"ජිනචරිත" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ජිනචරිත. මොග්ගල්ලාන ව්‍යාකරණය අනුව යමින් පයෝ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්)
8 පේළිය: 8 පේළිය:
  
කාව්‍ය ඇසුරෙන් සකසා ගත් කෘති‍්‍රම ස්වරූපී භාෂාවක් කවියා භාවිත කොට ඇත. එහෙත් සරල උපමා හා රූපක පද භාවිතය කෙරෙහි ද මහත් අභිරුචියක් දැක් වූ බව පෙනේ. ශබ්ද මාධූර්යය ඇති කිරීමේ රිසියෙන් අනුප‍්‍රාසාත්මක වචන තෝරාගැනීම කෙරෙහි ද එතුමා සැලකිලිමත් ව ඇත. ජිනාලංකාර වර්ණනාවෙහි මෙන් ගාථා බන්ධන විශේෂ මෙහි නැතත් එය අනුව යෑමෙන් මේ පොත ලියා ඇති බව සැලකිය හැකි ය. පුරාණ සිංහල සන්නය ද කතුවරයාගේ ම කෘතියක් ලෙස සලකනු ලැබේ.
 
 +
  
හර්බට් පතිරණ
 
හර්බට් පතිරණ
 +
 +
 +
<!--Categories-->
 +
<!--Interwiki-->
 +
[[ප්‍රවර්ගය: ජ-ජෞ]]

00:28, 1 සැප්තැම්බර් 2017 වන විට නවතම සංශෝධනය

ජිනචරිත. මොග්ගල්ලාන ව්‍යාකරණය අනුව යමින් පයෝගසිද්ධි නම් පාලි ව්‍යාකරණ ග‍්‍රන්ථය ලියූ, ජිනචරිතයෙහි සඳහන් පරිදි දඹදෙණි යුගයෙහි (කි‍්‍ර.ව. 1220-1293) විජයබාහු නම් රජකු විසින් කරවනු ලැබූ විජයබාහු නම් පිරුවන්හි වැඩවිසූ මේධංකර වනරතන නම් යතිවරයකු විසින් බුදුරදුන්ගේ චරිතය අළලා ලියන ලද පාලි පද්‍ය ග‍්‍රන්ථයකි. යට කී විජයබාහු තුන් වන විජයබාහු (1220-1224) රජු ලෙසත් මේ හිමියන් දඹදෙණියේ පළමුවන බුවනෙකබාහු (1271-1283) රජුගේ සමකාලීනයකු ලෙසත් සලකනු ලැබේ.

සුමේධ බෝසත් කතා පුවතේ පටන් බුදුන් වහන්සේගේ චරිත කථාව හෙළි කිරීම පිණිස මේ පොත ලියා ඇත. ත‍්‍රිපිටක අටුවාවන්හි ඒ ඒ තැන දක්නට ලැබෙන බුදුරදුන් පිළිබඳ තොරතුරු ඇසුරු කොට මෙය ලියන බව කතුවරයා ආරම්භයේ දී ම සඳහන් කරයි. විශේෂයෙන් ම ජාතක නිදාන කථාවෙහි පෙළ ම ගාථාවට නැගූ තැන් ද දක්නට ලැබේ.

මුල් ගාථා සයෙන් නමස්කාරය හා කෘතිය පිළිබඳ තොරතුරු ද එයට අනතුරුව පනස්නව වන ගාථාව දක්වා ගාථාවලින් සුමේධ කථාව ද විස්තර වේ. දාන පාරමිතාවට වැඩි තැනක් දෙමින් කෙටියෙන් කරන පාරමිතා විමසීමකින් පරව දෙවියන්ගේ ආරාධනය අනුව අවසන් උපත ලැබීම තෙක් තොරතුරු ගාථා දෙළොසකින් ඉදිරිපත් කොට ඇත. එතැන් සිට කියනු ලබන්නේ බුදුන් වහන්සේගේ අවසන් ආත්ම භාවයේ පුවතයි. ගාථා 427කින් යුතු ජිනචරිතයෙහි අවසන් ගාථා කීපයෙහි බෝධිසත්ව ප‍්‍රාර්ථනාව දැක්වීමෙන් අනතුරුව කතුවරයා පිළිබඳ හැඳින්වීමක් ඉදිරිපත් කොට ඇත.

දඹදෙණි අවධියේ තදින් පැතිර ගිය බෝධිසත්ත්ව සංකල්පයෙහි වැදගත්කම හෙළිදරව් කිරීම මේ කෘතිය ලිවීමේ අදහස වූ බව සැලකිය හැකි ය. අශ්වඝෝෂගේ බුද්ධචරිතය මේ කෘතිය සකස් කිරීමේ දී බලපෑ බවට සාධක නැතත් කාලිදාසගේ රඝුවංශය, කුමාර සම්භවය වැනි කෘතීන්ගෙන් ආභාසය ලද බවක් පෙනී යයි. සුමේධ කථාවත් බුදු සිරිතත් ඇතැම් වර්ණනා හා ඈඳමින් වෘත්තාන්ත කථනයක් ලෙස ඉදිරිපත් කිරීම කවියාගේ බලාපොරොත්තුව විය. කිඹුල්වත්පුරය, ලූම්බිනී වනය, සිදුහත් උපත, මාර සංග‍්‍රාමය, වේළුවන වාසය, කාලූදායි ආරාධනය, ජේතවන පූජාව හා වස් විසීම කතුවරයාගේ වර්ණනයට විෂය වූ තැන් ය. එබඳු තන්හි දී විශේෂ වෘත්ත භාවිතයටත්, අලංකාරෝක්ති ඉදිරිපත් කිරීමටත් කතුවරයා සැලකිලිමත් විය.

කාව්‍ය ඇසුරෙන් සකසා ගත් කෘති‍්‍රම ස්වරූපී භාෂාවක් කවියා භාවිත කොට ඇත. එහෙත් සරල උපමා හා රූපක පද භාවිතය කෙරෙහි ද මහත් අභිරුචියක් දැක් වූ බව පෙනේ. ශබ්ද මාධූර්යය ඇති කිරීමේ රිසියෙන් අනුප‍්‍රාසාත්මක වචන තෝරාගැනීම කෙරෙහි ද එතුමා සැලකිලිමත් ව ඇත. ජිනාලංකාර වර්ණනාවෙහි මෙන් ගාථා බන්ධන විශේෂ මෙහි නැතත් එය අනුව යෑමෙන් මේ පොත ලියා ඇති බව සැලකිය හැකි ය. පුරාණ සිංහල සන්නය ද කතුවරයාගේ ම කෘතියක් ලෙස සලකනු ලැබේ.

හර්බට් පතිරණ

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ජිනචරිත&oldid=893" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි