"ධර්ම ප්‍රදීපිකාව" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
87 පේළිය: | 87 පේළිය: | ||
අභි සම්බොධි කථා, ආනන්ද බොධි කථා, දසබල පරිනිබ්බාන කථා, පඨම සංගීති කථා, දුතිය සංගීති කථා, තතිය සංගීති කථා, ලංකාවතරණ කථා, නගරප්ප නගරප්පවෙසන කථා, මහා විහාර පටිග්ගහණ කථා, චෙතියගිරි විහාර පටිග්හණ කථා, ධාත්වාගමන කථා, දුමින්දාගමන කථා යි පරිචේඡද දොළොසකට බෙදා තිබෙන ධර්මප්රදීපිකාවට පරිකථා කීම පිණිස ගෙන ඇති පද ගණන 205 කි. අභිසංබොධි කථා නම් වූ ප්‍රථම පරිචෙඡදයෙහි ඉන් 71 ක් ද, ආනන්දබෝධි කථා නම් වූ ද්විතීය පරිචෙඡදයෙහි 81ක් ද, අවශේෂ පරිචෙඡදයන්හි පිළිවෙළින් 9, 8, 6, 8, 3, 4, 4, 1, 2, 7 බැගින් ද ග්රන්ථ සමාප්තිය කීමෙහි ලා 1 ක් ද වෙයි. විද්‍යාලංකාර පිරිවෙණාධිපති ශ්‍රී ධර්මරාම නායක හිමියන්ගේ සංස්කරණයෙන් යුතුව ප්‍රථම වරට ධර්මප්රදීපිකාව 1886 දී මුද්‍රණයෙන් ප්‍රකාශයට පැමිණියේ ය. 1915 දී ප්‍රකාශයට පැමිණ ඇති එහි තෙවන මුද්‍රණයෙහි පිටු 323කි. හෙළ බසෙහි ප්‍රයෝග, ව්‍යාකරණ රීති, පද සාධන ක්‍රම, අර්ථකථන, බුදුගුණ, ඇතැම් දහම් කොටස්, ධර්මානිසංස සහ ලංකාවේ ඉපැරණි ඉතිහාස කරුණු, ජය ශ්‍රී මහා බෝධිය, මහාවිහාරය ඇතුළු අනුරාධපුර පැරණි සිද්ධස්ථාන පිළිබඳ තොරතුරු පිරික්සන්නන් හට මේ ග්‍රන්ථයෙන් ලැබිය හැකි වන ප්‍රයෝජන අනල්ප ය. | අභි සම්බොධි කථා, ආනන්ද බොධි කථා, දසබල පරිනිබ්බාන කථා, පඨම සංගීති කථා, දුතිය සංගීති කථා, තතිය සංගීති කථා, ලංකාවතරණ කථා, නගරප්ප නගරප්පවෙසන කථා, මහා විහාර පටිග්ගහණ කථා, චෙතියගිරි විහාර පටිග්හණ කථා, ධාත්වාගමන කථා, දුමින්දාගමන කථා යි පරිචේඡද දොළොසකට බෙදා තිබෙන ධර්මප්රදීපිකාවට පරිකථා කීම පිණිස ගෙන ඇති පද ගණන 205 කි. අභිසංබොධි කථා නම් වූ ප්‍රථම පරිචෙඡදයෙහි ඉන් 71 ක් ද, ආනන්දබෝධි කථා නම් වූ ද්විතීය පරිචෙඡදයෙහි 81ක් ද, අවශේෂ පරිචෙඡදයන්හි පිළිවෙළින් 9, 8, 6, 8, 3, 4, 4, 1, 2, 7 බැගින් ද ග්රන්ථ සමාප්තිය කීමෙහි ලා 1 ක් ද වෙයි. විද්‍යාලංකාර පිරිවෙණාධිපති ශ්‍රී ධර්මරාම නායක හිමියන්ගේ සංස්කරණයෙන් යුතුව ප්‍රථම වරට ධර්මප්රදීපිකාව 1886 දී මුද්‍රණයෙන් ප්‍රකාශයට පැමිණියේ ය. 1915 දී ප්‍රකාශයට පැමිණ ඇති එහි තෙවන මුද්‍රණයෙහි පිටු 323කි. හෙළ බසෙහි ප්‍රයෝග, ව්‍යාකරණ රීති, පද සාධන ක්‍රම, අර්ථකථන, බුදුගුණ, ඇතැම් දහම් කොටස්, ධර්මානිසංස සහ ලංකාවේ ඉපැරණි ඉතිහාස කරුණු, ජය ශ්‍රී මහා බෝධිය, මහාවිහාරය ඇතුළු අනුරාධපුර පැරණි සිද්ධස්ථාන පිළිබඳ තොරතුරු පිරික්සන්නන් හට මේ ග්‍රන්ථයෙන් ලැබිය හැකි වන ප්‍රයෝජන අනල්ප ය. | ||
− | (කර්තෘ: [[ඩී.සී. දිසානායක]]: | + | (කර්තෘ: [[ඩී.සී. දිසානායක]]: 1967) |
(සංස්කරණය නොකළ) | (සංස්කරණය නොකළ) |
09:34, 6 මැයි 2024 වන විට නවතම සංශෝධනය
1. ධර්මය පිළිබඳ කරුණු ප්‍රකාශ කරන ග්රන්ථයක් හෙයින් මේ පොතට ධර්ම ප්‍රදීපිකා යන නම ඉතා සුදුසු ය. කතුවරයා මේ පොත හැඳින් වූයේ 'ධර්ම ප්‍රදීපිකා නම් මහා බෝධි වංශ පරිකථා' (අමාවතුර 125 පි.) යනුවෙනි. පාලි මහා බෝධිවංශයෙහි පරිකථා හෙවත් විස්තර වර්ණනා ලිය යුතු පද වැනූ හෙයින් මහා බෝධිවංශ පරිකථා යන සාමාන්‍ය නම් ද පොතට ගැලපේ. එහෙත් බහුලව ප්‍රකට වන්නේ ධර්ම ප්‍රදීපිකා යන විශේෂ නාමයෙනි.
2. පාලි මහා බෝධිවංශය ඉගෙන ගන්නා සිංහල විද්‍යාර්ථීන් කෙරෙහි ග්රන්ථ කර්තෘවරයා තුළ පැවැති දයාවත් බුද්ධ ධර්මය වටහා ගැනීමේ උත්සාහයත් මේ පොත තැනීමට හේතුයි.
3. මේ පොත ලීවේ ගුරුළුගෝමී පඬිතුමායි. එතුමා පොළොන්නරු යුගයෙහි අවසාන භාගයෙහි සිටි කීර්තිධර බහුශ්‍රැත ගෘහස්ථ පඬිවරයෙකි.
4. මෙහි ප්‍රමාණය ඩිමයි පිටු 355කි. මෙහි පරිච්ඡේද යොදා ඇත්තේ පාලි බෝධිවංසයෙහි පරිච්ඡේද අනුව ය. මෙහි ඇත්තේ පාලි බෝධිවංස පාඨ 205කි. පරිකථා ලියන ලද්දේ ඒ පාඨවලට ය.
5. බුද්ධ ධර්මයෙහිත් සිංහල භාෂාවෙහිත් උසස් දැනීමක් ලද හැකි පරිදි මේ පොත ලියා ඇත.
6. ගුරුළුගෝමී පඬිතුමා සිටි කාලය ඉඳුරා කීමට නුපුළුවන. එහෙත් පොළොන්නරු අවධියෙහි එතුමා සිටියේ යයි ද මේ පොත එකල රචිත යයි ද සලකනු ලැබේ.
7. මේ ග්‍රන්ථය ව්‍යාඛ්‍යානයකි. එහෙත් මෞලික රචනාවක ස්වයං ප්‍රතිභානයෙන් රචනා කරන ලද පොතක මෙන් විෂය විලාසය වර්ණනා විචාර අතින් නව රස, නව හැඟීම් පහළ වන්නේ ය. ඊට හේතුව ගුරුළුගෝමී පඬිතුමාගේ පෘථුල පාණ්ඩිත්‍යය ද සහජ කවිත්වය ද කලා ප්‍රවීණත්වය ද ප්‍රතිභා ශක්තිය ද ධර්ම ඥානය ද විචාර බුද්ධිය ද වේ.
පාලි බෝධිවංශයෙහි හැම පදයකට ම පරිකථා ලිවීම ගුරුළු පඬිතුමාගේ පිළිවෙළ නොවේ. එතුමා එයින් පාඨ 205ක් තෝරා ගෙන ඒවා අනුව ත්‍රිපිටක ධර්මයෙන් ද ග්රන්ථාන්තරයෙන් ද දර්ශනාදියෙන් ද ප්‍රමාණ පාඨ සාධක වශයෙන් හේ උදාහරණ වශයෙන් හෝ උපුටා දක්වමින් උපමා අලංකාර පද ගෙන හැර පාමින් බණ පොතක ද කාව්‍ය කෘතියක ද විස්තර ව්‍යාඛ්‍යානයක ද ධර්ම කෝෂයක ද ස්වරූපය ගන්වමින් රචනා කරන ලද මහඟු ග්රන්ථයකි.
පාලි බෝධිවංශය ඉගෙන ගන්නන්ට එහි ඇතුළත් යම් යම් කරුණු ගැන බැහැර පොත්පත් ගණනාවකින් සොයා ගත යුතු විස්තර මෙහි නිරායාසයෙන් දැන ගන්නට සලස්වා තිබේ. ධර්ම ප්‍රදීපිකාව සිංහල පොතක් වුව ද එහි සඳහන් වන ඇතැම් විස්තර හොඳින් අවබෝධ කර ගත හැක්කේ පාලි සංස්කෘත භාෂා ද දන්නා අයට ය. ථෙරවාද මතය ගරු කළ සිංහලාචාර්යවරයකු වශයෙන් ගුරුළු පඬිතුමා හැඳින්විය හැකි වුව ද මෙහි ලා කරුණු තහවුරු කරනු පිණිස සෙසු බෞද්ධ නිකායිකයන්ගේ පොතපතින් පාඨ උපමා ආදර්ශාදිය උපුටා දක්වා තිබේ. ධර්ම කීර්ති ආර්යශූර චන්ද්රගොමි ආදී බෞද්ධ සංස්කෘත පඬිවරුන්ගේ කෘති මෙතුමාට ඉතා පුරුදු බව එයින් පැහැදිළි වේ. ශ්‍රී හර්ෂදි සංස්කෘත කවීන්ගේ කෘතිවලින් ද මේ පොතට නිදසුන් ගෙන තිබේ. ත්‍රිපිටක පෙළ අටුවා ප්රකරණ ග්රන්ථ රාශියක් ම මෙහිලා ආශ්රිත බව ප්‍රකට වේ. විශේෂයෙන් ම ජිනාලංකාරය හා එම වර්ණනාව මෙහි දී උදව් කර ගත් බව පෙනේ.
ධර්ම ප්‍රදීපිකාවෙන් පුරාතන සිංහල උගතුන්ගේ ග්රන්ථ ඥානය හා ස්මෘති ශක්තිය ප්‍රකට වේ. විශේෂයෙන් මෙහි පෙනෙන පරිකථා ගුරුළුගෝමීහු ධර්ම විශාරදත්වය එළි කරයි. සුළු කලිගු වැනි වැනුම් එතුමාගේ කවීත්වය පිළිබිඹු කරයි.
මෙහි භාෂා විලාසය මනහර ය. එහෙත් ප්‍රෞඪ ය. මෙය උගතුන් සඳහා ම ලියවූවක් හෙයින් සංස්කෘත තත්සම ශබ්ද බහුල වාක්‍ය සුලභ ය. පොළොන්නරු යුගයෙහි පෙළ, සකු රචනා විලාස දෙක වෙන වෙන ම ද එකට ද යෙදීම සිරිතකි. මෙහිදු ඒ බව පෙනේ.
සිංහල භාෂා ඉතිහාසය තුලන කර බලන්නන්ට ධර්ම ප්‍රදීපිකාව මඟ පාදයි. ධ. අ. ගැටපදයෙහි තරමට නැතත් මෙහිඳු අනේපිඬු - අනේවඩු, ඉපිද - උපන්, ගදෙළ - ගදකිළි, රසාල් - රසානල, වෙණෙඳ - වෙළෙඳ වැනි විකල්ප ප්‍රයෝග දක්නට ලැබේ.
කෙස්ධයින්, පධන් භූමියැ, බොපැකිධමුන් වැනි ඉපැරණි යෙදුම් ද මෙහි ඇත. ගොඩ, ටොකු, ළිප, ලියදි, පුටුව වැනි මෙකල පවා ප්‍රචලිත වචන ද එහි ඇත.
'ඇය ද ගෙ', 'ඔවුහු පවා මා බුදුහයි' ආදී යෙදුම් ද මෙහි පෙනේ. ධර්ම ප්‍රදීපිකාව ප්රශස්ත සංශෝධනයකට පත් කළේ රත්මලානේ ශ්‍රී ධර්මලොක, ශ්‍රී ධර්‍මමාරාම මාහිමි වරයන් දෙපොළ විසිනි. 1886 සිට කීපවරක් මෙය ශොධිත ය.
මේ සඳහා තැනූ පිරිවාර පොත්
ධර්ම ප්‍රදීපිකා විවරණය - යටිපහුවේ වෙධානන්‍ද
දෙවුන්දර ශ්‍රී සාහිත්‍ය කථා III - කොටහේනේ පඤ්ඤාකිත්ති
(කර්තෘ: කොටහේනේ පඤ්ඤාකිත්ති හිමි: 1956)
(සංස්කරණය නොකළ)
ධර්මප්රදීපිකාව
පාලි මහා බෝධි වංසයට ලියැවුණු පරිකථාවයි. මෙය මෙම කෘතියට ලියැවුණු තුන්වන පරිවාර ග්‍රන්ථය හැටියට සලකනු ලැබේ. සිඛවළඳ හා සිඛවළඳ විනිසත් පොළොන්නරු කතිකාවතත් හැරුණු විට ඉන් පසුව ලියවී ආ කිවාසගම් පොත හැටියට ධර්මප්රදීපිකාව ගිණිය හැකි ය. එක් විෂයයක් මුල් කොටගෙන පාලි වචන නොහොත් වාක්‍ය ඛණ්ඩ ගණයකට ලියූ විස්තර වර්ණනාවකි. මේ නිසා ධර්මප්රදීපිකාව පරීක්ෂාවක් වශයෙන් හඳුන්වනු ලැබේ.
ධර්මප්රදීපිකා කර්තෘ වශයෙන් හඳුන්වනු ලබන්නේ 12 වන සියවසේ අග භාගයේ හෝ 13 වන සියවසේ මුල් භාගයේ විසූ ප්‍රකට ගත්කතුවරයෙක් වූ ගුරුළුගෝමීන් ය. ග්රන්ථාවසානයේ පැනෙන “ගුරුළුගෝමීන් විසින් කරන ලද ධර්මප්රදීපිකා නම් මහා බෝධිවංස පරීක්ෂා නිමි” යන පාඨයෙන් කතුවරයාගේ නම පැහැදිළි වේ. මොහු කළ අනෙක් කෘතිය නම් අමාවතුරයි. මෙය ප්‍රථමයෙන් ම සාමාන්‍ය ජනයාගේ ප්‍රයෝජනය සඳහා ලියැවුණ පැරණි ම ග්‍රන්ථයයි.
පරිකථා යන්නෙන් විවිධ අර්ථ ගෙන දෙන්නේත් ධර්මප්රදීපිකා විෂයයෙහි මෙහි අරුත් ගෙන දෙන්නේත් වචනයක් වටා කෙරෙණ සවිස්තර සාකච්ඡාව යන අරුතයි. මහා බෝධිවංශ පරීක්ෂාව නැතහොත් ධර්මප්රදීපිකාව බිහිවීමත් සමඟ පාලි, සංස්කෘත ඉගෙනීම සඳහා එතෙක් වූ සන්න ගැටපද හා පදාර්ථ කථනවලට වඩා වැඩි දියුණු වූ පරිකථි අංශය ඇති වූ බව පෙනේ. එසේ වුව ද ධර්මප්රදීපිකාවෙන් පසු එය අනුගමනය කෙරෙමින් ලියවුණ වෙනත් පරිකථා ග්රන්ථයක් ගැන සිංහල ලේඛන ග්රන්ථ සම්ප්රදායයක් වශයෙන් කලක් නොපැවතුන බව නිගමනය කළ හැකි ය.
සන්න ගැටපද ආදියෙහි අර්ථකථනය කර ඇති ආකාරයෙන් පරිකථාවක ස්වරූපය වෙනස් වන ආකාරය ගැන සලකා බලන විට එය මෙලෙසින් විග්රහ කළ හැකි ය. ගැටපදයනට ලිහිල් අර්ථදීම හා ගැටළු සහිත නොතේරෙන පදයන්ට ශබ්ද ව්‍යුත්පත්ති නිදර්ශන චරිත කථාදිය දක්වමින් විස්තර ලිවීම ගැටපදයේ සිරිත වන අතර පරිකථාවෙන් කෙරෙන්නේ ලිවිය යුතු පදය ගෙන එයින් කියැවෙන සියලු ම විස්තර සැපයීමයි.
මහා බෝධි වංසයෙන් පරිකථාකරණයට අනුකූල පද 205ක් පමණ තෝරගෙන ඒවාට විස්තර සැපයීමෙන් ධර්මප්රදීපිකාව රචනා කළ බව පෙනේ. මෙලෙසින් වචන 205ක් පමණ තෝරාගැනීමට හේතුව කුමක්දැ'යි හරිහැටි නිශ්චය කළ නොහැකි ය. පරිකථාවේ මුල එක “තුන්මහා බෝධීන්ගේ වංශත්රයෙහි සහසුරශ්මීන් ව්‍යාක්ත පදයන් අතුරෙහි පරිකථානුකූල පද ගෙන වර්ණනා කරනු ලැබේ.” මෙයින් සහසුරශ්මී නම් ආචාර්යවරයෙකු විසින් මහා බෝධිවංශයෙහි පද බෙදන ලද බවත් ඉන් වචන 205ක් පමණක් බෝධිවංශ පරීක්ෂාවට තෝරා ගත් බවක් ඇතැම් අයගේ මතයයි.
ගුරුළුගෝමී පඬිවරයා ගැන පෞද්ගලික තොරතුරු විශේෂයෙන් සඳහන් වන ස්ථාන ඇත්තේ ඉතා මඳ වශයෙනි. ඔහු කාලිංගයෙන් පැමිණි පඬිවරයෙකු ලෙස ආචාර්ය්ය පරණවිතාන මහතා සළකයි. ඓතිහාසික වශයෙන් බලන කල ධර්මප්රදීපිකාව කළ කාලයෙහි කාලිංගයන්ගේ බලය තදින් බලපැවැත්වූ බව පෙනෙතත් ගුරුළුගෝමීන් එම වංශයට අයත් වූවෙක් දැ'යි යන්න සඳහා නිදසුන් නොමැති බව තවත් උගතුන් කොටසකගේ මතයයි. ධර්මප්රදීපිකාව හැර ගුරුළුගෝමීන් ගැන සඳහන් වන අනෙක් ස්ථාන දෙක නම් ඔහුගේ අනෙක් කෘති වන අමාවතුරත් සිදත් සඟරාවත් යන ග්රන්ථද්වයයි.
ධර්මප්රදීපිකාවට වැඩි වශයෙන් කරුණු උපුටා ගෙන ඇත්තේ ත්‍රිපිටකයට අයත් පෙළ අටුවා පොත්වලින් බව පෙනේ. තවත් පෝරාණ නමින් හැඳින්වෙන ග්රන්ථ කොට්ඨාසයකින් ඇතැම් කරුණු උපුටා දක්වා ඇති බව පෙනේ. එසේ වුව ද මෙම පෝරාණ ග්රන්ථ මොනවැදැ'යි නිසැකව ම දැනගත නොහැකි ය. මෙයින් අදහස් කරන්නේ ඇතැම් විට පැරණි සිංහල අටුවා හා වංසකථා ආදී ග්‍රන්ථයයි නිගමනය කළ හැකි ය. ඒ හැර බෞද්ධ සාහිත්‍යයේ එන සංස්කෘත පොතපතත් ගුරුළුගෝමීන් ඇසුරු කළ බව පෙනේ. ප්‍රමාණ වාර්තිකාව, සාරස්වතය ජානක මාලාව, හිතොපදේශය, බෝධිචය්යකාරය, ගණිතිය බන්දුගෝමීන්ගේ ශිෂ්‍ය ලේඛ්‍යය, රත්නාවලි නාට්‍යය යන මේවා මොහු ආශ්‍රය කළ සංස්කෘත ග්රන්ථවලින් සමහරෙකි.
ගුරුළුගෝමීන් අසදෘශ ගත්කතුවරයෙක් බව වඩා ප්‍රකට කරුණකි. සිංහල සාහිත්‍යයේ ඉහළ ස්ථානයක වැජඹෙන කෘති අතර ධර්මප්රදීපිකාවට අමාවතුරට විශේෂ ස්ථානයක් හිමි වන බව අවිවාදයෙන් පිළිගත යුතු කරුණකි. ධර්මප්රදීපිකාවෙන් ගුරුළුගෝමීන්ගේ විශාරදත්වය ඉතා පැහැදිළි ව පිළිබිඹු වේ. පාලි අටුවා ග්රන්ථයනුත් බෞද්ධ සාහිත්‍යයට ඇතුළත් සංස්කෘත පොතපතත් ගුරුළුගෝමීන් විසින් කොයිතරම් දුරට ආශ්‍රය කොට ගත්තේ දැයි ධර්මප්රදීපිකාව තුළින් පැහැදිලි වේ. හැම විට ම වාගේ පරිකථා සැපයීමේ දී පාලි සංස්කෘත පොතපතින් උපුටා ගත් පාඨයන් ඉදිරිපත් කර ඇති අතර ඒවායේ අරුත් ද ඉතා පැහැදිලි ලෙස ඉදිරිපත් කොට ඇත.
ගුරුළුගෝමීන් ධර්මප්රදීපිකා රචනයේ දී යොදා ගත් භාෂාව අමාවතුරෙහි යොදා ගත් භාෂාවට වඩා හාත්පසින් ම වෙනස් වූවකි. ධර්මප්රදීපිකා රචනයේ දී ඔහු සංස්කෘත මිශ්‍ර සිංහලය යොදා ගත් බව ග්‍රන්ථය පුරා ම පැහැදිළි ව පෙනේ. එක් තැනක වචනයක් වචනයක් පාසා පරිවර්තනයක යෙදුන ද එය පරිවර්තනයක් බව නොහැගෙන අයුරින් සාර්ථකව කර ඇති බව පෙනේ. සංස්කෘතයත් සිංහලත් මිශ්‍ර භාෂාවක් යොදා ගත් තැන් මෙන් ම සංස්කෘත හුරුවක් හෝ නොලබා ලියූ තැන් ද ධර්මප්රදීපිකා භාෂාවෙහි ඇත. හෙළබස් වහර ධර්මප්රදීපිකාවට තදින් වැද්දගත් තැනක් ලෙස ධර්මප්රදීපිකාවේ “දන්තපුරේ රාජා නුත්වා” යන්නට සැපයූ විස්තරය අඩංගු වන සුළුකළිඟු පුවත පිළිබඳ රචනාව හැඳින්විය හැකි ය. මෙහිදී එක ද සකු වහරක් නොපෙනෙනවා මෙන් ම මෙම රචනාව කිසියම් කාව්‍යමය ස්වරූපයක් ද උසුලයි. මේ ආකාරයෙන් තනි තනිව හෙළබස් වහරක් සකුබස්වහරත් යෙදෙන අවස්ථා හැර මේ දෙවර්ගය ම සම සමව යෙදෙන අවස්ථා ද මෙහි ඇතුළත් වේ. “182 උප්පබ්බජිත්වා” යන තන්හි ඔවුන් ගිහිකැරවූ පරිදි කීයෙද යත් යම් කළෙක්හි සොරහු බලවත් මුහුනම් රජහු දුර්වල වෙති. එකල්හි රජහට ද බ්‍රාහ්මණ ගෘහපතිකායනට ද සුව නොවෙයි. එසෙයින් ම යම් කලෙක්හි පාවි භික්ෂූහු බලවත් වූහු නම් පෙශල භික්ෂූහු දුර්වල වෙති. එකල්හි බොහෝ දිව්‍ය මනුෂ්‍යයනට අපාසු වේ.
මෙවැනි භාෂා ලක්ෂණ රචනා විලාශ සහ භාෂා ප්‍රයෝග ගැන විමසා බලන විට ධර්මප්රදීපිකාව වෙසෙසින් ම ලියා ඇත්තේ ආධුනික පිරිසක් සඳහා නොව වියත් වෘද්ධ ජනයා වෙත බව පිළිගත යුතු කරුණකි.
(කර්තෘ: රත්න කුමාරි සෝමවීර)
(සංස්කරණය නොකළ)
ධර්මප්රදීපිකාව
සිංහල සාහිත්‍ය ග්රන්ථයන් අතර ඇති ඉපැරණි වූත් උසස් වූත් ග්රන්ථයන් ගෙන් එකෙකි. ධර්මප්රදීපිකාව යනු, ධර්මමාර්ගය පෙන්වන ප්‍රදීපය (පහන)ක් වැනිය යන අරුතින් මේ ග්රන්ථයට දුන් විශේෂ නාමයෙකි. සාමාන්‍ය නාමය “මහා බෝධි වංශ පරිකථා” යනු ය. ග්‍රන්ථාරම්භයෙහි ලා “...ජයමහා බෝධිය තත්ප්රබව වූ ඵලරුහ මහා බෝධි යැ තදවයට වූ ශාඛාමහා බෝධිය යන තුන් මහා බෝධීන්ගේ වංශයෙහි සහසුරශමීන් විහකත පදයන් අතුරෙහි පරිකථානු කූල පද ගෙන වර්ණනා කරනු ලැබේ”යී කර්තෘ විසින් ම දී ඇති ප්රතිඥාවෙහිත් ග්‍රාමය අවසානයෙහි “ගුරුළු ගෝමීන් විසින් කරන ලද ධර්මප්රදීපිකා නම් මහා බෝධි වංශ පරිකථා නිමි” සඳහන් පාඨයෙහිත් ‘මහාබෝධිවංශ පරිකථා’ යන නාමය යෙදී තිබේ. ප්‍රතිඥා පාඨයෙහි “...තුන් මහා බෝධීන්ගේ වංශයෙහි” යන්නෙන් තුන්මහා බෝධීන් පිළිබඳ ඉතිහාස කථාව ලියැ වී ඇති “මහා බෝධි වංස” නම් පාලි ග්‍රන්ථයත් ‘සහස්ර රශ්මීන් විභකත පදයන් යන්නෙන් ඒ පොත පරිච්ඡේද දොළොසකට බෙදා ඇති බව භූතසංඛ්යානුකූලව හඟවන ලද බවත් විදුලකර පිරුවන්පතිව වැඩ විසූ සිරි දම්රම් හිමියෝ පළ කළහ. ‘සහසුරශමීන් විභකත පදයන්’ යන්නෙන් සැගැවූයේ මහා බෝධිවංසයේ පද විභාගය සහස්රරශ්මී නම් ඇදුරකු විසින් කරන ලද බව යැයි විදුදය පිරුවන්පති ව වැඩ විසූ සෝරත හිමියන් පවසති'ය සඳහන් කරන සිංහල සාහිත්‍ය වංශකාරයෝ ඒ පිළිබඳ ව සිය අදහස දක්වමින් ‘සංඛ්‍යා වාචක තන්හි සහස්ර රශ්මි සද දොළසක් කොට ගනී යයි ද ඊට හේතුව (සහස්රරශ්මීන්) හිරු අසුන් දොළසක් බැඳි රථයක ගමන් කිරීම යයි ද කියති. හිරුගේ රථයෙහි අත්තේ අසුන් සත් දෙනකුන් බවත් එහෙයින් හිරුට සප්තාශ්ව, සත්තුරඟ යන නම් යෙදී ඇති බවත් සිහි නොවූ සැටියෙකි. පරිකථා කිරීම නම් විස්තර විභාග විසින් අවබෝධ කටයුතු පද තෝරා ගෙන ඒවා පිළිබඳ අර්ථ, ධර්ම, නිරුක්ති, ව්‍යාකරණ, ශබ්ද ප්‍රයෝග මතාන්තර වශයෙන් නානා ග්රන්ථයන්හි සඳහන් කරුණු අළලා පරිපූර්ණ විස්තරයක් බැගින් ඉදිරිපත් කිරීම ය. මීට පෙර කැරුණේ සන්ය (සන්න) ගැටපද නමින් ගැටලු පදයන්ගේ අරුත් පහදාලීම පමණි. එබැවින් මේ ග්‍රන්ථය පරිකථා ග්රන්ථයන්හි ආදි ම ග්‍රන්ථය වන්නේ ය. සද්ධර්මය අවබෝධ කැරවීමෙහි ලා යහපත් මාර්ගය පෙන්වන පහනක් වැන්නේ ය. අරුතෙන් මේ ග්රන්ථයට ‘ධර්මප්රදීපිකා’ යන විශේෂ නාමය දුන් බවත් එනම බැබැළීමට පත්වේවා යන්න කතෘගේ ප්‍රාර්ථනාව වූ බවත් ග්‍රන්ථය අවසානයෙහි වූ
“ප්‍රකාශයන්ති සද්ධර්මං දීපයන්තිව සත්පථම්
විභාතු භානුවද්භානොරියං ධර්මප්රදීපිකා”
යන ශ්ලෝකයෙන් ප්‍රකාශ වෙයි. ධර්ම කථා, වංශ කථා, ආදිය පෙළ බසින් ලියැවෙන්නට වී කලක් ගිය පසු ඒ පොත්හි සඳහන් ඇතැම් පදයන්ගෙන් අපේක්ෂිතාර්ථයන් ඉදුරා අවබෝධ කර ගැනීම ඒ පොත් පරිශීලනය කළ සිංහල භික්ෂූන්හට අපහසු බව පෙනෙන්නට වීම මේ ග්‍රන්ථය කරන්නට හේතු වන්නට ඇත්තේ ය. කර්තෘ ගුරුළුගෝමීන් යැයි සඳහන් විණි. ඔවුන් කාගේ කවුරුන් ද කවර කලෙක කොහි සිටි කෙනකුක් ද කියැවෙන පැරැණි වාර්තාවෙක් නොලැබේ. ගුරුළුගෝමීන් යනු සංස්කෘත ග්රන්ථයන් හි ආචාර්ය්යවරයෙකු ගේ නාමය හැටියට සඳහන් ගරුඬ නාමයත් මහොපාසකාර්ථයෙහි වූ ‘ගොමීන්’ නාමයත් හෙළ බසට පෙරළා කියූ සැටියයි ද බු.ව. 1700 (ක්‍රි.ව. 1157) දී කැරී ඇති ජිනාලංකාර වණ්ණනාව ධර්මප්රදීපිකාවට ගුරු කොටගත් ග්රන්ථයක් බව පෙනීයාමත් දඹදෙණි පැරැකුම්බා රජුන් (බු.ව. 1779-1814 ත ක්‍රි.ව. 1236-1271) සමයෙහි ලියැවිණැයි සැලැකෙන සිදත් සඟරාවෙහි ගුරුළුගෝමී නම සඳහන් ව තිබීමත් නිසා ඔවුන් විසූ කාලය 17 වන 18 වන ශතවර්ෂ දෙකෙන් සම්බන්ධ අතර කාලයට සම්බන්ධ යැයි ද සිරි දම්රම් හිමියෝ නිගමනය කළහ. ගුරුළුගෝමීන් නමින් පමණක් වූ උපාසක කෙනකුන් නොව වචනාර්ථය පරිද්දෙන් ම වූ මහා ධර්මධර උපාසක කෙනකුන් බව පිළිගැනීමට මේ ධර්මප්රදීපිකාවෙන් පෙන්නා ඇති ධර්මඥානයම ප්‍රමාණ වෙයි. අර්ථරසය, පදරසය, ශබ්දරසය ලැබෙන සේ ඇතැම් තැනක දී 51. ජලමර දිවසාය මානාය - යන්නට වහරේ දවසක් බඳු වී කී ලෙසත් පාලිපදයට හෙළ පදයෙන් ම ද ඇතැම් තැනක දී 84. ජටිලානං අන්තොජටා ච බහිජටා ච විජටෙත්වා යන්නට ජටිල සහස්රයන්ගේ අන්තජීටා ද බහිජීටා ද විධවංසන කොළෝ” කී ලෙසින් පාලි පදයට සකු පදයෙන් ම ද ඇතැම් තැනක දී හෙළ සකු පද මිශ්රණයේන ද කර තිබෙන පරිකථාවන් ගෙන් පෙනෙන්නේ ගුරුළුගෝමීන හට හෙළු පාලි සංස්කෘත යන බසකින් කවරක් වුව ද ඔදවත් ලෙස තෙදවත් ලෙස හැසිරවිය හැකි ආශ්චර්ය්යවත් ප්‍රතිභානයක් තිබුණු බවය. ඔහුගේ ම කෘතියක් වන අමාවතුර අග යොදා ඇති
“බුදු ගුණ මුත් තෙපුල් - මෙත් බහාවුන් මුත් සිත්
නොවේවා කෙණෙකිහ්දු - පරවැඩ මුත් පියෝ මා”
යන ගීයෙනුත් මේ ග්රන්ථයෙහි අගට යොදා ඇති ශ්ලෝකයෙනුත් ගුරුළුගෝමීන් ඉහත සඳහන් භාෂාවන් ගෙන් පද්‍ය බන්ධයනට කිරීම මඟින් මහත් සාමාත්ථ්යෙයක් ඇති ව සිටි ශ්‍රේෂ්ඨ කිවියකු වූ බව හෙළිවන්නේ ය. 1915 මුද්‍රිත ධර්මප්රදීපිකාවෙහි පිටු සතක් පුරා දිවෙන සේ ‘දන්තපුරෙ හුත්වා’ යන 146 වන පදයට කර ඇති පරිකථාව කර ඇත්තේ තනි හෙළ බසිනි, හෙළුවෙනි. එය හෙළ බසින් කළ උසස් ම රසයනයක් ලෙස සැලැකෙතත් එහි බැස සිටුනා හෙළුව කාලිංග හෙළුව නමින් වෙසෙසක් කොට හඳුන්වනු ලැබේ. ඉන් කියැවෙන කතාව කාලිංග කුමාරයන් පිළිබඳ වූ බැවින් කීයේ යැයි සිතිය හෙන ඒ හැඳින්නීම අද සිටින හෙළබස් මහ ඇදුරන්ගේ පවා හිස් බමවන යෙදුම් ඇති නිසා දෝ කාලිංගයකු සේ හඳුන්වනු ඇසේ. බහුගේ ජාතිය කවරක් වුව ද හෙළබස නොපිරිහිය දී පවත්වා ගෙන යාමට ඉතා වැඩ දායක වන ඔහුගේ හෙළබස් වහර ගුරුළුගෝමී යන නම සිංහලයන් අතර සදා පැවැතීමට හේතුවන බව කිව යුතුය.
අභි සම්බොධි කථා, ආනන්ද බොධි කථා, දසබල පරිනිබ්බාන කථා, පඨම සංගීති කථා, දුතිය සංගීති කථා, තතිය සංගීති කථා, ලංකාවතරණ කථා, නගරප්ප නගරප්පවෙසන කථා, මහා විහාර පටිග්ගහණ කථා, චෙතියගිරි විහාර පටිග්හණ කථා, ධාත්වාගමන කථා, දුමින්දාගමන කථා යි පරිචේඡද දොළොසකට බෙදා තිබෙන ධර්මප්රදීපිකාවට පරිකථා කීම පිණිස ගෙන ඇති පද ගණන 205 කි. අභිසංබොධි කථා නම් වූ ප්‍රථම පරිචෙඡදයෙහි ඉන් 71 ක් ද, ආනන්දබෝධි කථා නම් වූ ද්විතීය පරිචෙඡදයෙහි 81ක් ද, අවශේෂ පරිචෙඡදයන්හි පිළිවෙළින් 9, 8, 6, 8, 3, 4, 4, 1, 2, 7 බැගින් ද ග්රන්ථ සමාප්තිය කීමෙහි ලා 1 ක් ද වෙයි. විද්‍යාලංකාර පිරිවෙණාධිපති ශ්‍රී ධර්මරාම නායක හිමියන්ගේ සංස්කරණයෙන් යුතුව ප්‍රථම වරට ධර්මප්රදීපිකාව 1886 දී මුද්‍රණයෙන් ප්‍රකාශයට පැමිණියේ ය. 1915 දී ප්‍රකාශයට පැමිණ ඇති එහි තෙවන මුද්‍රණයෙහි පිටු 323කි. හෙළ බසෙහි ප්‍රයෝග, ව්‍යාකරණ රීති, පද සාධන ක්‍රම, අර්ථකථන, බුදුගුණ, ඇතැම් දහම් කොටස්, ධර්මානිසංස සහ ලංකාවේ ඉපැරණි ඉතිහාස කරුණු, ජය ශ්‍රී මහා බෝධිය, මහාවිහාරය ඇතුළු අනුරාධපුර පැරණි සිද්ධස්ථාන පිළිබඳ තොරතුරු පිරික්සන්නන් හට මේ ග්‍රන්ථයෙන් ලැබිය හැකි වන ප්‍රයෝජන අනල්ප ය.
(කර්තෘ: ඩී.සී. දිසානායක: 1967)
(සංස්කරණය නොකළ)