"අතුකැටිය (නැටවු)" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
1 පේළිය: | 1 පේළිය: | ||
− | [[ගොනුව:1-32.jpg| | + | [[ගොනුව:1-32.jpg|300px|left]][සිලෝපියා පාවිෆෝලියා-Xylopia parvifolia (Wight) Hook f. & Thoms]. මෙය අනෝනාසේ කුලයට අයත් ගසකි. එහි කඳ සෘජුව උස්ව වැඩෙයි. කඳෙහි පොත්ත තරමක් සිනිඳුය. පත්ර අණ්ඩාකාරය; සිනිඳුය; අඟල් 3 සිට 5 දක්වා දික්වේ. මල් තද කහ පාටය; කක්ෂීය (axillary) ය. වටකුරු අසමාවෘත (imbricate) නිපත්ර (bracts) කීපයක් තිබේ. දල බූ සහිතය. රේණු අග්රහීන (truncate) ය. ග්රාහයේ ගිලී තිබෙන අණ්ඩප පහකි. දික් වූ කීල (styles) තර්කුරූපී (fusiform) ය. ඵලය ඝන වූ කොනිවැරූ නටුවකින් යුක්ත ය; අඟල් 1 සිට 1½ දක්වා දිගය; සිනිඳුය. එහි දුඹුරු පැහැයෙන් යුත්, සිනිඳු වූ දිගටි ඇට කීපයක් තිබේ. |
මේ ශාකය ලංකාවෙහි පමණක් වැවෙන්නකි. ලංකාවෙහි ද මෙය බහුල ලෙස වැවෙන්නේ කළුතර හා මීගමුව වැනි පාතරට තෙත් ප්රදේශවලය. වැඩි වශයෙන් මල් හටගන්නේ සැප්තැම්බර් මාසයේ දීය. මුලේ පොත්ත, මල් සහ ගෙඩි සුවඳවත්ය. සමහරු මේවා බුලත් සමඟ කති. ලීය අළුපාටය; මෘදුය. දත්කැටිය (සී. චම්පියොනි) ද මේ ශාකයේ ම විශේෂයකි. එය කුරුවිට, රත්නපුරය සහ මොරවක වැනි මුහුදු මට්ටමෙන් අඩි 2,000ක් පමණ උස තෙත් ප්රදේශවල බහුලය. මල් ළා කහ පාටය; සුවඳවත්ය; මේ විශේෂය ද දක්නට ලැබෙන්නේ ලංකාවේ පමණකි. | මේ ශාකය ලංකාවෙහි පමණක් වැවෙන්නකි. ලංකාවෙහි ද මෙය බහුල ලෙස වැවෙන්නේ කළුතර හා මීගමුව වැනි පාතරට තෙත් ප්රදේශවලය. වැඩි වශයෙන් මල් හටගන්නේ සැප්තැම්බර් මාසයේ දීය. මුලේ පොත්ත, මල් සහ ගෙඩි සුවඳවත්ය. සමහරු මේවා බුලත් සමඟ කති. ලීය අළුපාටය; මෘදුය. දත්කැටිය (සී. චම්පියොනි) ද මේ ශාකයේ ම විශේෂයකි. එය කුරුවිට, රත්නපුරය සහ මොරවක වැනි මුහුදු මට්ටමෙන් අඩි 2,000ක් පමණ උස තෙත් ප්රදේශවල බහුලය. මල් ළා කහ පාටය; සුවඳවත්ය; මේ විශේෂය ද දක්නට ලැබෙන්නේ ලංකාවේ පමණකි. |
13:16, 20 සැප්තැම්බර් 2023 වන විට නවතම සංශෝධනය
[සිලෝපියා පාවිෆෝලියා-Xylopia parvifolia (Wight) Hook f. & Thoms]. මෙය අනෝනාසේ කුලයට අයත් ගසකි. එහි කඳ සෘජුව උස්ව වැඩෙයි. කඳෙහි පොත්ත තරමක් සිනිඳුය. පත්ර අණ්ඩාකාරය; සිනිඳුය; අඟල් 3 සිට 5 දක්වා දික්වේ. මල් තද කහ පාටය; කක්ෂීය (axillary) ය. වටකුරු අසමාවෘත (imbricate) නිපත්ර (bracts) කීපයක් තිබේ. දල බූ සහිතය. රේණු අග්රහීන (truncate) ය. ග්රාහයේ ගිලී තිබෙන අණ්ඩප පහකි. දික් වූ කීල (styles) තර්කුරූපී (fusiform) ය. ඵලය ඝන වූ කොනිවැරූ නටුවකින් යුක්ත ය; අඟල් 1 සිට 1½ දක්වා දිගය; සිනිඳුය. එහි දුඹුරු පැහැයෙන් යුත්, සිනිඳු වූ දිගටි ඇට කීපයක් තිබේ.මේ ශාකය ලංකාවෙහි පමණක් වැවෙන්නකි. ලංකාවෙහි ද මෙය බහුල ලෙස වැවෙන්නේ කළුතර හා මීගමුව වැනි පාතරට තෙත් ප්රදේශවලය. වැඩි වශයෙන් මල් හටගන්නේ සැප්තැම්බර් මාසයේ දීය. මුලේ පොත්ත, මල් සහ ගෙඩි සුවඳවත්ය. සමහරු මේවා බුලත් සමඟ කති. ලීය අළුපාටය; මෘදුය. දත්කැටිය (සී. චම්පියොනි) ද මේ ශාකයේ ම විශේෂයකි. එය කුරුවිට, රත්නපුරය සහ මොරවක වැනි මුහුදු මට්ටමෙන් අඩි 2,000ක් පමණ උස තෙත් ප්රදේශවල බහුලය. මල් ළා කහ පාටය; සුවඳවත්ය; මේ විශේෂය ද දක්නට ලැබෙන්නේ ලංකාවේ පමණකි.
ආයුර්වේද මතය: දත්කැටියාමුල් තික්තය; කටුකය; උෂ්ණගුණ ඇත්තේය; විෂනාශකය; උදරගත පණුවන් නසයි. සර්ප විෂ හා පිස්සුබලු විෂ පහකිරීම සඳහා යොදනු ලැබේ.
(සංස්කරණය:1963)