"අරුන්ධති-1" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
7 පේළිය: | 7 පේළිය: | ||
අරුන්ධතිය ධර්මගේ භාර්යාව යයි හරිවංශයෙහි සඳහන් වෙයි. පුරාණ ග්රන්ථයන්හි දැක්වෙන්නේ ඇය ඍෂීන් සත්දෙනාගේ ම භාර්යාව ලෙසිනි. අක්ෂමාලා යනු ද ඇයට නමකි. මනුස්මෘතියෙහි දක්නා පරිදි අක්ෂමාලා අධම කුලයෙක උපන්නීය. මනුස්මෘතියට ටීකා ලියූ ගෝවින්දරාජයෝත් රාඝ වානන්දයෝත් ඇය චාණ්ඩාලියකැයි සඳහන් කරති. වසිෂ්ඨ ඍෂිහුගේ පත්නිය වීමෙන් අක්ෂ මාලාව පූජාර්හ බවට පැමිණියා යයි මනුස්මෘතියෙහි දැක්වේ. | අරුන්ධතිය ධර්මගේ භාර්යාව යයි හරිවංශයෙහි සඳහන් වෙයි. පුරාණ ග්රන්ථයන්හි දැක්වෙන්නේ ඇය ඍෂීන් සත්දෙනාගේ ම භාර්යාව ලෙසිනි. අක්ෂමාලා යනු ද ඇයට නමකි. මනුස්මෘතියෙහි දක්නා පරිදි අක්ෂමාලා අධම කුලයෙක උපන්නීය. මනුස්මෘතියට ටීකා ලියූ ගෝවින්දරාජයෝත් රාඝ වානන්දයෝත් ඇය චාණ්ඩාලියකැයි සඳහන් කරති. වසිෂ්ඨ ඍෂිහුගේ පත්නිය වීමෙන් අක්ෂ මාලාව පූජාර්හ බවට පැමිණියා යයි මනුස්මෘතියෙහි දැක්වේ. | ||
− | සියලු පත්නි ගුණයන්ගෙන් අග්‍ර වූ ස්වාමිභක්තියෙන් ආදර්ශවත් වූ අරුන්ධතියගේ ගුණ ගායනා කොට ඇගේ ආශීර්වාදය ලබා ගැනීම හින්දු ලබ්ධික යුවතිපතීන් විසින් විවාමඟුලෙහි දී පවත්වනු ලබන චාරිත්රයකි. [[අරුන්ධතී-2]] ද බ. | + | සියලු පත්නි ගුණයන්ගෙන් අග්‍ර වූ ස්වාමිභක්තියෙන් ආදර්ශවත් වූ අරුන්ධතියගේ ගුණ ගායනා කොට ඇගේ ආශීර්වාදය ලබා ගැනීම හින්දු ලබ්ධික යුවතිපතීන් විසින් විවාමඟුලෙහි දී පවත්වනු ලබන චාරිත්රයකි. ([[අරුන්ධතී-2]] ද බ.) |
කර්තෘ: [[එස්.ඩබ්ලියු. ඈපා සෙනෙවිරත්න]] | කර්තෘ: [[එස්.ඩබ්ලියු. ඈපා සෙනෙවිරත්න]] |
15:13, 25 සැප්තැම්බර් 2023 වන විට නවතම සංශෝධනය
කර්දම පුජාපතිහුනිසා දේවහුතියගෙන් උපන් දූන්ගෙන් කෙනකුන් වන අරුන්ධතිය වසිෂ්ඨ (බ.) සෘෂිහුගේ පත්නියයි. ඇය සඳහන් වන නොයෙක් තන්හි ඒ සමඟම සප්තර්ෂිහු ද කියැවෙති. අරුන්ධතිය ලොවට වැඩ සාදන්නියකැයි ද ලෝවැස්සන් විසින් වඳිනු ලබන්නියකැයි ද උත්තර රාමචරිතයෙහි දැක්වෙයි. පති සමාගමයෙහි සිටි අරුන්ධතියගේ දර්ශනයෙන් භාර්යාවක ලබා ගැනීමෙහි ලා ශිවදෙවියා තුළ වූ අභිලාෂය දියුණු වී යයි කුමාර සම්භවයෙහි සඳහන් වෙයි.
අරුන්ධතියගේ පතිව්රත ගුණය ඉතා ප්රකටය. වරක් සප්තර්ෂි පත්තීන් කෙරෙහි අනුරාග දැන වූ අග්නි දෙවියා සැනැඟීමෙහි උපායක් වශයෙන් ඔහුගේ භාර්යාව වූ ස්වාහා තොමෝ ඍෂිපත්තීන් සදෙනෙකුගේ රූපයෙන් ඔහු රමණය කළාය. ඇය අරුන්ධතියගේ රූපය දැරීමෙහි මහත් ප්රයත්නයක් දැරූ නමුත් එය ව්‍යර්ථ වූයේය. අරුන්ධතිය මෙසේ ඉතා ප්රශස්ත භාර්යාවක වුව ද වරක් සිය සැමියා පිළිබඳ සැක ඉපැදෙව්වාය. මේ හේතු වෙන් ඇය පිඟුවන් වූ බව කියනු ලැබේ.
අරුන්ධතිය ලජ්ජාශීල කන්‍යාවන් වෙත දැක්වූයේ අපරිමිත දයාවකි. ඇය විසින් සීතාව දරු තන්හි හෝ ශිෂ්‍ය තන්හි හෝ තබා සලකන ලද බව උත්තර රාමචරිතයෙහි සඳහන් වෙයි. ශිව දෙවියාට මඟුල් අසා ගිය අරුන්ධතිය උමාව ඇකයෙහි තබා ගෙන, දරු සෙනෙහෙන් හඬන්නට වන් මේනාව අස්වැසූ බව කුමාර සම්භවයෙහි පැවසේ.
අරුන්ධතිය ධර්මගේ භාර්යාව යයි හරිවංශයෙහි සඳහන් වෙයි. පුරාණ ග්රන්ථයන්හි දැක්වෙන්නේ ඇය ඍෂීන් සත්දෙනාගේ ම භාර්යාව ලෙසිනි. අක්ෂමාලා යනු ද ඇයට නමකි. මනුස්මෘතියෙහි දක්නා පරිදි අක්ෂමාලා අධම කුලයෙක උපන්නීය. මනුස්මෘතියට ටීකා ලියූ ගෝවින්දරාජයෝත් රාඝ වානන්දයෝත් ඇය චාණ්ඩාලියකැයි සඳහන් කරති. වසිෂ්ඨ ඍෂිහුගේ පත්නිය වීමෙන් අක්ෂ මාලාව පූජාර්හ බවට පැමිණියා යයි මනුස්මෘතියෙහි දැක්වේ.
සියලු පත්නි ගුණයන්ගෙන් අග්‍ර වූ ස්වාමිභක්තියෙන් ආදර්ශවත් වූ අරුන්ධතියගේ ගුණ ගායනා කොට ඇගේ ආශීර්වාදය ලබා ගැනීම හින්දු ලබ්ධික යුවතිපතීන් විසින් විවාමඟුලෙහි දී පවත්වනු ලබන චාරිත්රයකි. (අරුන්ධතී-2 ද බ.)
කර්තෘ: එස්.ඩබ්ලියු. ඈපා සෙනෙවිරත්න
(සංස්කරණය: 1965)