදායේ ස්වරූපයයි. මේ ප්‍රාසාදය දේවරාජ පූජාවට කැපවූයෙන් රජතුමාගේ ජීවිත වෘත්තාන්තය ආශ්‍රිත සිද්ධි ඇතැම් කැටයම්වලින් නිරූපණය කොට තිබේ. දේවරාජ පූජාව ඇතිවූයේ රජතුමා විෂ්ණු දෙවියන්ගේ මූර්තියක් කොට සැලකීමෙනි. ප්‍රාසාදයේ ප්‍රධාන දෙව්මැදුර තුළ දේවරාජ ප්‍රතිරූපයක් විය. ගල්කැටයම් අතර දක්නා ලැබෙන අප්සරා රූප කාම්බෝජ කැටයම් කලාවේ උසස් නිර්මාණ වේ. ඇඳුම්පැලඳුම්, අභිනය හා අඞ්ග වින්‍යාසය අතින් මෙම අප්සරා රූප නූතන කාම්බෝජ මුද්‍රානාට්‍යයන්හි රඟ දක්වන නිළියන්ට සමාන වේ. ශෛලිය විසින් අංකෝර් වාට් ගල් කැටයම් ඉන්දියාවේ පැරණි අමරාවතී කැටයම්වලට හා සමකාලීන චීන නිර්මාණයනස්ට තරමක් සමාන ය. |
− | + | (සංස්කරණය:1963) | |
− | [[ප්‍රවර්ගය:අ]] | + | [[ප්‍රවර්ගය: අ]] |
08:58, 19 ඔක්තෝබර් 2023 වන විට නවතම සංශෝධනය
පැරණි කාම්බෝජ ගෘහනිර්මාණ සම්ප්‍රදායේ විශිෂ්ටතම නිර්මාණය වූ මෙම වෛෂ්ණව ප්‍රාසාදය අංකෝර් තෝම් නගරයට (අංකෝර් බ.) සැතැපුමක් පමණ දකුණින් පිහිටියේ ය. මෙය ලෝකයේ විශාලතම ආගමික ගොඩනැඟිල්ල වශයෙන් ද ඇතැම්හු සලකති. දෙවැනි සූර්යවර්මන් රජු (1112 – 1152) විසින් 1115 දී අංකෝර් වාට් ප්‍රාසාදය තැනීම ආරම්භ කරන ලදි. එහෙත් 1180 පමණ වන තුරු එය නිම කළ නොහැකි වූ බැව් සඳහන් වේ. විෂ්ණු දෙවියන් (දේවරාජ) සඳහා කැප වූ මෙම ප්‍රාසාදය සූර්යවර්මන් රජුගේ භස්මාවශේෂ තැන්පත් කළ සොහොන් ගෙය වශයෙන් ප්‍රසිද්ධ ය. සත්වැනි ජයවර්මන් රජුගේ (1181-1201) කාලයේ දී මෙය බෞද්ධ පූජ්‍යස්ථානයක් බවට පරිවර්තනය වූ බව පෙනේ.
අංකෝර් වාට් ප්‍රාසාදය විශ්ව කීර්තියට පත් වූයේ අද්විතීය වූ නිර්මාණ සැලැස්ම හේතුකොටගෙන ය. අනෙක් ආගමික ගොඩනැඟිලි මෙන් නොව මෙය බටහිර දෙසට මුහුණ ලා සිටින සේ නිමවන ලද්දේ සොහොන් ගෙයක් වූ නිසා යයි කල්පනා කරත්. ඍජුකෝණාස්‍රාකාර සැලැස්මකින් යුත් සම්පූර්ණ ගොඩනැඟිල්ල සැතැපුම් දෙකහමාරක් පමණ වූ දිග අගළකින් වට වී තිබේ. ප්‍රධාන දොරටුව වෙත එළඹීම පිණිස දෙපස නාග ගල් වැට සහිත මාවතක් වේ. නියම ප්‍රාසාදය මහල් තුනකින් යුක්ත වේ. ගොඩනැඟිල්ලේ පදනම ගලින් නිමැවිණි. පළමුවන මාලය වටා දිවෙන කුලුනු පෙළින් සැදි, දිගින් අඩි 3,000ක් හා පළලින් අඩි 2,500ක් පමණ වූ, ගැලරිය (ආලින්දකය) අගනා ගල් කැටයමින් විසිතුරු වේ. මෙහි ශිඛර සහිත මණ්ඩප තුනකින් සමන්විත වූ ප්‍රධාන දොරටුව ද වැදගත් නිර්මාණයකි. ගැලරි කරණකොටගෙන වෙන් වූ අඞ්ගණ සතරකින් යුත් විශාල චතුරස්‍රය දෙවන මාලයේ දොරටුව වෙතට යොමු වෙයි. දෙවන මාලය වටා ද සිව්කොනෙහි ප්‍රාසාද ශිඛරයන්ගෙන් යුක්ත වූ දර්ශනීය ගැලරියක් වේ. දෙවන මාලය මධ්‍යයේ සිට පිරමිඩාකාර වූ ප්‍රධාන ගොඩනැඟිල්ල ඉදිකොට තිබෙයි. ගැලරියකින් වට වූ තෙවන මාලය මැද ප්‍රධාන දෙව්මැදුර පිහිටියේ ය. ගැලරියේ සතර කොනෙහි ද ප්‍රධාන දෙව්මැදුරේ ශිඛරයට සමාන වූ ප්‍රමාණයෙන් කුඩා වූ ශිඛර සතරෙක් වෙයි. මෙම ශිඛර උතුරු ඉන්දියානු 'නගර' ශිඛරයන්ගේ විකාසයකැයි සලකනු ලැබෙයි. ප්‍රධාන දෙව්මැඳුරේ සිට සතර දෙසට විහිදී ගිය ගැලරි සතර නිසා මුළු මාලය සිව් කොටසකට බෙදේ. විෂ්ණු (දේවරාජ) ප්‍රතිමාව තැන්පත් කර තුබුණු මධ්‍ය දේව මන්දිරය තුළ අඩි 125කට වඩා ගැඹුරු කුහරයක තිබී රනින් නිමවූ වස්තු සම්භාරයක් සොයාගන්නා ලදි.
අංකෝර් වාට් ප්‍රාසාදය ක්‍රමයෙන් විකාසයට පත් ක්මේර් (කාම්බෝජ) ගොඩනැඟිලි සම්ප්‍රදායේ අවසාන ප්‍රතිඵලය වේ. බාෆුඕන් ප්‍රාසාදයේ පිරමිඩාකෘතිය හා ඛෙං මිලී ප්‍රාසාදයේ ගැලරි (ආලින්දක) ක්‍රමය එකට ගැළපීමෙන් අංකෝර් වාට් ප්‍රාසාදයේ සැලැස්ම සකස් කොට ගත් බැව් පුරාවිද්‍යාඥයන්ගේ අදහසයි. මුළු ගොඩනැඟිල්ලම පිරමිඩයක ආකාරය ගනී. ප්‍රාසාද ගොඩනැඟිල්ල බදාම රහිතව ඉදි කරන ලද්දකි. බිත්ති ප්‍රාකාර ආදී හැම කොටසකට ම යොදා ඇති ගල් ස්ථිරව සිටිනුයේ ගොඩනැඟිල්ලේ බරිනි.
කාම්බෝජ ගෘහනිර්මාණ ශිල්පය අතින් මෙන් ම එම මූර්තිකලාව අතින් ද අංකෝර් වාට් ප්‍රාසාදය අනෙක් නිර්මාණයන් අභිභවා සිටී. සම්පූර්ණ ප්‍රාසාදය ම විසිතුරු කැටයමින් අලංකෘත ය. පළමුවන මාලයේ ගැලරිය මහාභාරතය, රාමායණය හා විෂ්ණු පුරාණය යන ග්‍රන්ථයන්ගෙන් උපුටා ගත් කතා වස්තූන් නිරූපණය කරන දර්ශනීය කැටයම්වලින් යුක්ත ය. 'ක්ෂීරසාගර මථනය' උසස් නිදසුනකි. ඔප කළ වැලිගලින් නිමවූ බිත්තිවල අල්පෝන්නත ව නිමවූ මෙම කැටයම්වලින් පිළිබිඹු වන්නේ මූර්ති කලාවට වඩා සිතුවම් සම්ප්‍රදායේ ස්වරූපයයි. මේ ප්‍රාසාදය දේවරාජ පූජාවට කැපවූයෙන් රජතුමාගේ ජීවිත වෘත්තාන්තය ආශ්‍රිත සිද්ධි ඇතැම් කැටයම්වලින් නිරූපණය කොට තිබේ. දේවරාජ පූජාව ඇතිවූයේ රජතුමා විෂ්ණු දෙවියන්ගේ මූර්තියක් කොට සැලකීමෙනි. ප්‍රාසාදයේ ප්‍රධාන දෙව්මැදුර තුළ දේවරාජ ප්‍රතිරූපයක් විය. ගල්කැටයම් අතර දක්නා ලැබෙන අප්සරා රූප කාම්බෝජ කැටයම් කලාවේ උසස් නිර්මාණ වේ. ඇඳුම්පැලඳුම්, අභිනය හා අඞ්ග වින්‍යාසය අතින් මෙම අප්සරා රූප නූතන කාම්බෝජ මුද්‍රානාට්‍යයන්හි රඟ දක්වන නිළියන්ට සමාන වේ. ශෛලිය විසින් අංකෝර් වාට් ගල් කැටයම් ඉන්දියාවේ පැරණි අමරාවතී කැටයම්වලට හා සමකාලීන චීන නිර්මාණයනස්ට තරමක් සමාන ය.
(සංස්කරණය:1963)