"එන්සාල්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
සුළු (Senasinghe විසින් එන්සාල් (එනසාල් : කරදමුංගු) සිට එන්සාල් වෙත පිටුව ගෙන යන ලදී)
 
(අතරමැදි සංශෝධන 8 විසින් පරිශීලක 4 පෙන්වා නැත)
1 පේළිය: 1 පේළිය:
එලෙටාරියා රෙපෙන්ස් - Elettaria repens (Sonner.) Baill. (E. oardamomum] ලංකාවේ හා දකුණු ඉන්දියාවේ කඳුකර තෙත් වනාන්තර නිජ බිම් කොට ගත් බහුවාර්ෂික පැළැටියකි. එය කැළෑගත පැළැටියක් ලෙස ලංකාවේ ඇතැම් ප්‍රදේශවලත් ඉන්දියාවේ බටහිර ඝාට් කඳුවලත් අඩි 2,500-5,000 අතර උස් ප්‍රදේශයේ වැවේ. බුරුමය, මලයාව ආදී රටවල ද මෙය දක්නට ලැබේ.  
+
(එනසාල්; කර්දමුංගු) [එලෙටාරියා රෙපෙන්ස් - Elettaria repens (Sonner.) Baill. (E. cardamomum]. ලංකාවේ හා දකුණු ඉන්දියාවේ කඳුකර තෙත් වනාන්තර නිජ බිම් කොට ගත් බහුවාර්ෂික පැළෑටියකි. එය කැළෑගත පැළෑටියක් ලෙස ලංකාවේ ඇතැම් ප්‍රදේශවලත් ඉන්දියාවේ බටහිර ඝාට් කඳුවලත් අඩි 2,500-5,000 අතර උස් ප්‍රදේශයේ වැවේ. බුරුමය, මලයාව ආදි රටවල ද මෙය දක්නට ලැබේ.  
  
වගා කරනු ලබන එන්සාල් පැළෑටි සාර්ථක ලෙස වැවෙන්නේ අඩි 2,500 සිට 5,000 දක්වා උස් වූ ද අඟල් 60 සිට 230 දක්වා වර්ෂාපතනයක් ලැබෙන්නා වූ ද ප්‍රදේශවලය.  

එන්සාල් පැළැටියේ පොළොව යට පිහිටි රෛසෝමයෙන් සාමාන්‍යයෙන් අඩි 4 සිට 15 දක්වා උස් වූ ප්‍රරෝහ පොළොවෙන් ඉහළට ගනී. කොළය අඩි 1 සිට 3 දක්වා දිගය; ඉලිප්සාකාරය. කොළ පාද කොපු සහිතය. වායව ප්‍රරෝහවල පාදවලින් අඩි 2 සිට 4 දක්වා දික් වූ සංයුක්ත ඒකාක්ෂවල (panicles) මල් පිපේ. මල අඟල් 11 ක් පමණ දිගය; සුදු හෝ ළා පලාවන් පාටය; ද්විලිංගික. මල් ද්විලිංගික වුව ද ඒවා ස්වවන්ධ්‍යායො (self-sterile). ඵලය ත්‍රිකෝෂ්ඨික (trilocular) ස්ඵෝටිකාවකි (capsule). එහි හැඩය ආයත හෝ අණ්ඩාකාර හෝ විය හැකිය.  
+
එන්සාල් පැළෑටියේ පොළොව යට පිහිටි රෛසෝමයෙන් සාමාන්‍යයෙන් අඩි 4 සිට 15 දක්වා උස් වූ ප්‍රරෝහ පොළොවෙන් ඉහළට නඟී. කොළය අඩි 1 සිට 3 දක්වා දිගය; ඉලිප්සාකාරය. කොළ පාද කොපු සහිතය. වායව ප්‍රරෝහවල පාදවලින් අඩි 2 සිට 4 දක්වා දික් වූ සංයුක්ත ඒකාක්ෂවල (panicles) මල් පිපේ. මල අඟල් 1 ½ක් පමණ දිගය; සුදු හෝ ළා පලාවන් පාටය; ද්විලිංගිකය. මල් ද්විලිංගික වුව ද ඒවා ස්වවන්ධ්‍යය (self-sterile). ඵලය ත්‍රිකෝෂ්ඨික (trilocular) ස්ඵෝටිකාවකි (capsule). එහි හැඩය ආයත හෝ අණ්ඩාකාර හෝ විය හැකිය.  
  
සිංගිබෙරාසේ අයත් එන්සාල් පැළෑටිය වගා කරනු ලබන කල එහි සුළු සුළු වෙනස්වීම් ඇති වේ. ඵලවල ප්‍රමාණය අනුව මජෝර් (major), මිනෝර් (minor) යනුවෙන් ප්‍රභේද දෙකකි. ලංකාවේ වැවෙන වල් එන්සාල් පැළෑටිය මජෝර් ප්‍රභේදයට අයත්ය. එය දැන් වෙනත් විශේෂයක් ලෙස සලකනු ලැබ ඊට එලෙටාරියා එන්සාල් (E. ensal (Gaertn) Abeywick) යයි කියනු ලැබේ. මේ පැළෑටියේ කොළ වවනු ලබන ප්‍රභේදයේ කොළවලට වඩා පළල්ය. අඟල් 1 සිට 2 දක්වා දිගැති ඵලය ද වවනු ලබන ප්‍රභේදයේ ඵලයට වඩා ලොකුය. කැළෑ එන්සාල් ඇට වවනු ලබන එන්සාල් ඇට පමණ සුවඳ නැත. වවනු ලබන එන්සාල් පැළෑටි මිනෝර් ප්‍රභේදයට අයත්ය. මේ ප්‍රභේදයෙහි මයිසූර් හා මලබාර් යනුවෙන් ජාති දෙකකි. ලංකාවේ කැළෑ එන්සාල් පැළෑටිය ආදිකල්පිකය. වවනු ලබන ප්‍රභේදය එයින් පරිණාමය වූවක් විය හැකිය.  
+
සිංගිබෙරාසේ කුලයට අයත් එන්සාල් පැළෑටිය වගා කරනු ලබන කල එහි සුළු සුළු වෙනස්වීම් ඇති වේ. ඵලවල ප්‍රමාණය අනුව මජෝර් (major), මිනෝර් (minor) යනුවෙන් ප්‍රභේද දෙකකි. ලංකාවේ වැවෙන වල් එන්සාල් පැළෑටිය මජෝර් ප්‍රභේදයට අයත්ය. එය දැන් වෙනත් විශේෂයක් ලෙස සලකනු ලැබ ඊට එලෙටාරියා එන්සාල් යයි (E. ensal (Gaertn.) Abeywick.) යයි කියනු ලැබේ. මේ පැළෑටියේ කොළ වවනු ලබන ප්‍රභේදයේ කොළවලට වඩා පළල්ය. අඟල් 1 සිට 2 දක්වා දිගැති ඵලය ද වවනු ලබන ප්‍රභේදයේ ඵලයට වඩා ලොකුය. කැළෑ එන්සාල් ඇට වවනු ලබන එන්සාල් ඇට පමණ සුවඳ නැත. වවනු ලබන එන්සාල් පැළෑටි මිනෝර් ප්‍රභේදයට අයත්ය. මේ ප්‍රභේදයෙහි මයිසූර් හා මලබාර් යනුවෙන් ජාති දෙකකි. ලංකාවේ කැළෑ එන්සාල් පැළෑටිය ආදිකල්පිකය. වවනු ලබන ප්‍රභේදය එයින් පරිණාමය වූවක් විය හැකිය.
  
එන්සාල් වත්තකින් 5 වැනි අවුරුද්දේ සිට වර්ෂ කීපයක් අවුරුද්දකට සාමාන්‍යයෙන් අක්කරයකට රාත්තල් 1,000 සිට 5,000 දක්වා අස්වැන්න ලබා ගත හැකිය. පැසී ඉදෙන්නට කලින් ඵල නෙලනු ලැබේ. වේළීමේ දී පමණට වඩා පැසුණු ඵල පිපිරී යා හැකි හෙයිනි. වෙළඳ භාණ්ඩයක් වශයෙන් වියළි කර්දමුංගුවල පොත්තේ කොළ පැහැය බෙහෙවින් අගය කැරෙන හෙයින් එම පැහැය රැක ගැනීමට දෙයාකාරයකින් මෙම ඵල වේළනනු ලැබේ. පිටත වූ පෝරණුවකින් කුටියක් තුළට ඇතුළු වන ගිනිරශ්මියෙන් වේළීම හා ආවෘත කුටියක වූ විවෘත අඟුරු ගින්නක් මත (මැස්සක) ඵල බඳුන් තබා වේළීම ද වේ. අව්වේ ලෑමෙන් ද කර්දමුංගු වේළාගනු ලැබේ.
+
එන්සාල් වත්තකින් 5 වැනි අවුරුද්දේ සිට වර්ෂ කීපයක් අවුරුද්දකට සාමාන්‍යයෙන් අක්කරයකට රාත්තල් 1,000 සිට 5,000 දක්වා අස්වැන්න ලබා ගත හැකිය. පැසී ඉදෙන්නට කලින් ඵල නෙලනු ලැබේ. වේළීමේ දී පමණට වඩා පැසුණු ඵල පිපිරී යා හැකි හෙයිනි. වෙළඳ භාණ්ඩයක් වශයෙන් වියළි කර්දමුංගුවල පොත්තේ කොළ පැහැය බෙහෙවින් අගය කැරෙන හෙයින් එම පැහැය රැක ගැනීමට දෙයාකාරයකින් මෙම ඵල වේළනු ලැබේ. පිටත වූ පෝරණුවකින් කුටියක් තුළට ඇතුළු වන ගිනිරශ්මියෙන් වේළීම හා ආවෘත කුටියක වූ විවෘත අඟුරු ගින්නක් මත (මැස්සක) ඵල බඳුන් තබා වේළීම ද වේ. අව්වේ ලෑමෙන් ද කර්දමුංගු වේළාගනු ලැබේ.  
  
දුඹුරුපාට කුඩා එන්සාල් ඇට තද සුවඳකින් හා රසයකින් යුක්තය. ඇටවල මේ විශේෂ ලක්ෂණ නිසා එන්සාල් කුළුබඩුවක් වශයෙන් ද කට සුවඳ කිරීමට විකන ද්‍රව්‍යයක් වශයෙන් ද භාවිත වේ. ඇතැම් රෝගයන්ට ප්‍රතිකාරයක් වශයෙන් ද මෙය වෙදකමෙහි ද යොදනු ලැබේ. ව්‍යංජන, රසකැවිලි හා බීම වර්ග රස කිරීමටත් එන්සාල් ප්‍රයෝජනවත්ය. කාමෝද්දීපක ද්‍රව්‍යයක් වශයෙන් ද එන්සාල් ප්‍රසිද්ධය. යට කී ලක්ෂණ එන්සාල්වලට ලැබෙන්නේ එහි තිබෙන වාෂ්පශීල තෙල (2-8%) කරණ කොටගෙනය. ඉන්දියානු ප්‍රභේදවල තිබෙන මේ තෙල් ප්‍රමාණය ලංකාවේ ප්‍රභේදවල තෙල් ප්‍රමාණයට වඩා වැඩිය. වෙළඳාමට ගන්නා එන්සාල් තෙල් ලබා ගන්නේ සම්පූර්ණ ඵල ආසවනය කිරීමෙනි. නිර්වර්ණ හෝ ළා කහපාට හෝ විය හැකි මේ තෙල බීමවලට විශේෂ රසයක් දීමට යොදනු ලැබේ.
+
දුඹුරුපාට කුඩා එන්සාල් ඇට තද සුවඳකින් හා රසයකින් යුක්තය. ඇටවල මේ විශේෂ ලක්ෂණ නිසා එන්සාල් කුළු බඩුවක් වශයෙන් ද කට සුවඳ කිරීමට විකන ද්‍රව්‍යයක් වශයෙන් ද භාවිත වේ. ඇතැම් රෝගයන්ට ප්‍රතිකාරයක් වශයෙන් ද මෙය වෙදකමෙහි ද යොදනු ලැබේ. ව්‍යංජන, රසකැවිලි හා බීම වර්ග රස කිරීමටත් එන්සාල් ප්‍රයෝජනවත්ය. කාමෝද්දීපක ද්‍රව්‍යයක් වශයෙන් ද එන්සාල් ප්‍රසිද්ධය. යට කී ලක්ෂණ එන්සාල්වලට ලැබෙන්නේ එහි තිබෙන වාෂ්පශීල තෙල (2-8%) කරණකොටගෙනය. ඉන්දියානු ප්‍රභේදවල තිබෙන මේ තෙල් ප්‍රමාණය ලංකාවේ ප්‍රභේදවල තෙල් ප්‍රමාණයට වඩා වැඩිය. වෙළඳාමට ගන්නා එන්සාල් තෙල් ලබා ගන්නේ සම්පූර්ණ ඵල ආසවනය කිරීමෙනි. නිර්වර්ණ හෝ ළා කහපාට හෝ විය හැකි මේ තෙල බීමවලට විශේෂ රසයක් දීමට යොදනු ලැබේ.  
  
එක්සත් ජනපදය, ජර්මනිය යන රටවල එන්සාල් බෙහෙවින් ප්‍රයෝජනයට ගනු ලැබේ. මෑතක සිට එන්සාල් අපනයනය කිරීමෙන් ලංකාව සෑහෙන විදේශ විනිමය ප්‍රමාණයක් උපයයි.  
 
ලංකාවේ එන්සාල් වගාව: දැනට මෙරට අක්කර 7000ක පමණ එන්සාල් වවා තිබේ. මින් 80%ක් පමණ මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවල පිහිටියේය. අක්කර 1-5 පමණ වූ කුඩා බිම් පෙදෙස්වලත් අක්කර සිය ගණන් විශාල වතුවලත් කර්දමුංගු වතා කොට ඇත.
 
