"අඟුළුවා" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
 
(නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්)
1 පේළිය: 1 පේළිය:
ගංමුවදොරවල ද ඒවා අසබඩ වෙරළාසන්න මුහුදෙහි ද ග‍ඟෙහි වඩදිය ගලන කොටසෙහි ද වසන අංකුට මත්ස්‍ය විශේෂ කීපයක් ම මේ නමින් ගැනෙත්. අඟුළුවා (ටකිසුරුස් කේලාටුස්), ගල් අඟුළුවා (ටකිසුරුස් මකුලාටුස්), ඌරු අඟුළුවා (ටකිසුරුස් සුබ්රොස්ට්‍රාටුස්), තෝර අගුළුවා (නෙටුමා තලසිනුස්), ගොරක අඟුළුවා (ඔස්ටෙ යොගෙනෙයොසුස් මිලිටාරිස්) සහ වෙල් අඟුළුවා (මක්රොනේස් ගුලියො) අඟුළු විශේෂයන්ගෙන් සමහරකි. අඟුළුවා ටකිසුරිඩෙ කුලයට අයත්ය.
+
[[ගොනුව:d-4.jpg|400px|right]]ගංමුවදොරවල ද ඒවා අසබඩ වෙරළාසන්න මුහුදෙහි ද ග‍ඟෙහි වඩදිය ගලන කොටසෙහි ද වසන අංකුට මත්ස්‍ය විශේෂ කීපයක් ම මේ නමින් ගැනෙත්. අඟුළුවා (ටකිසුරුස් කේලාටුස්), ගල් අඟුළුවා (ටකිසුරුස් මකුලාටුස්), ඌරු අඟුළුවා (ටකිසුරුස් සුබ්රොස්ට්‍රාටුස්), තෝර අගුළුවා (නෙටුමා තලසිනුස්), ගොරක අඟුළුවා (ඔස්ටෙ යොගෙනෙයොසුස් මිලිටාරිස්) සහ වෙල් අඟුළුවා (මක්රොනේස් ගුලියො) අඟුළු විශේෂයන්ගෙන් සමහරකි. අඟුළුවා ටකිසුරිඩෙ කුලයට අයත්ය.
+
 
ඇතැම් අඟුළුවෝ අඩි 3 ක් පමණ වන තෙක් වැඩෙත්. අඟුළුවාගේ ශරීරය දිගය. කොරළ රහිතය. හිස පැතලිය. නැතහොත් කේතුකාකාරය. බොහෝ විට ඇටපතුරුවලින් හිස වැසී තිබේ. අගුළුවාට දෙකට බෙදුණු පෞච්ඡ වරලක්  (caudal fin) ද ගුදවරලට (anal fin) උඩින් පිහිටි මේද (adipose) වරලක් ද ඇත. උගේ පෘෂ්ඨ (dorsal) සහ ළය (pectoral) වරල්වල දැති සහිත උල් කටු තිබේ. මේවායේ උපකාරයෙන් දරුණු තුවාළ සිදු කිරීමට ඌට පිළිවන. බොහෝ විට උගේ හිසෙහි අංකුට රැවුල් කෙඳි (barbels) හයක් තිබේ. සමහර අඟුළු විශේෂයන්ගේ ගෑනු සතා ලන බිත්තර පිරිමි සතා කටේ තබාගෙන රකී.
 
13:19, 12 ජූලි 2023 වන විට නවතම සංශෝධනය

D-4.jpg
ගංමුවදොරවල ද ඒවා අසබඩ වෙරළාසන්න මුහුදෙහි ද ග‍ඟෙහි වඩදිය ගලන කොටසෙහි ද වසන අංකුට මත්ස්‍ය විශේෂ කීපයක් ම මේ නමින් ගැනෙත්. අඟුළුවා (ටකිසුරුස් කේලාටුස්), ගල් අඟුළුවා (ටකිසුරුස් මකුලාටුස්), ඌරු අඟුළුවා (ටකිසුරුස් සුබ්රොස්ට්‍රාටුස්), තෝර අගුළුවා (නෙටුමා තලසිනුස්), ගොරක අඟුළුවා (ඔස්ටෙ යොගෙනෙයොසුස් මිලිටාරිස්) සහ වෙල් අඟුළුවා (මක්රොනේස් ගුලියො) අඟුළු විශේෂයන්ගෙන් සමහරකි. අඟුළුවා ටකිසුරිඩෙ කුලයට අයත්ය.

ඇතැම් අඟුළුවෝ අඩි 3 ක් පමණ වන තෙක් වැඩෙත්. අඟුළුවාගේ ශරීරය දිගය. කොරළ රහිතය. හිස පැතලිය. නැතහොත් කේතුකාකාරය. බොහෝ විට ඇටපතුරුවලින් හිස වැසී තිබේ. අගුළුවාට දෙකට බෙදුණු පෞච්ඡ වරලක් (caudal fin) ද ගුදවරලට (anal fin) උඩින් පිහිටි මේද (adipose) වරලක් ද ඇත. උගේ පෘෂ්ඨ (dorsal) සහ ළය (pectoral) වරල්වල දැති සහිත උල් කටු තිබේ. මේවායේ උපකාරයෙන් දරුණු තුවාළ සිදු කිරීමට ඌට පිළිවන. බොහෝ විට උගේ හිසෙහි අංකුට රැවුල් කෙඳි (barbels) හයක් තිබේ. සමහර අඟුළු විශේෂයන්ගේ ගෑනු සතා ලන බිත්තර පිරිමි සතා කටේ තබාගෙන රකී.

ලංකාව අවට මුහුදේ බොහෝ අගුළුවන් අල්ලති. මසුන් ඇල්ලීමට යොදන රජයේ නැව්වලින් සමහර කාලවල දී අල්ලන මසුන්ගේ මුළු බරින් 8% පමණ අගුළුවෝ ය. අඟුළුවා රළු මාළුවෙකි. එබැවින් අලුත් අඟුළු මාළු කෑමට බොහෝ දෙනා නොකැමතිය. එහෙත් මෙරට බොහෝදෙනා අඟුළු කරවල කෑමට ප්‍රිය කරති. (අංකුටයෝ (Catfishes) බ.)

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අඟුළුවා&oldid=2644" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි