"අල් අස්මයී" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(740–828). අරාබි ජාතික සුප්‍රසිද්ධ ශබ්ද ශාස්ත්‍රඥය...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
(නොපෙන්වන එම පරිශීලකයා මගින් අතරමැදි සංස්කරණ 3ක්) | |||
1 පේළිය: | 1 පේළිය: | ||
− | (740–828). අරාබි ජාතික සුප්‍රසිද්ධ ශබ්ද ශාස්ත්‍රඥයන්ගෙන් කෙනෙකි.ඔහුගේ උත්පත්තිය සිදුවූයේ ක්‍රි.ව.740 දී බස්රා නගරයේ දීය.අල් අස්මා නමැති ස්වකීය මුත්තණු කෙනකුගේ නම යොදා ගැනීමෙන් හෙතෙමේ 'අල් | + | (අබු සෙයිද් අබ්න් අල් මාලික් බින් කුරයිබ්). (740–828). අරාබි ජාතික සුප්‍රසිද්ධ ශබ්ද ශාස්ත්‍රඥයන්ගෙන් කෙනෙකි. ඔහුගේ උත්පත්තිය සිදුවූයේ ක්‍රි.ව. 740 දී බස්රා නගරයේ දීය. අල් අස්මා නමැති ස්වකීය මුත්තණු කෙනකුගේ නම යොදා ගැනීමෙන් හෙතෙමේ 'අල් අස්මයී' නමින් ප්‍රකට විය. බාල කාලයෙහි දිළිඳු ජීවිතයක් ගත කළ අල් අස්මයී ඉතා උනන්දුවෙන් ඉගෙනීමෙහි යෙදුණේය. ඉන්පසු ගුරු වෘත්තියෙහි යෙදුණු හෙතෙමේ විශිෂ්ට ශිෂ්‍ය පිරිසක් ඇති කළේය. කාන්තාර ප්‍රදේශ වාසභූමි කොට ගත් ජනයා අතර ව්‍යවහාර වූ භාෂා පිළිබඳ විශේෂ අවබෝධයක් ඇති කර ගත් හෙතෙමේ එකල පැවති විවිධ ශාස්ත්‍රයන් පිළිබඳ පුළුල් දැනීමක් ද ලබා ගත්තේය. කවියකු හා ශබ්දශාස්ත්‍රඥයකු වශයෙන් ඔහුට ලැබී තිබුණේ එකල විසූ අනිකුත් උගතුන්ට වඩා උසස් තැනකි. ඔහුගේ පාණ්ඩිත්‍යය ගැන ඇසූ හරූන් අල් රෂීද් රජ (786-809) තම පුත් අල් අමීන් කුමාරයාගේ ගුරුවරයා හැටියට ඔහු පත් කර රාජ සභාවට ද ඇතුළත් කර ගත්තේය. ඔහු අතින් ලියැවුණු ග්‍රන්ථ රාශියකි. ඉන් සමහරක් පසු කාලයෙහි ඇති වූ උගතුන්ට උපදේශක ග්‍රන්ථ වශයෙන් ප්‍රයෝජනවත් විය. ඔහුගේ ග්‍රන්ථයන්ගෙන් උපුටාගත් පාඨ අරාබි ග්‍රන්ථයන්හි නොයෙක්විට දක්නා ලැබේ. අරාබිවරුන්ගේ දීවාන් කාව්‍යයන්ගෙන් බොහෝ ගණනක් ද ආරක්ෂා වූයේ අල් අස්මයී නිසාය. කිතාබු’ල් ඉබිල් (ඔටුවන් පිළිබඳ පොත), කිතාබු'ල් ඛයිල් (අශ්වයන් පිළිබඳ පොත) සහ කිතාබු ඛල්කි’ල් ඉන්සාන් (මිනිස් නිර්මාණය පිළිබඳ පොත) ඔහුගේ නිබන්ධනයන්ගෙන් සමහරකි. ඔහුගේ මරණය සිදුවූයේ ක්‍රි.ව. 828 දී බස්රා නගරයෙහි දී ය. |
(සංස්කරණය: 1965) | (සංස්කරණය: 1965) |
15:16, 11 පෙබරවාරි 2025 වන විට නවතම සංශෝධනය
(අබු සෙයිද් අබ්න් අල් මාලික් බින් කුරයිබ්). (740–828). අරාබි ජාතික සුප්‍රසිද්ධ ශබ්ද ශාස්ත්‍රඥයන්ගෙන් කෙනෙකි. ඔහුගේ උත්පත්තිය සිදුවූයේ ක්‍රි.ව. 740 දී බස්රා නගරයේ දීය. අල් අස්මා නමැති ස්වකීය මුත්තණු කෙනකුගේ නම යොදා ගැනීමෙන් හෙතෙමේ 'අල් අස්මයී' නමින් ප්‍රකට විය. බාල කාලයෙහි දිළිඳු ජීවිතයක් ගත කළ අල් අස්මයී ඉතා උනන්දුවෙන් ඉගෙනීමෙහි යෙදුණේය. ඉන්පසු ගුරු වෘත්තියෙහි යෙදුණු හෙතෙමේ විශිෂ්ට ශිෂ්‍ය පිරිසක් ඇති කළේය. කාන්තාර ප්‍රදේශ වාසභූමි කොට ගත් ජනයා අතර ව්‍යවහාර වූ භාෂා පිළිබඳ විශේෂ අවබෝධයක් ඇති කර ගත් හෙතෙමේ එකල පැවති විවිධ ශාස්ත්‍රයන් පිළිබඳ පුළුල් දැනීමක් ද ලබා ගත්තේය. කවියකු හා ශබ්දශාස්ත්‍රඥයකු වශයෙන් ඔහුට ලැබී තිබුණේ එකල විසූ අනිකුත් උගතුන්ට වඩා උසස් තැනකි. ඔහුගේ පාණ්ඩිත්‍යය ගැන ඇසූ හරූන් අල් රෂීද් රජ (786-809) තම පුත් අල් අමීන් කුමාරයාගේ ගුරුවරයා හැටියට ඔහු පත් කර රාජ සභාවට ද ඇතුළත් කර ගත්තේය. ඔහු අතින් ලියැවුණු ග්‍රන්ථ රාශියකි. ඉන් සමහරක් පසු කාලයෙහි ඇති වූ උගතුන්ට උපදේශක ග්‍රන්ථ වශයෙන් ප්‍රයෝජනවත් විය. ඔහුගේ ග්‍රන්ථයන්ගෙන් උපුටාගත් පාඨ අරාබි ග්‍රන්ථයන්හි නොයෙක්විට දක්නා ලැබේ. අරාබිවරුන්ගේ දීවාන් කාව්‍යයන්ගෙන් බොහෝ ගණනක් ද ආරක්ෂා වූයේ අල් අස්මයී නිසාය. කිතාබු’ල් ඉබිල් (ඔටුවන් පිළිබඳ පොත), කිතාබු'ල් ඛයිල් (අශ්වයන් පිළිබඳ පොත) සහ කිතාබු ඛල්කි’ල් ඉන්සාන් (මිනිස් නිර්මාණය පිළිබඳ පොත) ඔහුගේ නිබන්ධනයන්ගෙන් සමහරකි. ඔහුගේ මරණය සිදුවූයේ ක්‍රි.ව. 828 දී බස්රා නගරයෙහි දී ය.
(සංස්කරණය: 1965)