සාමාන්‍යයෙන් මෙරට වවනු ලබන්නේ ඉබේට කැළේට වැවෙන වර්ගය නොව ඉන්දියාවෙන් ගෙනෙන ලද මයිසූර් හ මලබාර් දෙවර්ගයේ එන්සාල්ය. මයිසූර් වර්ගය අඩි 3000ත් 4500ත් අතර කඳුකරයේ මනාව වැඩෙන අතර අනික් වර්ගයට ඉතාම හිතකර වන්නේ අඩි 2000ත් 3000ත් අතර භූමියයි. අඟල් 120-150 ප්‍රමාණයේ සමව පැතිරි වාර්ෂික වර්ෂාපතනයත්, දිය නොරැදී බැස යන බිමත්, බුරුල් පසත්, පැ. 500-950 අතර උෂ්ණත්වයත්, තද සුළඟින් හා චණ්ඩ හිරුරශ්මියෙන් ආවරණයව තිබීමත් එන්සාල් වගාවට ඉතා අවශ්‍ය අනිකුත් සාධකය.
+
== ලංකාවේ එන්සාල් වගාව ==
 +
දැනට මෙරට අක්කර 7000ක පමණ එන්සාල් වවා තිබේ. මින් 80%ක් පමණ මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවල පිහිටියේය. අක්කර 1-5 පමණ වූ කුඩා බිම් පෙදෙස්වලත් අක්කර සිය ගණන් විශාල වතුවලත් කර්දමුංගු වගා කොට ඇත.  
  
මෙරට කඳුකර වන ප්‍රෙද්ශයේ උස් ගස් යට වැඩී ඇති වන ලැහැබ් ශුද්ධ කොට සාමාන්‍ය සෙවනක් ශේෂ පරිදි පළින් පළ මහ ගස් කපා දමා, කඳන් අතු කොළ ආදිය පස සෝදා පාළුවීම වළක්වන වැටි වශයෙන් සිටින පරිදි යොදා අඩි 8-10 පමණ පරතරය ඇති ව අඩි 1x1 හා 1 1/2 ක් ගැඹුරට කපාගත් වළවල පැළ සිටවනු ලැබේ. සිටවීම සඳහා ගනු ලබන්නේ අංකුර එකක් හෝ කීපයක් වැඩුණු ගසක් සහිත රෛසෝම (අල) කොටස් හෝ ඇට තවාන් කිරීමෙන් ලබගත් පැළය.  
+
සාමාන්‍යයෙන් මෙරට වවනු ලබන්නේ ඉබේට කැළේට වැවෙන වර්ගය නොව ඉන්දියාවෙන් ගෙනෙන ලද මයිසූර් හා මලබාර් දෙවර්ගයේ එන්සාල්ය. මයිසූර් වර්ගය අඩි 3,000ත් 4,500ත් අතර කඳුකරයේ මනාව වැඩෙන අතර අනික් වර්ගයට ඉතා ම හිතකර වන්නේ අඩි 2,000ත්  3,000ත් අතර භූමියයි. අඟල් 120-150 ප්‍රමාණයේ සමව පැතිරි වාර්ෂික වර්ෂාපතනයත්, දිය නොරැඳී  බැස යන බිමත්, බුරුල් පසත්, පැ. 50°-95° අතර උෂ්ණත්වයත්, තද සුළඟින් හා චණ්ඩ හිරුරශ්මියෙන් ආවරණයව තිබීමත් එන්සාල් වගාවට ඉතා අවශ්‍ය අනිකුත් සාධකය.  
  
 +
මෙරට කඳුකර වන ප්‍රදේශයේ උස් ගස් යට වැඩී ඇති වන ලැහැබ් ශුද්ධ කොට සාමාන්‍ය සෙවනක් ශේෂ වන පරිදි පළින් පළ මහ ගස් කපා දමා, කඳන් අතු කොළ ආදිය පස සෝදා පාළුවීම වළක්වන වැටි වශයෙන් සිටින පරිදි යොදා අඩි 8-10 පමණ පරතරය ඇති ව අඩි 1x1 හා 1 ½ක් ගැඹුරට කපාගත් වළවල පැළ සිටවනු ලැබේ. සිටවීම සඳහා ගනු ලබන්නේ අංකුර එකක් හෝ කීපයක් වැඩුණු ගසක් සහිත රෛසෝම (අල) කොටස් හෝ ඇට තවාන් කිරීමෙන් ලබාගත් පැළය.
  
== තවාන් කිරීම: ==
+
== තවාන් කිරීම ==
හොඳ ඇට රාත්තලක ඇට 20,000ක් පමණ තිබෙන නමුත් සාමාන්‍ය තත්වයන් යටතේ, සිටවීමට යෝග්‍ය පැළ 8,000-10,000 කට වඩා බලාපොරොත්තු විය නොහැකිය. අඩි 25ක් 30ක් දිග හා 3ක් 4ක් පළල ඇතිව සකස් කරගත් පාත්තිවල ඉසිනු ලබන ඇට හැප්සීමට හෙවත් ගිරිය ඇද පැළවීමට සති 6ක් 7ක් ගත විය හැකිය. දළු ලා ප්‍රරෝහණය වීමට මාස 12 දක්වා කල් යා හැකිය. මෙම පැළ, සකස් කොට ගත් වෙනත් පාත්තිවල සිටුවා වර්ෂයකට නොඅඩු කාලයක් ඉක්ම ගිය පසු වළවල සිටුවීමට යෝග්‍යය. වළක පැළ 2 බැගින් සිට විය යුතුය.  
+
හොඳ ඇට රාත්තලක ඇට 20,000ක් පමණ තිබෙන නමුත් සාමාන්‍ය තත්වයන් යටතේ, සිටවීමට යෝග්‍ය පැළ 8,000-10,000කට වඩා බලාපොරොත්තු විය නොහැකිය. අඩි 25ක් 30ක් දිග හා 3ක් 4ක් පළල ඇතිව සකස් කරගත් පාත්තිවල ඉසිනු ලබන ඇට හැප්සීමට හෙවත් ගිරිය ඇද පැළවීමට සති 6ක් 7ක් ගත විය හැකිය. දළු ලා ප්‍රරෝහණය වීමට මාස 12 දක්වා කල් යා හැකිය. මෙම පැළ, සකස් කොට ගත් වෙනත් පාත්තිවල ඉඳුවා වර්ෂයකට නොඅඩු කාලයක් ඉක්ම ගිය පසු වළවල සිටුවීමට යෝග්‍යය. වළක පැළ 2 බැගින් සිට විය යුතුය.  
  
පොටෑසියම් හා කටුපෝර මිශ්‍රණ, යූරියා, ගොම, කොම්පෝස්ට් පෝර හා කොළ රොඩු එන්සාල්වලට හිතකරය.  
 
== රෝග ==
 +
එන්සාල්වලට හැදෙන ප්‍රධාන රෝග දෙකකි. තවානේ දී කොළ කුණුවීම හා විචිත්‍ර (මාබල්) රෝගය ද වේ. ප්‍රථම රෝගයට බෝඩෝ මිශ්‍රණය ප්‍රතිකාරයකි. ලප වැටීම, කොළ කොඩවීම, අලුත් දළු කරගැටිවීම ලක්ෂණ කොට ඇති දෙවැනි රෝගය වැලඳි කල පැළ ඉවත් කිරීම විනා එය මර්දනය කිරීමේ මඟක් තව ම සොයා ගෙන නොමැත.
  
== රෝග: ==
+
== ආයුර්වේද මතය ==
එන්සාල්වලට හැදෙන ප්‍රධාන රෝග දෙකකි. තවානේ දී කොළ කුණුවීම හා විවිත්‍ර (මාබල්) රෝගය ද වේ. ප්‍රථම රෝගයට බෝඩෝ මිශ්‍රණය ප්‍රතිකාරයකි. ලප වැටීම, කොළ කොඩ වීම, අලුත් දළු කරගැටිවීම ලක්ෂණ කොට ඇති දෙවැනි රෝගය වැලිඳි කල පැළ ඉවත් කිරීම විනා එය මර්දනය කිරීමේ මඟක් තව ම සොයා ගෙන නොමැත.
+
සකු බසින් ඒලා, උපකුංචිකා ආදි නම්වලින් හැඳින්වෙන එන්සාල් නමැති ඖෂධ විශේෂය සූක්ෂ්ම ඒලා (සිහින් එන්සාල්), ස්ථූල ඒලා (මහ එන්සාල්) වශයෙන් ප්‍රභේද දෙකකින් යුක්තය.  
  
 +
සිහින් එන්සාල් ශීත වීර්‍ය්‍ය ඇත්තේය; කුළු රසය; සැහැල්ලුය; රුචිකරය; හෘදයට හිතය; වාතය නසයි; අග්නි දීපනය කෙරෙයි; මූත්‍ර කෘච්ඡ, කාස, ශ්වාස, ක්ෂය, අර්ශස්, කඵ යන රෝග පහකරයි.
  
== ආයුර්වේද මතය: ==
+
මහ එන්සාල් තික්තය, සැහැල්ලුය; රුචිකරය; තියුණුය; රළුය; උෂ්ණය; කුළුරසය; ගිනි වඩයි; සෙම් පිත් දිනයි; කඵ, වාත, විෂ ව්‍රණ, කණ්ඩු, වමන, පිපාස නසයි. මුඛ, ශීර්ෂ, වස්ති රෝග පහ කරයි.  
සකු බසින් ඒලා, උපකුංචිකා ආදි නම්වලින් හැඳින්වෙන එන්සාල් නමැති ඖෂධ විශේෂය සූක්ෂ්ම ඒලා (සිහින් එන්සාල්), ස්ථූල ඒලා (මහ එන්සාල්) වශයෙන් ප්‍රභේද දෙකකින් යුක්තය.
 
සිහින් එන්සාල් ශීත වීයර්ය ඇත්තේය; කුළුරසය; සැහැල්ලුය; රුචිකරය; හෘදයට හිතය; වාතය නසයි; අග්නි දීපනය කෙරෙයි; මුත්‍ර කෘච්ජ, කාස, ශ්වාස, ක්ෂය, අර්ශස්, කළු යන රෝග පහකරයි.
+
(සංස්කරණය: 1974)
  
මහ එන්සාල් තික්තය, සැහැල්ලුය; රුචිකරය; තියුණුය; රළුය; උෂ්ණය, කුළුරසය; ගිනි වඩයි; සෙම් පිත් දිනයි; කළු, වාත, විෂ ව්‍රණ, කණ්ඩු, වමන, පිපාස නසයි. මුඛ, ශීර්ෂ, වස්ති රෝග පහ කරයි.
+
[[ප්‍රවර්ගය: උද්භිද විද්‍යාව]]
 +
 
 +
[[ප්‍රවර්ගය: එ]]

13:13, 27 මැයි 2026 වන විට නවතම සංශෝධනය

(එනසාල්; කර්දමුංගු) [එලෙටාරියා රෙපෙන්ස් - Elettaria repens (Sonner.) Baill. (E. cardamomum]. ලංකාවේ හා දකුණු ඉන්දියාවේ කඳුකර තෙත් වනාන්තර නිජ බිම් කොට ගත් බහුවාර්ෂික පැළෑටියකි. එය කැළෑගත පැළෑටියක් ලෙස ලංකාවේ ඇතැම් ප්‍රදේශවලත් ඉන්දියාවේ බටහිර ඝාට් කඳුවලත් අඩි 2,500-5,000 අතර උස් ප්‍රදේශයේ වැවේ. බුරුමය, මලයාව ආදි රටවල ද මෙය දක්නට ලැබේ.

වගා කරනු ලබන එන්සාල් පැළෑටි සාර්ථක ලෙස වැවෙන්නේ අඩි 2,500 සිට 5,000 දක්වා උස් වූ ද අඟල් 60 සිට 230 දක්වා වර්ෂාපතනයක් ලැබෙන්නා වූ ද ප්‍රදේශවලය.

එන්සාල් පැළෑටියේ පොළොව යට පිහිටි රෛසෝමයෙන් සාමාන්‍යයෙන් අඩි 4 සිට 15 දක්වා උස් වූ ප්‍රරෝහ පොළොවෙන් ඉහළට නඟී. කොළය අඩි 1 සිට 3 දක්වා දිගය; ඉලිප්සාකාරය. කොළ පාද කොපු සහිතය. වායව ප්‍රරෝහවල පාදවලින් අඩි 2 සිට 4 දක්වා දික් වූ සංයුක්ත ඒකාක්ෂවල (panicles) මල් පිපේ. මල අඟල් 1 ½ක් පමණ දිගය; සුදු හෝ ළා පලාවන් පාටය; ද්විලිංගිකය. මල් ද්විලිංගික වුව ද ඒවා ස්වවන්ධ්‍යය (self-sterile). ඵලය ත්‍රිකෝෂ්ඨික (trilocular) ස්ඵෝටිකාවකි (capsule). එහි හැඩය ආයත හෝ අණ්ඩාකාර හෝ විය හැකිය.

සිංගිබෙරාසේ කුලයට අයත් එන්සාල් පැළෑටිය වගා කරනු ලබන කල එහි සුළු සුළු වෙනස්වීම් ඇති වේ. ඵලවල ප්‍රමාණය අනුව මජෝර් (major), මිනෝර් (minor) යනුවෙන් ප්‍රභේද දෙකකි. ලංකාවේ වැවෙන වල් එන්සාල් පැළෑටිය මජෝර් ප්‍රභේදයට අයත්ය. එය දැන් වෙනත් විශේෂයක් ලෙස සලකනු ලැබ ඊට එලෙටාරියා එන්සාල් යයි (E. ensal (Gaertn.) Abeywick.) යයි කියනු ලැබේ. මේ පැළෑටියේ කොළ වවනු ලබන ප්‍රභේදයේ කොළවලට වඩා පළල්ය. අඟල් 1 සිට 2 දක්වා දිගැති ඵලය ද වවනු ලබන ප්‍රභේදයේ ඵලයට වඩා ලොකුය. කැළෑ එන්සාල් ඇට වවනු ලබන එන්සාල් ඇට පමණ සුවඳ නැත. වවනු ලබන එන්සාල් පැළෑටි මිනෝර් ප්‍රභේදයට අයත්ය. මේ ප්‍රභේදයෙහි මයිසූර් හා මලබාර් යනුවෙන් ජාති දෙකකි. ලංකාවේ කැළෑ එන්සාල් පැළෑටිය ආදිකල්පිකය. වවනු ලබන ප්‍රභේදය එයින් පරිණාමය වූවක් විය හැකිය.

එන්සාල් වත්තකින් 5 වැනි අවුරුද්දේ සිට වර්ෂ කීපයක් අවුරුද්දකට සාමාන්‍යයෙන් අක්කරයකට රාත්තල් 1,000 සිට 5,000 දක්වා අස්වැන්න ලබා ගත හැකිය. පැසී ඉදෙන්නට කලින් ඵල නෙලනු ලැබේ. වේළීමේ දී පමණට වඩා පැසුණු ඵල පිපිරී යා හැකි හෙයිනි. වෙළඳ භාණ්ඩයක් වශයෙන් වියළි කර්දමුංගුවල පොත්තේ කොළ පැහැය බෙහෙවින් අගය කැරෙන හෙයින් එම පැහැය රැක ගැනීමට දෙයාකාරයකින් මෙම ඵල වේළනු ලැබේ. පිටත වූ පෝරණුවකින් කුටියක් තුළට ඇතුළු වන ගිනිරශ්මියෙන් වේළීම හා ආවෘත කුටියක වූ විවෘත අඟුරු ගින්නක් මත (මැස්සක) ඵල බඳුන් තබා වේළීම ද වේ. අව්වේ ලෑමෙන් ද කර්දමුංගු වේළාගනු ලැබේ.

දුඹුරුපාට කුඩා එන්සාල් ඇට තද සුවඳකින් හා රසයකින් යුක්තය. ඇටවල මේ විශේෂ ලක්ෂණ නිසා එන්සාල් කුළු බඩුවක් වශයෙන් ද කට සුවඳ කිරීමට විකන ද්‍රව්‍යයක් වශයෙන් ද භාවිත වේ. ඇතැම් රෝගයන්ට ප්‍රතිකාරයක් වශයෙන් ද මෙය වෙදකමෙහි ද යොදනු ලැබේ. ව්‍යංජන, රසකැවිලි හා බීම වර්ග රස කිරීමටත් එන්සාල් ප්‍රයෝජනවත්ය. කාමෝද්දීපක ද්‍රව්‍යයක් වශයෙන් ද එන්සාල් ප්‍රසිද්ධය. යට කී ලක්ෂණ එන්සාල්වලට ලැබෙන්නේ එහි තිබෙන වාෂ්පශීල තෙල (2-8%) කරණකොටගෙනය. ඉන්දියානු ප්‍රභේදවල තිබෙන මේ තෙල් ප්‍රමාණය ලංකාවේ ප්‍රභේදවල තෙල් ප්‍රමාණයට වඩා වැඩිය. වෙළඳාමට ගන්නා එන්සාල් තෙල් ලබා ගන්නේ සම්පූර්ණ ඵල ආසවනය කිරීමෙනි. නිර්වර්ණ හෝ ළා කහපාට හෝ විය හැකි මේ තෙල බීමවලට විශේෂ රසයක් දීමට යොදනු ලැබේ.

එක්සත් ජනපදය, ජර්මනිය යන රටවල එන්සාල් බෙහෙවින් ප්‍රයෝජනයට ගනු ලැබේ. මෑතක සිට එන්සාල් අපනයනය කිරීමෙන් ලංකාව සෑහෙන විදේශ විනිමය ප්‍රමාණයක් උපයයි.

ලංකාවේ එන්සාල් වගාව

දැනට මෙරට අක්කර 7000ක පමණ එන්සාල් වවා තිබේ. මින් 80%ක් පමණ මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවල පිහිටියේය. අක්කර 1-5 පමණ වූ කුඩා බිම් පෙදෙස්වලත් අක්කර සිය ගණන් විශාල වතුවලත් කර්දමුංගු වගා කොට ඇත.

සාමාන්‍යයෙන් මෙරට වවනු ලබන්නේ ඉබේට කැළේට වැවෙන වර්ගය නොව ඉන්දියාවෙන් ගෙනෙන ලද මයිසූර් හා මලබාර් දෙවර්ගයේ එන්සාල්ය. මයිසූර් වර්ගය අඩි 3,000ත් 4,500ත් අතර කඳුකරයේ මනාව වැඩෙන අතර අනික් වර්ගයට ඉතා ම හිතකර වන්නේ අඩි 2,000ත් 3,000ත් අතර භූමියයි. අඟල් 120-150 ප්‍රමාණයේ සමව පැතිරි වාර්ෂික වර්ෂාපතනයත්, දිය නොරැඳී බැස යන බිමත්, බුරුල් පසත්, පැ. 50°-95° අතර උෂ්ණත්වයත්, තද සුළඟින් හා චණ්ඩ හිරුරශ්මියෙන් ආවරණයව තිබීමත් එන්සාල් වගාවට ඉතා අවශ්‍ය අනිකුත් සාධකය.

මෙරට කඳුකර වන ප්‍රදේශයේ උස් ගස් යට වැඩී ඇති වන ලැහැබ් ශුද්ධ කොට සාමාන්‍ය සෙවනක් ශේෂ වන පරිදි පළින් පළ මහ ගස් කපා දමා, කඳන් අතු කොළ ආදිය පස සෝදා පාළුවීම වළක්වන වැටි වශයෙන් සිටින පරිදි යොදා අඩි 8-10 පමණ පරතරය ඇති ව අඩි 1x1 හා 1 ½ක් ගැඹුරට කපාගත් වළවල පැළ සිටවනු ලැබේ. සිටවීම සඳහා ගනු ලබන්නේ අංකුර එකක් හෝ කීපයක් වැඩුණු ගසක් සහිත රෛසෝම (අල) කොටස් හෝ ඇට තවාන් කිරීමෙන් ලබාගත් පැළය.

තවාන් කිරීම

හොඳ ඇට රාත්තලක ඇට 20,000ක් පමණ තිබෙන නමුත් සාමාන්‍ය තත්වයන් යටතේ, සිටවීමට යෝග්‍ය පැළ 8,000-10,000කට වඩා බලාපොරොත්තු විය නොහැකිය. අඩි 25ක් 30ක් දිග හා 3ක් 4ක් පළල ඇතිව සකස් කරගත් පාත්තිවල ඉසිනු ලබන ඇට හැප්සීමට හෙවත් ගිරිය ඇද පැළවීමට සති 6ක් 7ක් ගත විය හැකිය. දළු ලා ප්‍රරෝහණය වීමට මාස 12 දක්වා කල් යා හැකිය. මෙම පැළ, සකස් කොට ගත් වෙනත් පාත්තිවල ඉඳුවා වර්ෂයකට නොඅඩු කාලයක් ඉක්ම ගිය පසු වළවල සිටුවීමට යෝග්‍යය. වළක පැළ 2 බැගින් සිට විය යුතුය.

පොටෑසියම් හා කටුපෝර මිශ්‍රණ, යූරියා, ගොම, කොම්පෝස්ට් පෝර හා කොළ රොඩු එන්සාල්වලට හිතකරය.

රෝග

එන්සාල්වලට හැදෙන ප්‍රධාන රෝග දෙකකි. තවානේ දී කොළ කුණුවීම හා විචිත්‍ර (මාබල්) රෝගය ද වේ. ප්‍රථම රෝගයට බෝඩෝ මිශ්‍රණය ප්‍රතිකාරයකි. ලප වැටීම, කොළ කොඩවීම, අලුත් දළු කරගැටිවීම ලක්ෂණ කොට ඇති දෙවැනි රෝගය වැලඳි කල පැළ ඉවත් කිරීම විනා එය මර්දනය කිරීමේ මඟක් තව ම සොයා ගෙන නොමැත.

ආයුර්වේද මතය

සකු බසින් ඒලා, උපකුංචිකා ආදි නම්වලින් හැඳින්වෙන එන්සාල් නමැති ඖෂධ විශේෂය සූක්ෂ්ම ඒලා (සිහින් එන්සාල්), ස්ථූල ඒලා (මහ එන්සාල්) වශයෙන් ප්‍රභේද දෙකකින් යුක්තය.

සිහින් එන්සාල් ශීත වීර්‍ය්‍ය ඇත්තේය; කුළු රසය; සැහැල්ලුය; රුචිකරය; හෘදයට හිතය; වාතය නසයි; අග්නි දීපනය කෙරෙයි; මූත්‍ර කෘච්ඡ, කාස, ශ්වාස, ක්ෂය, අර්ශස්, කඵ යන රෝග පහකරයි.

මහ එන්සාල් තික්තය, සැහැල්ලුය; රුචිකරය; තියුණුය; රළුය; උෂ්ණය; කුළුරසය; ගිනි වඩයි; සෙම් පිත් දිනයි; කඵ, වාත, විෂ ව්‍රණ, කණ්ඩු, වමන, පිපාස නසයි. මුඛ, ශීර්ෂ, වස්ති රෝග පහ කරයි.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එන්සාල්&oldid=11031" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි