"අරෞකාරියා" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(Arauoaria Juss.). විවෘත බීජක ශාකයක් (Gymnosperm) (බ.) වන මෙය කෝනි...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
(නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්) | |||
1 පේළිය: | 1 පේළිය: | ||
− | (Arauoaria Juss.). | + | [[ගොනුව:2-80-1.jpg|400px|left]](Arauoaria Juss.). |
[[විවෘත බීජක ශාක]]යක් (Gymnosperm) (බ.) වන මෙය කෝනිෆරේ ගෝත්‍රයෙහි අරෞකාරියාසේ කුලයට අයත් වේ. අලංකාර පෙනීමකින් යුත් මේ ගස් උසය; සදාහරිතය. දකුණු ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව සහ ශාන්තිකර දූපත් යනාදි ප්‍රදේශවල වැවෙන අරෞකාරියා විශේෂ 12ක් පමණ තිබේ. ළපටි අරෞකාරියා පැළ මල් පෝච්චිවලද වවනු ලැබේ. | [[විවෘත බීජක ශාක]]යක් (Gymnosperm) (බ.) වන මෙය කෝනිෆරේ ගෝත්‍රයෙහි අරෞකාරියාසේ කුලයට අයත් වේ. අලංකාර පෙනීමකින් යුත් මේ ගස් උසය; සදාහරිතය. දකුණු ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව සහ ශාන්තිකර දූපත් යනාදි ප්‍රදේශවල වැවෙන අරෞකාරියා විශේෂ 12ක් පමණ තිබේ. ළපටි අරෞකාරියා පැළ මල් පෝච්චිවලද වවනු ලැබේ. | ||
10:36, 16 ඔක්තෝබර් 2023 වන විට නවතම සංශෝධනය
(Arauoaria Juss.).විවෘත බීජක ශාකයක් (Gymnosperm) (බ.) වන මෙය කෝනිෆරේ ගෝත්‍රයෙහි අරෞකාරියාසේ කුලයට අයත් වේ. අලංකාර පෙනීමකින් යුත් මේ ගස් උසය; සදාහරිතය. දකුණු ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව සහ ශාන්තිකර දූපත් යනාදි ප්‍රදේශවල වැවෙන අරෞකාරියා විශේෂ 12ක් පමණ තිබේ. ළපටි අරෞකාරියා පැළ මල් පෝච්චිවලද වවනු ලැබේ.
අරෞකාරියාවල අතු පිහිටා ඇත්තේ වලයාකාරයෙනි. උල් වූ ශල්ක වැනි කොළවල වින්‍යාසය සර්පිලාකාරය. සිලින්ඩරාකාර පුච්ඡවල (catkins) පුමංගී මල් ගහනව පිහිටා තිබේ. මේ මල් හුදු පරාගධානි පමණකි. එක එකේ තනි ඩිම්බයක් බැගින් ඇත්තාවූත් සර්පිලාකාර ලෙස පිළියෙල වූත් ශල්ක රැසක් වැනි ඡායාංගී (pistillate) මල් ගෝලාකාර ශීර්ෂකවල ඇත. ඇට සෑදෙන කේතු (cones) විශාලය, කාෂ්ඨීයය. මේවා දාර දෙකකින් හෝ පියාපත් දෙකකින් හෝ යුක්ත වූද පැසුණු කල විසිරි යන්නා වූ ද බොහෝ ශල්ක වලින් සෑදී තිබේ. ඇට ශල්කවලට ඇලී පවතී හෙවත් අභිලග්න (adnate) ය; පියාපත් රහිතය.
අරෞකාරියා විශේෂ තුනක් ලංකාවෙහි බෝකර තිබේ. එනම් අ. බිඩ්විලී, අ. කොලුම්නාරිස් (කුකී) හා අ. කුනිංහමී යන මේවායි. මේවා වැවෙන්නේ ලංකාවේ කඳුකර පළාත්වලය. ගසක් අඩි 150ක් පමණ උසට වැඩේ. (අලංකාරශාක බ.)
(සංස්කරණය: 1965)