"සර්කැසියන්වරු" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
(නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්) | |||
11 පේළිය: | 11 පේළිය: | ||
1864 දී රුසියානුවන් විසින් යටත් කරගනු ලැබීමෙන් පසු සර්කැසියන්වරුන් සතු ව තිබූ ප්‍රදේශ කිහිපයක් ම අහිමි වී ගිය අතර ජන සංඛ්‍යාව ද අඩු වී ඇත. වර්තමානයේ ඔවුන් බහුල වශයෙන් ජීවත් වන්නේ කරචායි චෙර්කේස් (Karachai-Cherkess) ස්වතන්ත්‍ර ඕබ්ලස්ථයේ හා කාබාර්ඩීන-බෝල්කාර් ස්වතන්ත්‍ර සෝවියට් සමුහාණ්ඩුවේ ය. | 1864 දී රුසියානුවන් විසින් යටත් කරගනු ලැබීමෙන් පසු සර්කැසියන්වරුන් සතු ව තිබූ ප්‍රදේශ කිහිපයක් ම අහිමි වී ගිය අතර ජන සංඛ්‍යාව ද අඩු වී ඇත. වර්තමානයේ ඔවුන් බහුල වශයෙන් ජීවත් වන්නේ කරචායි චෙර්කේස් (Karachai-Cherkess) ස්වතන්ත්‍ර ඕබ්ලස්ථයේ හා කාබාර්ඩීන-බෝල්කාර් ස්වතන්ත්‍ර සෝවියට් සමුහාණ්ඩුවේ ය. | ||
− | (කර්තෘ: [[දේවිකා ප්‍රියදර්ශනී එදිරිවීර; පණ්ඩුල | + | (කර්තෘ: [[දේවිකා ප්‍රියදර්ශනී එදිරිවීර]]; [[පණ්ඩුල ඇඳගම]]: 1977) |
(සංස්කරණය නොකළ) | (සංස්කරණය නොකළ) | ||
[[ප්‍රවර්ගය: ස]] | [[ප්‍රවර්ගය: ස]] |
11:08, 5 ජනවාරි 2024 වන විට නවතම සංශෝධනය
(Circassians). කොකේසියානු භාෂා කොටසට අයත් වයඹ දිග කොකේසියානු කඳු ප්‍රදේශවල වෙසෙන 'චෙර්කේස්' (Cherkess) හෙවත් 'අඩිගේ' (Adyghe) මනුෂ්‍ය වර්ගයායි. කෝකේසස් කඳුකරයේ වයඹදිග ප්‍රදේශයේ කළු මුහුද අවට පෙදෙසෙහි ද කුබාන් (Kuban) ගං නිම්නයේ හා ඇනටෝලියාවේ ද ඔවුහු වැඩි වශයෙන් ජීවත් වෙති. 1959 සෝවියට් ජන සංගණනයට අනුව 284,000 වූ සර්කැසියන්වරුන් ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. එනම් කබාඩියන්වරුන් (Kabardian) හා අඩිගේවරුන් වශයෙනි. කබාඩියන්වරු ඉහළ චෙර්කේස් යන නමින් ද අඩිගේවරුන් පහළ චෙර්කේස් යන නමින් ද ඇතැම් විට හඳුන්වනු ලැබේ.
මුල දී ශාරීරික ලක‍්ෂණ හා භාෂාව අතින් අසල්වාසීන්ගෙන් කැපී පෙනුණ නමුදු පසුව තුර්කිවරුන් සමඟ දැඩි ලෙස මිශ්‍ර වී ඇත. අඩිගේ (Adige) නමින් තමන් හඳුන්වා ගන්නා මොවුහු රුසියානුවන් විසින් කොකේසියාව අල්ලා ගන්නා ලද අවස්ථාවේ සිට විශාල ලෙස තුර්කියට සංක්‍රමණය වූහ. ට්‍රාන්ස්ජෝර්දානයෙහි මොවුන්ගේ ම ජනපදයක් වූ අතර චෙර්කේස් ස්වාධීන ප්‍රදේශයේ මොවුන් 125,000ක් පමණ ද එම පළාතෙහි හා කබාඩිනෝ බෝල්කන් ස්වාධීන සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවේ කබාඩින් චෙර්කේස්වරුන් 172,000ක් පමණ ද ඇතැයි ගණන් බලා ඇත. සතුන් ඇති කිරීමෙහි නියැලුණ මොවුහු අශ්වයන් ගැන ප්‍රසිද්ධියක් ඉසිලූහ. දැන් දැන් කෘෂිකර්මාන්තයේ නියැලෙති. දැනට මුස්ලිම් ආගමිකයන් බහුල වුව ද පරම්පරාගත පුරාතන සමයවාද අදහන්නන් හා ක්‍රිස්තියානිවරුන් ද ඔවුන් අතර දක්නට ලැබෙන අතර පුරාණයේ දී නම් ඔවුන්ගේ පුද පූජා පැවැත්වීම සඳහා දේවස්ථාන නොතිබිණ. ඒ සඳහා ශුද්ධ යැයි සැළකූ වන ළැහැබ් තෝරා ගන්නා ලදි. රජ, රදළ, ගොවි හා වහල් යන සිව් විධ පන්ති ක්‍රමයක් දැඩි සේ දක්නට ලැබෙන ඔවුන්ගේ සමාජයේ පාලනය ප්‍රජාතන්ත්‍රවාදී වේ. රජු හා රදළ පිරිස් ඔවුන්ට පවරන ලද බලතල සීමා නොඉක්මවා පාලනය කළ හෙයිනි. කබාඩින් රජ පවුල් ගණනාවක් ම ජෝර්ජියානු, ආමේනියානු හා මෝන්ගෝලියානු සංක්‍රමණිකයන්ගෙන් පැවත එති. සර්කැසියන් වනිතාවන් ඉතා සුරූපී වූ බැවින් ධනවත් මුස්ලිම්වරුන්ගේ අන්තඃපුර සඳහා එකල වැඩි වශයෙන් සොයා ගනු ලැබුවේ ඔවුන් ය.
මොවුන්ගේ ආර්ථිකය කෘෂිකර්මය හා සත්ව පාලනය මත රඳා පවතී. ඔවුන්ට ම විශේෂ වූ නඟුලක් අතීතයේ සිට ම සර්කැසියන්වරු භාවිත කළහ. ලොම් රෙදි නිපදවීම සම්බන්ධයෙන් අතීතයේ දී ඔවුන්ට මහත් ප්‍රසිද්ධියක් හිමි ව තිබුණි. අශ්වයන් හා පේල්ට් රෙදි සඳහා වර්තමානයේ මොවුහු ලෝක ප්‍රසිද්ධියක් උසුලති.
සර්කැසියන්වරුන්ගේ සාම්ප්‍රදායික සමාජයේ කුමාරවරුන්ගෙන් සමන්විත පිෂී (Pishin) නම් සමූහයක් විය. ඔවුහු වලී (Vali) නම් ප්‍රධානියෙකු තෝරා ගත්හ. සමාජ තත්වය අනුව කුමාරවරුන්ට පහළින් රදළවරු වූහ. කුමාරවරු හා රදළවරු රටේ භූමිය හා සතුන් භාර ව සිටියහ. පන්ති වශයෙන් බෙදී සිටි සෙසු ජනයා විතත පවුල් හා ගෝත්‍ර ලෙසට ද බෙදී ජීවත් වූහ. පීතෘමූලික පවුල් මෙම සමාජයේ දක්නට ලැබුණු අතර බහුභාර්යත්වය පැවතුණි. මෑතක් වනතුරු වහල් මෙහෙය ද මෙහි දක්නට ලැබුණි.
නිල වශයෙන් චෙර්කේස්වරු සුන්නි මුස්ලිම් භක්තිකයෝ ය. එය 16 හා 18 වන ශත වර්ෂවල දී ක්‍රිමියාවෙන් හා තුර්කියෙන් මේ ප්‍රදේශයට හඳුන්වා දෙනු ලැබූවකි. 6 වෙනි ශත වර්ෂයේ දී ක්‍රිස්තියානි ආගම හඳුන්වා දෙනු ලැබ ඇතත් වර්තමානයේ එය දක්නට නොලැබේ. අකුණු ගැසීම, භාණ්ඩ පූජා ආදීය සම්බන්ධ ප්‍රාග්ක්‍රිස්තියානි ඇදහිලි නූතන යුගයේ දීත් දක්නට ලැබේ. භාෂාව අනුව මොවුහු අබ්කාස් අඩිගේ (Abkhaz Adyghe) සමූහයට අයත් වෙති.
1864 දී රුසියානුවන් විසින් යටත් කරගනු ලැබීමෙන් පසු සර්කැසියන්වරුන් සතු ව තිබූ ප්‍රදේශ කිහිපයක් ම අහිමි වී ගිය අතර ජන සංඛ්‍යාව ද අඩු වී ඇත. වර්තමානයේ ඔවුන් බහුල වශයෙන් ජීවත් වන්නේ කරචායි චෙර්කේස් (Karachai-Cherkess) ස්වතන්ත්‍ර ඕබ්ලස්ථයේ හා කාබාර්ඩීන-බෝල්කාර් ස්වතන්ත්‍ර සෝවියට් සමුහාණ්ඩුවේ ය.
(කර්තෘ: දේවිකා ප්‍රියදර්ශනී එදිරිවීර; පණ්ඩුල ඇඳගම: 1977)
(සංස්කරණය නොකළ)