"අහරකුක්කා" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(හරකුක්කා) [නාට්‍රික්ස් ස්ටො- ලාටා-Natrix stolata L. (Rhabdophis sto...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| (නොපෙන්වන එම පරිශීලකයා මගින් අතරමැදි සංස්කරණ 2ක්) | |||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | (හරකුක්කා) [නාට්‍රික්ස් | + | [[ගොනුව:CamScanner 10-30-2023 10.06 11.jpg|right|350px]](හරකුක්කා) [නාට්‍රික්ස් ස්ටොලාටා-Natrix stolata L. (Rhabdophis stolata)]. ගොඩබිම වසන අඩි 1½ක් හෝ 2ක් පමණ දිග අහිංසක සර්පයෙකි. ඌට තරමක් පැතලි හිසක් ද දිග බෙල්ලක් ද තිබේ. උගේ ඇස් විශාලය; කනීනිකාව (pupil) වටකුරුය. ඌ සාමාන්‍යයෙන් ගුරු පාටට හුරුය; ඇඟෙහි හරස් අතට වැටුණු කළු වයිරම් රාශියකින් යුක්තය. මේ වයිරම් කැපී යන පරිදි දික් අතට වැටුණු ඉරි දෙක බැගින් දෑළෙහි තිබේ. උගේ උඩුපිට තිබෙන කොරළ දාර සහිතය. |
ඌ භය වූ විට බෙල්ල පැතලි කොට කර ඔසවා සිටී. එහෙත් දෂ්ටකරන්නේ කලාතුරකිනි. පායන කාලයේ දී ගිම්හානතරණයට (aestivation) යන අහරකුක්කා බහුලව දක්නට ලැබෙන්නේ මෝසම් වැසි පටන්ගැනීමෙන් පසුය. අහරකුක්කාගේ බිත්තර අඟලකට වඩා දිගය, දිගටිය. බිත්තර 5ක් 6ක් ඇති එකට ඇලුණු පොකුරු වශයෙන් ඒවා දක්නට ලැබේ. උගේ ආහාරය වැඩි කොට ම මැඩියෝය. ලංකාව, ඉන්දියාව, බුරුමය, ඉන්දු චීනය, අන්දමන් දුපත් ආදී රටවල ඌ වාසය කරයි. ලංකාවෙහි ඌ හමුවන්නේ අඩි 5,600න් පහළ ප්රදේශවලය. | ඌ භය වූ විට බෙල්ල පැතලි කොට කර ඔසවා සිටී. එහෙත් දෂ්ටකරන්නේ කලාතුරකිනි. පායන කාලයේ දී ගිම්හානතරණයට (aestivation) යන අහරකුක්කා බහුලව දක්නට ලැබෙන්නේ මෝසම් වැසි පටන්ගැනීමෙන් පසුය. අහරකුක්කාගේ බිත්තර අඟලකට වඩා දිගය, දිගටිය. බිත්තර 5ක් 6ක් ඇති එකට ඇලුණු පොකුරු වශයෙන් ඒවා දක්නට ලැබේ. උගේ ආහාරය වැඩි කොට ම මැඩියෝය. ලංකාව, ඉන්දියාව, බුරුමය, ඉන්දු චීනය, අන්දමන් දුපත් ආදී රටවල ඌ වාසය කරයි. ලංකාවෙහි ඌ හමුවන්නේ අඩි 5,600න් පහළ ප්රදේශවලය. | ||
15:38, 10 මාර්තු 2025 වන විට නවතම සංශෝධනය
(හරකුක්කා) [නාට්‍රික්ස් ස්ටොලාටා-Natrix stolata L. (Rhabdophis stolata)]. ගොඩබිම වසන අඩි 1½ක් හෝ 2ක් පමණ දිග අහිංසක සර්පයෙකි. ඌට තරමක් පැතලි හිසක් ද දිග බෙල්ලක් ද තිබේ. උගේ ඇස් විශාලය; කනීනිකාව (pupil) වටකුරුය. ඌ සාමාන්‍යයෙන් ගුරු පාටට හුරුය; ඇඟෙහි හරස් අතට වැටුණු කළු වයිරම් රාශියකින් යුක්තය. මේ වයිරම් කැපී යන පරිදි දික් අතට වැටුණු ඉරි දෙක බැගින් දෑළෙහි තිබේ. උගේ උඩුපිට තිබෙන කොරළ දාර සහිතය.ඌ භය වූ විට බෙල්ල පැතලි කොට කර ඔසවා සිටී. එහෙත් දෂ්ටකරන්නේ කලාතුරකිනි. පායන කාලයේ දී ගිම්හානතරණයට (aestivation) යන අහරකුක්කා බහුලව දක්නට ලැබෙන්නේ මෝසම් වැසි පටන්ගැනීමෙන් පසුය. අහරකුක්කාගේ බිත්තර අඟලකට වඩා දිගය, දිගටිය. බිත්තර 5ක් 6ක් ඇති එකට ඇලුණු පොකුරු වශයෙන් ඒවා දක්නට ලැබේ. උගේ ආහාරය වැඩි කොට ම මැඩියෝය. ලංකාව, ඉන්දියාව, බුරුමය, ඉන්දු චීනය, අන්දමන් දුපත් ආදී රටවල ඌ වාසය කරයි. ලංකාවෙහි ඌ හමුවන්නේ අඩි 5,600න් පහළ ප්රදේශවලය.
(සංස්කරණය: 1965)
