"අලගොඩුවා" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('අලගොඩුවා (බලයා) (කට්සුවොනුස් පෙලාමිස් - Katsuwonus pelamis L...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(නොපෙන්වන එම පරිශීලකයා මගින් අතරමැදි සංස්කරණ 2ක්)
1 පේළිය: 1 පේළිය:
අලගොඩුවා (බලයා) (කට්සුවොනුස් පෙලාමිස් - Katsuwonus pelamis L.). ලංකාවේ වෙරළ අසල මුහුදේ රංචු වශයෙන් සංචාරය කරන මත්ස්‍ය විශේෂයකි.
+
[[ගොනුව:2-120.jpg|400px|right]]අලගොඩුවා (බලයා) (කට්සුවොනුස් පෙලාමිස් - Katsuwonus pelamis L.). ලංකාවේ වෙරළ අසල මුහුදේ රංචු වශයෙන් සංචාරය කරන මත්ස්‍ය විශේෂයකි.
  
ශක්තිමත් සිරුරක් ඇති අලගොඩුවා අඩි 1,1/2 සිට 3 දක්වා දිගය. උගේ සිරුරෙහි ළමැද හැර වෙනත් පෙදෙස්වල කොරපොතු නැති සේ පෙනේ. ළය පෙදෙසෙහි කොරපොතු ඇති තැන විශේෂ පටියක් සේ සෑදී ඇත. මේ පටියේ පිටිපස කොටසෙහි තිබෙන කොරපොතු ලොකුය. අළුවා හැඩය ඇත්තේය. උගේ එක එක හක්කේ කේතුකාකාර කුඩා දත් 50ක් පමණ ඇත. තල්ලෙහි හා හලාස්ථියෙහි (vomer) දත් නැත.
 
අලගොඩුවාගේ පිට තද නිල් පැහැයෙන් යුක්තය. උගේ උදරය හා පැති රිදී පාටය. මේ ප්‍රදේශවල කළු සිරස් පටි 4ක්, 5ක් හෝ 6ක් තිබේ. කුඩා වූ ගුද වරල් සුදුය. අනික් වරල් කළුපාටය.
 
අලගොඩුවා [[අක්ටිනොප්ටෙරිගී]] (බ.) වර්ගයෙහි තුනිඩෙ (Thunnidae) කුලයට අයත්ය. [[ඇටවල්ලා]] (බ.) ද මේ කුලයට අයත් මාළුවෙකි. සුහුඹුල් අලගොඩුවාට බලයා යයි කියනු ලැබේ.
 
(සංස්කරණය: 1965)
 +
 +
[[ප්‍රවර්ගය: සත්ත්ව විද්‍යාව]]
 +
 +
[[ප්‍රවර්ගය: අ]]

15:55, 21 ජනවාරි 2025 වන විට නවතම සංශෝධනය

2-120.jpg
අලගොඩුවා (බලයා) (කට්සුවොනුස් පෙලාමිස් - Katsuwonus pelamis L.). ලංකාවේ වෙරළ අසල මුහුදේ රංචු වශයෙන් සංචාරය කරන මත්ස්‍ය විශේෂයකි.

ශක්තිමත් සිරුරක් ඇති අලගොඩුවා අඩි 1,1/2 සිට 3 දක්වා දිගය. උගේ සිරුරෙහි ළමැද හැර වෙනත් පෙදෙස්වල කොරපොතු නැති සේ පෙනේ. ළය පෙදෙසෙහි කොරපොතු ඇති තැන විශේෂ පටියක් සේ සෑදී ඇත. මේ පටියේ පිටිපස කොටසෙහි තිබෙන කොරපොතු ලොකුය. අළුවා හැඩය ඇත්තේය. උගේ එක එක හක්කේ කේතුකාකාර කුඩා දත් 50ක් පමණ ඇත. තල්ලෙහි හා හලාස්ථියෙහි (vomer) දත් නැත.

අලගොඩුවාගේ පිට තද නිල් පැහැයෙන් යුක්තය. උගේ උදරය හා පැති රිදී පාටය. මේ ප්‍රදේශවල කළු සිරස් පටි 4ක්, 5ක් හෝ 6ක් තිබේ. කුඩා වූ ගුද වරල් සුදුය. අනික් වරල් කළුපාටය.

අලගොඩුවා අක්ටිනොප්ටෙරිගී (බ.) වර්ගයෙහි තුනිඩෙ (Thunnidae) කුලයට අයත්ය. ඇටවල්ලා (බ.) ද මේ කුලයට අයත් මාළුවෙකි. සුහුඹුල් අලගොඩුවාට බලයා යයි කියනු ලැබේ.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අලගොඩුවා&oldid=7067" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි